කාන්තා ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් වෙයි

Women's Asia Cup 2024

97

මෙම වසරේ ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු නියමිත කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළිදක්වා තිබෙනවා.

එළඹෙන ජුලි මස 19 සිට 28 වැනි දා තෙක් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ද ඇතුළුව කණ්ඩායම් අටක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම කණ්ඩායම් කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ දී තරග වැදීමට නියමිතයි.

මෙහි දී ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය A කාණ්ඩය යටතේ තරග වදින අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය මැලේසියාව සහ තායිලන්තය B කාණ්ඩය යටතේ තරග වදිනු ඇති.

මූලික වටයේ දී එක් එක් කාණ්ඩවල පෙරමුණට පැමිණෙන කණ්ඩායම් දෙක බැඟින් තරගාවලියේ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලැබීමට නියමිතයි.

ACC Women’s Asia Cup 2024 – Dambulla, Sri Lanka
දිනය Date Match
සිකුරාදා 19-Jul පාකිස්තානය vs නේපාලය  

 

 

ඉන්දියාව vs එක්සත් අරාබි එමීර්
සෙනසුරාදා 20-Jul මැලේසියාව vs තායිලන්තය ශ්‍රී ලංකාව vs බංග්ලාදේශය
ඉරිදා 21-Jul නේපාලය vs එක්සත් අරාබි එමීර් ඉන්දියාව vs පාකිස්තානය
සඳුදා 22-Jul ශ්‍රී ලංකාව vs මැලේසියාව  

 

 

බංග්ලාදේශය vs තායිලන්තය
අඟහරුවාදා 23-Jul පාකිස්තානය vs එක්සත් අරාබි එමීර් ඉන්දියාව vs නේපාලය
බදාදා 24-Jul බංග්ලාදේශය vs මැලේසියාව ශ්‍රී ලංකාව vs තායිලන්තය
බ්‍රහස්පතින්ද 25-Jul Break Day
සිකුරාදා 26-Jul SF1 (Group A 1st) vs (Group B

2nd)

SF2 (Group B 1st) vs (Group A

2nd)

සෙනසුරාදා 27-Jul Break Day
ඉරිදා 28-Jul අවසන් මහා තරගය

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.