කවුද මේ බැංගලෝරයට තරු පෙන්වපු Suyash?

IPL 2023

891

ඊයේ (06) Royal Challengers Bangalore සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවැත්වුණු IPL තරගයේ දී KKR නියෝජනය කළ නවක දඟපන්දු යවන්නෙකු වන Suyash Sharma විසින් Bangalore ඉනිමේ කඩුලු තුනක් ම ඩැහැ ගැනීමට සමත් වුනා.

තවමත් 19 හැවිරිදි වියේ පසුවන Suyash ඊයේ තරගයේ ආරම්භක ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතරට ඇතුළත් නොවූ නමුත්, KKR විසින් පන්දු යවන අවස්ථාවේ දී ඔහුව Venkatesh Iyer වෙනුවට ආදේශක ක්‍රීඩකයා (Impact Player) ලෙස තරගයට කැඳවූවා.

Impact Player ලෙස ලබා දුන් එම අවස්ථාවට නියම සාධාරණය ඉටු කළ මෙම දකුණත් පා දඟපන්දු යවන්නා Suyash විසින් ඊයේ Dinesh Karthikගේ කඩුල්ල ද සමඟින් කඩුලු තුනක් බිඳ හෙළීමට සමත් වුනා. එහි දී ඔහු ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණේ ලකුණු 30ක් පමණයි.

ඊයේ දිනයේ Bangalore ඉනිම සම්පූර්ණයෙන්ම Kolkata Knight Riders දඟපන්දු යවන්නන්ට නතු වූ අතර එහි දී Suyashට අමතරව Varun Chakaravarthy විසින් කඩුලු 4ක් සහ Sunil Narine විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

“Suyash කියන්නේ තමන් පිළිබඳ විශ්වාසය තබාගෙන ඉන්න දක්ෂ තරුණයෙක්. ඔහු ඔහුගේ අවස්ථාව එනතුරු බලා සිටි අතර, ඔහු ඒ අයුරින් පන්දු යවනවා දැකීම සතුටක්.”

තරගයෙන් අනතුරු ව සිය නවකයා පිළිබඳව KKR නායක Nitish Rana විසින් එසේ සඳහන් කළා.

ගිය වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියෙන් (Mini Auction) ඉන්දියානු රුපියල් ලක්ෂ 20කට Suyashව KKR විසින් හිමි කර ගත් අතර ඊයේ තරගය වන තෙක් ඔහු කිසිම පළමු පෙළ හෝ විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර නොතිබීම ද ඉතාම විශේෂ කාරණයක්.

“Varun සහ Sunny (Narine) ඉතාම හොඳින් පන්දු යැවුවා. ඊට පස්සේ මේ නවක ක්‍රීඩකයත් ඔවුන්ට සහය ලබා දුන්නා. ඔහු පුහුණු තරගවල දී පන්දු යවපු ආකාරය අපි දැක්කා, ඒ වගේම ඔහු මේ තරගයේ දී පන්දු යවපු ආකාරය ගැනත් අපි සතුටු වෙනවා. ඔහුගේ පන්දු වාතය තුල ඉක්මනින් ගමන් කරනවා, ඒ නිසා ඒ පන්දු තෝරා ගැනීම තරමක් අපහසුයි. ඔහුට ඒ තරම් ම අත්දැකීම් නැහැ, නමුත් හොඳ උනන්දුවක් තියෙනවා.”

Suyash පිළිබඳ එවැනි අදහසක් පළ කළේ KKR පුහුණුකරු Chandrakant Pandit විසිනුයි.

එමෙන්ම හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගත් ඉන්දියාවේ Neeraj Chopraගේ පෙනුමට සමාන පෙනුමක් Suyashට ද ඇති බව පවසමින් සමාජ මාධ්‍ වල තරමක් හාස්‍ය මුසු කතාබහක් ද මේ වන විට ඇති වී තිබෙනවා.

ඒ බොහෝ අවස්ථාවල දී Suyashගේ දක්ෂතා පිළිබඳ විශේෂ අගය කිරීම් ද ඔහුට හිමි වනවා.

මේ එවැනි අදහස් කිහිපයක්;

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ නවතම තතු විත්ති මෙන්ම සියලුම තරග ඔබ වෙත සජීවීව සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV Sports ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<