Greys ක්‍රීඩිකාවන් අපරාජිතවම අවසන් මහා තරගයට

කාන්තා සුපිරි කණ්ඩායම් හතරේ ක්‍රිකට් තරගාවලිය 2022

359

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් හතරේ තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය Greys සහ Reds අතර අද (23) කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

එම තරගයෙන් ලකුණු 48ක ජයක් ලබා ගත් හර්ශිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් Greys කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

කාසියේ වාසිය දිනූ Greys පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 44ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 204ක් ලබා ගත්තා. එහි දී හර්ෂිතා පන්දු 124ක් තුල 4 පහර 9ක් එල්ල කරමින් ලකුණු 78ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුනා.

පන්දුවාර 13කුත් පන්දුවක් අවසානයේ ලකුණු 51කට කඩුලු 2ක් දැවී තිබිය දී හර්ශිතා සහ හංසිමා එක්ව ලකුණු 108ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ ඉනිමට යම් ජීවයක් එක් කළ අතර හර්ශිතා හට අනගි සහයක් ලබා දුන් හංසිමා ලකුණු 55ක් ලබා ගත්තා.

පන්දු 61ක් තුල වාර්තා වූ ඇයගේ ඉනිම 4 පහර 5කින් වර්ණවත් වුනා. ඉමල්කා මෙන්ඩිස් ලකුණු 22යි. පන්දු යැවීමේ දී රශ්මි සිල්වා ලකුණු 46කට කඩුලු 4ක් දවා ගන්නා විට, සුලේෂා සත්සරණී ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 203ක තරගකාරී සහ අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය Greens ක්‍රීඩිකාවන් ද පළමු කඩුලු දෙක තුල ලකුණු 64ක් ලබා ගත්තා. ඒ පන්දුවාර 18කුත් පන්දු 2ක් වැය කරමින්.

කෙසේ නමුත් ඉනිමේ අවසන් පන්දු 190 තුල කඩුලු 6ක් දැවී Greens ක්‍රීඩිකාවන් හට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 92ක් පමණයි.

ඒ නිසාවෙන් ලකුණු 46කින් මේ තරගය පරාජයට පත්වීමට ඔවුන්ට සිදුවුණු අතර පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන විට ඉනෝෂි ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගනිමින් Greens පිතිකාරිනියන් පාලනය කළා.

Greens ආරම්භක පිතිකාරිනි හසිනි පන්දු 81ක් තුල 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 50ක් ලබා ගන්නා විට, අනුෂ්කා සංජීවනී සහ උදේශිකා ප්‍රබෝධනී පිළිවෙළින් ලකුණු 27ක් සහ ලකුණු 26*ක් ලබා ගත් නමුත් එම ලකුණු ප්‍රමාණයන් සහ ඔවුන්ගේ පිතිකරණ ප්‍රහාරාත්මක වේගය මේ තරගය තුල Greens ජය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

SLC Greys – 202 (46): හර්ශිතා සමරවික්‍රම 78, හංසිමා කරුණාරත්න 55, රශ්මි සිල්වා 4/46, සුලේෂා සත්සරණී 3/23.

SLC Greens – 156/8 (50): හසිනි පෙරේරා 50, අනුෂ්කා සංජීවනී 27, උදේශිකා ප්‍රබෝධනී 26*, ඉනෝකා රණවීර 3/32, ඉනෝෂි ප්‍රනාන්දු 2/17.

Greys කණ්ඩායමට ලකුණු 46ක ජයක්

තරගාවලියේ අවසන් මහා තරගය SLC Greys සහ SLC Reds අතර අනිද්දා (25) BRC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<