Home Sinhala මෝදිත සහ ජනිඳු සුලෝහිත සංග්‍රාමය ආනන්දනීය කරයි

මෝදිත සහ ජනිඳු සුලෝහිත සංග්‍රාමය ආනන්දනීය කරයි

490

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 90 වැනි වරටත් පැවති සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය ආනන්දනීය ලෙසින් අවසන් කිරීමට මග පෑදීමට මෝදිත රණතුංග සහ ජනිඳු ජයවර්ධන සමත් විය.

අවිශ්ක පෙරේරා සුලෝහිත සංග්‍රාමයේ ශතක සමාජයට

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 90 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට්…

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී අද (3) ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගයේ දී මෝදිත රණතුංග සහ ජනිඳු ජයවර්ධන එක්ව පෙර දිනයේ අමාරුවේ වැටී සිටි ආනන්ද ඉනිම් ගොඩ ගත්තේ අර්ධ ශතක රැස් කරමිනි. දෙවිදුහල් අතර තරග ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව නිමා වූ 72 වැනි තරගය ලෙසින් මෙය ඉතිහාසයට එක් විය.

කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා ගනිමින් සෑහීමකට පත් වෙමින් ඉනිම අත්හිට වූහ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ පෙර දිනයේ ඉදිරිපෙළ කඩුලු 4ක් ලකුණු 55කට දැවී යෑම නිසා ඉතා අසරණ තත්ත්වයේ සිටිය ද අද දවසේ දී ආනන්ද ඉනිම ගොඩ ගැනීමට පසු පෙළ පිතිකරුවෝ සමත් වූහ. ඒ අනුව ඔවුන්ගේ පළමු ඉනිමේ අවසානය කියැවුණේ සියලුම දෙනා දැවී ලකුණු 232ක් ලෙසිනි. මේ පිතිකරුවෝ අද දවසේ දී කඩුලු 6කට ලකුණු 161ක් ලබා ගත්හ.  

Photos: Ananda College vs Nalanda College – Battle of the Maroons | Day 2

ලකුණු 37ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ නාලන්ද ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 216ක් ලබා සිටිය හ.

තරගය පළමු දිනයට නතර කරන විට ආනන්දය වෙනුවෙන් නොදැවී ලකුණු 16ක් ලබා සිටි දමින්ද රෙෂාන්ට අද දවසේ ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි. එසේ වූව ද පෙර දිනයේ නොදැවී ලකුණු 8ක් ලබා සිටි මෝදිත රණතුංග අද නාලන්දා ක්‍රීඩකයන්ට එරෙහිව විශිෂ්ට ඉනිමක් ගොඩ නැගීමට සමත් විය. ඒ හේතුවෙන් ම ආනන්ද විද්‍යාලය 90 වැනි සුලෝහිත සංග්‍රාමයේ දී තම අභිමානය රැක ගැනිමට සමත් වූහ.

දකුණු අප්‍රිකාව පෙරමුණේ තබමින් ශ්‍රී ලංකා පිතිපෙළ කඩා වැටේ!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ මුල්ම තරගය අද (03) වොන්ඩරස් පිටියේ දී ආරම්භ වූයේ …

මෝදිත රණතුංග තම ඉනිම අහිමි කර ගන්නා විට පන්දු 108කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 63ක් ලබා සිටියේ ය. පසු පෙළ පිතිකරුවන් අතුරින් කළණ විජේසිරි පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය.

ඉන් අනතුරුව ආනන්ද විද්‍යාලය ගොඩ ගැනීමට දායකත්වය දැක්වූයේ ජනිඳු ජයවර්ධන ය. ඔහු ආනන්ද ඉනිම අවසන් වෙන විට පන්දු 103කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා සිටියේ ය.   

කඩුලු ලබා ගැනීමේ දී දිනෙත් සමරවීර ලකුණු 63කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහු තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. ඊට අමතරව ආරම්භක පන්දු යැවූ චමිඳු විජේසිංහ ලකුණු 58කට කඩුලු 3ක් දවා ගත් අතර රවීන් ද සිල්වා කඩුලු 2ක් දවා ගත්තේ ය. අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය ලක්ෂිත රසාංජන සතු විය.

>>සහෝදරයන්ගේ සංග්‍රාමයේ සියලු කුසලාන කුරුඳුවත්ත ක්‍රීඩකයෝ රැගෙන යයි

නාලන්දා දෙවැනි ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ ලක්ෂිත රසාංජන ය. ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තේ ය. ඊට අමතරව චමිඳු විජේසිංහ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය. පළමු ඉනිමේ ශතකලාභී අවිශ්ක පෙරේරාට මෙම ඉනිමේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 20ක් පමණි. එසේ වූව ද පළමු ඉනිමේ දක්ෂතා හේතු කර ගනිමින් අවිශ්ක පෙරේරා තරගයේ දක්ෂතම පිතිකරු ලෙසත් සහ තරගයේ වීරයා ලෙසත් නම් කෙරුණි.

නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 269 (72.1) දිල්හාර පොල්ගම්පොළ 22, අවිශ්ක පෙරේරා 120, චමිඳු විජේසිංහ 27, රවින් ද සිල්වා 36, චාමික ගුණසේකර 2/46, සවිරු බණ්ඩාර 2/66

ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට අවසන් වෙන විට පන්දු වාර 15ක දී කඩුලු 4ක් දැවී 52) සියලුම දනා දැවී 232 (60.2) මෝදිත රණතුංග 64, කළණ විජේසිරි 39, ජනිඳු ජයවර්ධන නොදැවී 63,  චමිඳු විජේසිංහ 3/58, දිනෙත් සමරවීර 4/63, රවීන් ද සිල්වා 2/16

නාලන්දා විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 216 (41.2) දිල්හාර පොල්ගම්පොළ 16, අවිශ්ක පෙරේරා 20, ලක්ෂිත රසාංජන 87, චමිඳු විජේසිංහ 64, මෝක්ෂ සංකල්ප 20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Ananda College
232/10 (60.2)

Nalanda College
269/7 (72.1) & 216/5 (41.2)

Batsmen R B 4s 6s SR
Avishka Perera b Saviru Bandara 120 134 17 0 89.55
Thanushka Dilhara Polgampola lbw b Saviru Bandara 22 61 2 0 36.07
Ranindu C de Silva c Kalana Sulakkana Wijesiri b Sudeepa Agulugaha 16 57 2 0 28.07
Lakshitha Rasanjana Manasinghe b Chamika Deemantha Gunasekara 16 37 2 0 43.24
Chamindu Wijesinghe c Adeesha Perera b Chamika Deemantha Gunasekara 27 61 3 0 44.26
Raveen De Silva c Sudeepa Agulugaha b Janindu Jayaweera 36 67 3 1 53.73
Mahima Weerakoon c Kamesh Nirmal b Dasun Tharaka 15 13 3 0 115.38
Moksha Sankalpa not out 6 6 1 0 100.00


Extras 11 (b 0 , lb 9 , nb 1, w 1, pen 0)
Total 269/7 (72.1 Overs, RR: 3.73)
Bowling O M R W Econ
Adeesha Perera 8 1 24 0 3.00
Dasun Tharaka 9 2 31 1 3.44
Chamika Deemantha Gunasekara 16 3 46 2 2.88
Saviru Bandara 19 3 66 2 3.47
J Jayawardene 14.1 1 74 1 5.25
Sudeepa Agulugaha 6 1 19 1 3.17
Batsmen R B 4s 6s SR
Sudeepa Agulugaha c Thanushka Dilhara Polgampola b Chamindu Wijesinghe 14 23 2 0 60.87
Dasun Tharaka b Dineth Samaraweera 0 7 0 0 0.00
Kamesh Nirmal b Dineth Samaraweera 5 7 1 0 71.43
Kanishka Rantilakage c Raveen De Silva b Dineth Samaraweera 8 6 2 0 133.33
Moditha Ranathunga lbw b Dineth Samaraweera 64 108 8 0 59.26
Daminda Reshan c Lakshitha Rasanjana Manasinghe b Chamindu Wijesinghe 17 32 3 0 53.12
Kalana Sulakkana Wijesiri c Lakshitha Rasanjana Manasinghe b Chamindu Wijesinghe 39 42 6 0 92.86
J Jayawardene not out 63 103 8 0 61.17
Adeesha Perera c Thanushka Dilhara Polgampola b Chamindu Wijesinghe 3 10 0 0 30.00
Chamika Deemantha Gunasekara b Raveen De Silva 10 25 1 0 40.00
Saviru Bandara b Raveen De Silva 0 1 0 0 0.00


Extras 9 (b 0 , lb 4 , nb 4, w 1, pen 0)
Total 232/10 (60.2 Overs, RR: 3.85)
Bowling O M R W Econ
Chamindu Wijesinghe 15 2 58 3 3.87
Dineth Samaraweera 18 1 63 4 3.50
Lakshitha Rasanjana Manasinghe 8 1 31 1 3.88
Kaveesh Madurapperuma 6 0 32 0 5.33
Mahima Weerakoon 8 1 17 0 2.12
Jithesh Wasala 2 0 11 0 5.50
Raveen De Silva 3.2 0 16 2 5.00


Batsmen R B 4s 6s SR
Thanushka Dilhara Polgampola c Kamesh Nirmal b Adeesha Perera 16 28 3 0 57.14
Avishka Perera run out () 20 21 4 0 95.24
Lakshitha Rasanjana Manasinghe b Gishan Vishwajith Edirisinghe 87 103 9 1 84.47
Chamindu Wijesinghe run out () 64 63 10 0 101.59
Moksha Sankalpa run out () 20 33 3 0 60.61
Raveen De Silva not out 0 0 0 0 0.00


Extras 9 (b 3 , lb 6 , nb 0, w 0, pen 0)
Total 216/5 (41.2 Overs, RR: 5.23)
Bowling O M R W Econ
Chamika Deemantha Gunasekara 9.2 1 23 1 2.50
Dasun Tharaka 4 0 27 0 6.75
Saviru Bandara 14 0 64 0 4.57
Adeesha Perera 6 1 19 1 3.17
J Jayawardene 5 0 17 0 3.40
Sudeepa Agulugaha 3 0 30 0 10.00