වමත් ආරම්භක පිතිකරුවෙක් බංග්ලාදේශ සංචිතයට

ආසියානු කුසලානය 2022

584

2022 ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතය සඳහා වමත් ආරම්භක පිතිකරු Mohammad Naim කැඳවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ වන විට බංග්ලාදේශ A සංචිතය නියෝජනය කරමින් කොදෙව් දේශයේ සංචාරයකට එක්ව ඇති Naim අද (23) බංග්ලාදේශ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සමඟ එක් වීමට නියමිත බව වාර්තා වනවා.

23 වැනි වියේ පසුවන Naim බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 34කට සහභාගී වී ඇති අත්දැකීම් සහිත ක්‍රීඩකයෙක්.

Naim නැවතත් සංචිතයට එක් වෙද්දී, මීට පෙර කණ්ඩායමට නම් කර තිබූ වේගපන්දු යවන ක්‍රීඩක Hasan Mahmud සහ කඩුලු රකින ක්‍රීඩක Nurul Hasan Sohan හට ආබාධ නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Hasan Mahmud හට පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසාවෙන් මෙම තරගාවලිය අහිමි වූ අතර Nurul Hasan Sohan අතේ සිදු කළ ශල්‍යකර්මයකින් පසු තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති වීමෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වෙනවා.

ආසියානු කුසලානය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතය: Shakib Al Hasan (Captain), Anamul Haque Bijoy, Mushfiqur Rahim, Afif Hossain, Musaddek Hossain Saikat, Mahmud Ullah, Shak Mahedi Hasan, Mohammad Shaif Uddin, Mustafizur Rahman, Nasum Ahmed, Shabbir Rahaman, Mehidy Hasan Miraz, Taskin Ahmed, Ebadot Hossain , Parvez Hossain Emon, Md Naim

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<