කාන්තා ආසියානු කුසලානයක් අත ළඟ

256

2022 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානය එළඹෙන ඔක්තෝබර් 1 වැනිදා සිට 16 වැනිදා දක්වා බංග්ලාදේශයේ Sylhet හිදි පැවැත්වීමට නියමිත බව ESPNCricinfo වාර්තා කරන සිටියා.

කණ්ඩායම් 7ක් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත අතර ඊට සත්කාරක බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් ඇතුළත් වනවා. තරගාවලියේ නිල කාලසටහන ඉදිරියේ දී නිවේදනය කරනු ඇත.

මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ජුනි මාසයේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගනිමිනුයි.

තරගාවලිය සෑම වසර දෙකකටම වරක් පැවැත්වෙන අතර අවසන් වරට 2020 බංග්ලාදේශයේ දී පැවැත්වීමට තිබුණු තරගාවලිය 2021 දක්වා කල්දැමුණේ කොරෝනා වසංගතයේ බලපෑම් නිසාවෙනුයි.

බංග්ලාදේශය වත්මන් ශූරයින් ලෙස මෙම තරගාවලිය සඳහා සහභාගී වන අතර තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ පැවැත්වෙනු ඇත.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<