“කිව්වා ඩයිව් කරන්න එපා කියලා!” – ෂහීඩ් අෆ්රිඩි

6210
Shahid Afridi on Shaheen Shah Afridi

දණහිසේ ආබාධයක් හේතුවෙන් පාකිස්තාන වේගපන්දු යවන්නෙකු වන Shaheen Shah Afridi (ශහීන් ෂා අෆ්රිඩි) ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් කොටගෙන තිබීම ගැන හිටපු පාකිස්තාන නායක Shahid Afridi (ෂහීඩ් අෆ්රිඩි) පවසන්නේ ඒ “අෆ්රිඩි” නමෙහි ගැටලුවක් බවයි.

පසුගිය දා Twitter ඔස්සේ ප්‍රේක්ෂකයෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබුණා. ප්‍රේක්ෂක අබුබකර් ජාවෙඩ් විමසා තිබුණේ, ශහීන් ෂා අෆ්රිඩිගේ ආබාධය නිසා ඔබට (ෂහිඩ් අෆ්රිඩිට) යළි ක්‍රිකට් පිටියට පැමිණිය නොහැකි ද?” යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ෂහිඩ් අෆ්රිඩි පවසා තිබුණේ,

ෆාස්ට් බෝලර් කෙනෙක් නිසා ආබාධ එන්න පුළුවන් හින්දා මං එයාට කියලා තිබුණා ඩයිව් කරන්න එපා කියලා. පස්සේ තමයි මම තේරුම් ගත්තේ එයත් අෆ්රිඩි කෙනෙක්නෙ කියලා,” යනුවෙන්.

Courtesy – indiatimes.com

ෂහිඩ් අෆ්රිඩි ද ක්‍රිකට් පිටියේ හිතුවක්කාරයෙකු ලෙස ප්‍රකටයි. ඔහු මේ අදහස් දැක්වීමෙන් විනෝදයෙන් පවසන්නේ එය ඔවුන්ගේ නමෙහිම පවතින හිතුවක්කාරකමක් බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<