මෙම වසරේ පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කාණ්ඩගත කිරීම සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිය නාම යෝජනා ලබා දී තිබෙනවා.
දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් සහ දුෂාන් හේමන්ත එලෙස නාමයෝජනා ලද නවක ක්‍රීඩකයින් වෙනවා.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැපී පෙනෙන දඟපන්දු යවන්නෙකු වන රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරග දෙකක් ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රුවන්ත ප්‍රසාද් ශ්‍රී ලංකා දේශීය තරග පිටියේ Moors සහ පොලිස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා.
- නවසීලන්තයට ඉතිහාසගත තරගාවලි ජයක්
- ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙක් Dubai Capitalsට
- ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙක් Abu Dhabi Knight Riders කණ්ඩායමට
28 හැවිරිදි දුෂාන් හේමන්ත කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර දේශීය තරග බිමේ විස්සයි විස්ස තරග 41ක් නියෝජනය කරමින් ලකුණු 570ක් සහ කඩුලු 20ක් දවා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා.
මෙම ක්‍රීඩකයින්ට අමතරව දිනේෂ් චන්දිමාල්, ප්‍රභාත් ජයසූරිය, භානුක රාජපක්ෂ, ලක්ෂාන් සඳකැන්, සහ මහීෂ් තීක්ෂණ මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය සඳහා නාමයෝජනා ලබා දී තිබුණා.
මෙවර බිග් බෑෂ් ලීගයේ ක්‍රීඩක කෙටුම්පත් කරණය මෙම මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<