දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අනතුරේ?

9096

දකුණු අප්‍රිකාව සහභාගී වීමට නියමිතව තිබූ ඕස්ට්‍රේලියා සංචාරයේ එක්දින තරගාවලියෙන් දකුණු අප්‍රිකාව ඉවත් වූ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගිය බදාදා (ජූලි 13) නිවේදනය කර තිබුණා.

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලිය 2023 වසරේ ජනවාරි 12 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.

පසුගිය මාසයේ දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසින් එක්දින තරගවල දින මාරු කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් ස්ථීර කරන ලද ජාත්‍යන්තර දින දර්ශනය සමඟ එම තරගාවලිය නැවත පැවැත්වීමට ඉඩක් තිබුණේ නැහැ.

තරගාවලියෙන් ඉවත් වීමත් සමඟින් දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඕස්ට්‍රේලියාවට තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු ලබා දීමට එකඟ වී ඇති අතර, එය දැනට පැවැත්වෙන ICC සුපර් ලීග් තරගාවලියේ කොටසක් ද වීමට නියමිතව තිබුණා.

මෙම තීරණය 2023 ඉන්දියාවේ පැවැත්වෙන පන්දුවාර 50 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාවේ අවස්ථාවට දැඩි ලෙස හානි පමුණුවන බව වාර්තා වනවා.

දකුණු අප්‍රිකාවට ජනවාරි මාසයේ පැවැත්වෙන එක්දින තරගාවලියට තරග කිරීමට නොහැකි වීම කනගාටුවට කරුණක්”, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි Nick Hockley නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඒ අනුව, Boxing Day තරගය සහ අලුත් අවුරුදු ටෙස්ට් තරග ඇතුළුව ගිම්හානය මුළුල්ලේ ඕස්ට්‍රේලියාව පුරා පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ කාලසටහන සමඟින් ටෙස්ට් තුනකින් සමන්විත තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාවට සත්කාරකත්වය දැක්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා.

මෙයට ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය සහ පිරිමි සහ කාන්තා ජාත්‍යන්තර තරගාවලි සඳහා වාර්තාගත ලෙස සංචාරක කණ්ඩායම් හයක් පැමිණීමට නියමිත වනවා. ඒ වගේම BBL හි දොළොස් වැනි අදියර සහ WBBL හි අටවැනි අදියර ඇතුළත් වෙනවා. ඒ වගේම අපි ප්‍රේක්ෂකයින් නැවත ක්‍රීඩාංගණ වෙත පැමිණෙන තෙක් බලාගෙන ඉන්නවා.”

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Pholetsi Moseki අදහස් දක්වා තිබුණා.

“දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විදිහට අපි සෑම විටම සිය ද්විපාර්ශ්වික තරගාවලිවලට ගරු කරනවා. ඒ වගේම අපි අනාගත සංචාර වැඩසටහන් සම්බන්ධයෙන් එහි කාලසටහනකට ගරු කිරීමට කැප වී සිටිනවා. නමුත් සමහර විට අනපේක්ෂිත තත්වයන් ඇති වෙන්න පුළුවන්.

ඕස්ට්‍රේලියා සංචාරය සම්බන්ධයෙන් අපි තරගාවලිය නැවත පවත්වන්න පුළුවන් කාලසීමාවක් ගැන සාකච්ඡා කිරීමට මාස කිහිපයකට පෙර ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සමඟින් සාකච්ඡා කළා. අපි ඒ සඳහා විකල්ප හතරක් ඉදිරිපත් කළා. අවාසනාවකට වගේ අපගේ බලාපොරොත්තු සුන්වුනා. අපේ යෝජනා කිසිවකට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට එකඟ වෙන්න නොහැකි වුනා.”

දකුණු අප්‍රිකාව විසින් කරපු ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවට ලකුණු ප්‍රදානය කිරීමට ICC එකඟ වුනා. මේ තීරණාත්මක ලකුණු අහිමි වීම ගැන අපි කනගාටු වනවා. මේ වෙද්දී හොඳ රිද්මයක ඉන්න අපේ කණ්ඩායම තරගාවලියේ ඉතිරි තරග හරහා ලෝක කුසලානයට ස්වයංක්‍රීය සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලකුණු ලබා ගන්නා බව අපට විශ්වාසයි.”

මෙම තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට දුෂ්කර එකක් වුනා. නමුත් අපගේ නව විස්සයි විස්ස තරග රටාවේ දිගුකාලීන තිරසාරභාවය සඳහා අපි දකුණු අප්‍රිකානු දින දර්ශනයට එකතු කළ ආකර්ෂණීය දේශීය තරගාවලියේ ප්‍රධාන අරමුණ ලෝක කුසලානයට අපගේ සියලුම දේශීය ක්‍රීඩකයින් සූදානම් කිරීමයි.”

“Melbourne සහ Sydney හි පැවැත්වෙන Boxing Day සහ New Year’s Test තරග ඇතුළුව ටෙස්ට් තරගාවලියේ සිත් ඇදගන්නාසුළු තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් සත්කාරකත්වය ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා”, Moseki පවසා සිටියා.

දකුණු අප්‍රිකාව එක්දින තරගාවලියෙන් ඉවත් වීමත් සමඟ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ පාකිස්තානයට එරෙහිව තම මව්බිමේ දී පැවැත්වීමට තිබූ තරගවල ක්‍රීඩාංගණ කීපයක් මාරු කර තිබෙනවා.

  • ඔක්තෝබර් 7: Dettol කුසලාන බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලිය The Gabba, Brisbane | පෙර Metricon Stadium
  • ඔක්තෝබර් 9: Dettol කුසලාන එංගලන්තය විස්සයි විස්ස තරගාවලිය Perth Stadium | පෙර The Gabba
  • ජනවාරි 26: CommBank කුසලාන පකිස්ථාන කාන්තා විස්සයි විස්ස තරගාවලිය Blundstone Arena | පෙර Manuka Oval

Cricbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<