කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ

242
 

ලබන වසරේ මාර්තු මාසය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියර සඳහා වෙන් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලිය සඳහා කාන්තා දේශීය පිටියේ කාලසටහන දැනටමත් සකස් කර තිබෙනවා.

2018 වසරේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කාන්තා තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළ අතර 2021 වසරේ දී කොරෝනා වසංගතය නිසා එය පැවැත්වීමට හැකි වුනේ නැහැ.

පළමුවෙන් කණ්ඩායම් දෙකක තරගාවලියක් ලෙස පැවති එය පසුව විදෙස් ක්‍රීඩිකාවන් ද සහභාගී කර ගනිමින් කණ්ඩායම් තුනක තරගාවලියක් ලෙස පැවැත්වුනා.

නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Sourav Ganguly ප්‍රකාශ කළේ, ලබන වසරේ දී කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ද කණ්ඩායම් පහක හෝ හයක කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගයක් පිළිබඳව ඉඟි පළකර තිබුණා.

මට ලැබුණු ප්‍රතිචාර ගැන මම පුදුමයට පත්වෙලා ඉන්නේ. දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් මෙම තරගාවලියේ කණ්ඩායම් මිල දී ගන්න උවමනාවෙන් ඉන්නේ,” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

මෙම තරගාවලියේ කණ්ඩායම් මිල දී ගැනීමේ දී අනුගමනය කරන පියවර සහ තරගාවලිය පිළිබඳව තීරණ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික සභා රැස්වීමේ දී තීරණය කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ දියුණුව නිසාවෙන් කාන්තා ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය සඳහා වැඩි උද්‍යෝගයක් මතුව ඇති අතර ඔවුන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ඔවුන් රිදී පදක්කම දිනා ගත්තා.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සිය සහයෝගය පළ කර ඇති අතර මාස කිහිපයකට පෙර විශ්‍රාම ගත් Mithali Raj ද මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳව ප්‍රකාශ කර ඇත.

Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<