Home Sinhala Dambulla Aura ජයග්‍රහණය අපතේ යයි

Dambulla Aura ජයග්‍රහණය අපතේ යයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

220
Galle Gladiators vs Dambulla Aura

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (20) Galle Gladiators සහ Dambulla Aura අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට Aura සමත් වුවත් දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව පළමු කණ්ඩායම් හතර අතරට පිවිසෙන්නට ඔවුන්ට හැකි වුනේ නැහැ.

කණ්ඩායම් දෙකම වෙනස්කම් හතර බැගින් සිදු කරමින් මේ තීරණාත්මක තරගය වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනා. එහි දී Aura නිත්‍ය නායක දසුන් ශානක (ආබාධයක් නිසා), කලන පෙරේරා, රවිඳු ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ වෙනුවට ලසිත් කෘස්පුල්ලේ, චමිඳු වික්‍රමසිංහ ලහිරු මදුසංක සහ සචිත ජයතිලක කණ්ඩායමට කැඳවා තිබුණා.

එසේම Gladiators කණ්ඩායම Azam Khan, ඕෂද ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති සහ නිපුන් මාලිංග මේ තරගය සඳහා කැඳවා තිබුණේ ලහිරු උදාර, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන් සහ Iftikhar Ahmed වෙනුවටයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators XI: Thanuka Dabare, Kusal Mendis (c), Azam Khan Asad Shafiq, Nuwanidu Fernando, Oshada Fernando, Imad Wasim, Wahab Riaz, Nipun Malinga, Nimesh Vimukuthi, Nuwan Thushara
  • Dambulla Aura XI: Jordan Cox, Shevon Daniel, Lasith Croospulle, , Sikandar Raza, Sachitha Jayathilake, Mathew Forde, Noor Ahmad, Dilum Sudeera, Pramod Madushan

කාසියේ වාසිය දිනා ගත් Gladiators නායක මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තා.

ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 32ක් තුල බිඳ වැටුණු නමුත් ඉනිමේ මැදපෙළ ස්ථාවර කරමින් සිය දස්කම් මනාව විහිදුවාලූ නුවනිඳු පන්දු 42ක් තුල නොදැවී ලකුණු 63*ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සුපිරි ප්‍රහාරයක් දියත් කළා. ඔහුගේ එම සටන්කාමී ඉනිම 4 පහර 3කින් සහ 6 පහර 5කින් වර්ණවත් වුනා.

පන්දු යැවීමේ දී 20 හැවිරිදි Forde නියමිත පන්දුවාර 4 ලකුණු 11කට සීමා කරමින් කඩුලු 4ක් දවාගෙන දක්ෂ පන්දු යැවීමක නිරත වුනා.

Play off වටයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් Aura කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණයම පමණක් ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ වෙනුවෙන් පන්දුවාර 11කුත් එක් පන්දුවක් තුල Gladiators විසින් ලබා දුන් ලකුණු 130 ඉලක්කය හඹා යා යුතුව තිබුණා.

ඔවුන්ගේ පළමු කඩුලු 2 ලකුණු 11ක් තුල බිඳ වැටී තිබිය දී Cox සහ Forde එක්ව පන්දු 41ක් තුල ලකුණු 79ක සබඳතාවයක් ගොඩනංවමින් තරගය උණුසුම් තැනකට රැගෙන ආ නමුත් විමුක්ති ලකුණු 34ක් ලබාගෙන සිටි Coxගේ කඩුල්ල දවා ගනිමින් එම සබඳතාවය බිඳ දැමුවා.

ඉන්පසුව Aura කණ්ඩායමට ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය දල ලකුණු ලබා ගැනීමේ වේගය රඳවා ගැනීමට හැකි නොවූ නමුත්, ඔවුන් සිය ජයග්‍රහණය ලබා ගත්තා.

පන්දු යැවීමෙන් සහ පිතිකරණයෙන් දස්කම් දැක්වූ Frode පන්දු 30ක් තුල වේගවත් ලකුණු 52ක් ලබා ගනිමින් දස්කම් දැක්වූවා. ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිම නිසාවෙන් මේ තරගය ඉතාමත් උණුසුම් වුනු අතර ඔහුගේ එම මනරම් ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 2කින් හැඩගැන්වුනා.

අවසානයේ දී Aura පන්දුවාර 14කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 6ක් දැවී සිය ඉලක්කය ලබා ගත්තා. පන්දු යැවීමේ දී තුෂාර සහ Wasim අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

Result


Galle Gladiators
129/8 (20)

Dambulla Aura
134/6 (14.2)

Batsmen R B 4s 6s SR
Thanuka Dabare c Lahiru Madushanka b Matthew Forde 7 12 1 0 58.33
Kusal Mendis c Sikandar Raza b Matthew Forde 17 15 2 0 113.33
Oshada Fernando lbw b Matthew Forde 0 1 0 0 0.00
Asad Shafiq c Matthew Forde b Lahiru Madushanka 6 8 1 0 75.00
Azam Khan b Dilum Sudeera 15 21 0 1 71.43
Nuwanidu Fernando not out 63 42 3 5 150.00
Imad Wasim c Sikandar Raza b Noor Ahmad  3 7 0 0 42.86
Nimesh Vimukthi lbw b Sikandar Raza 5 5 0 0 100.00
Wahab Riaz c Dilum Sudeera b Matthew Forde 3 4 0 0 75.00
Nipun Malinga not out 3 6 0 0 50.00


Extras 7 (b 0 , lb 4 , nb 1, w 2, pen 0)
Total 129/8 (20 Overs, RR: 6.45)
Bowling O M R W Econ
Pramod Madushan 2 0 11 0 5.50
Lahiru Madushanka 3 0 16 1 5.33
Chamindu Wickramasinghe 2 0 22 0 11.00
Matthew Forde 4 0 11 4 2.75
Noor Ahmad  4 0 17 1 4.25
Sachitha Jayathilake 1 0 3 0 3.00
Dilum Sudeera 2 0 14 1 7.00
Sikandar Raza 2 0 31 1 15.50


Batsmen R B 4s 6s SR
Shevon Daniel b Nuwan Thushara 2 4 0 0 50.00
Jordan Cox c & b Nimesh Vimukthi 34 21 3 2 161.90
Lasith Croospulle c Nimesh Vimukthi b Nuwan Thushara 4 4 1 0 100.00
Matthew Forde run out (Azam Khan) 52 30 6 2 173.33
Sikandar Raza c Thanuka Dabare b Imad Wasim 17 7 0 2 242.86
Lahiru Madushanka not out 10 10 0 0 100.00
Chamindu Wickramasinghe c Nuwan Thushara b Imad Wasim 2 5 0 0 40.00
Sachitha Jayathilake not out 7 5 0 1 140.00


Extras 6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0)
Total 134/6 (14.2 Overs, RR: 9.35)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 42 2 10.50
Wahab Riaz 4 0 36 0 9.00
Imad Wasim 3.2 0 32 2 10.00
Nimesh Vimukthi 2 0 17 1 8.50
Nipun Malinga 1 0 5 0 5.00



ඒ අනුව 2022 LPL තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම අවසන් අතර පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී Kandy Falcons සහ Jaffna Kings එකිනෙකා මුණගැසෙන අතර Eliminator තරගයේ දී Colombo Stars සහ Galle Gladiators එකිනෙකා මුණගැසීමට නියමිතයි.

එම තරග දෙකම මේ මස 21 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වනෙු ඇත. තරගාවලියේ තවත් උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<