සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයෙන් ලකුණු 15ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා.
තරගයේ සිව් වැනි සහ අවසන් දිනය ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 94ක් අවශ්‍ය වෙමිනුයි. ඒ සඳහා තවත් කඩුලු 9ක් ඔවුන් සතුව තිබුණ, නමුත් එම හඹා යෑම ලකුණු 78කට සීමා කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා.
Antigua හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (21) නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් ක්‍රිකට් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 205ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 281ක් ලබා ගන්නවා.
බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් ක්‍රිකට් කණ්ඩායමේ 2 වැනි ඉනිම ලකුණු 199කට සීමා වෙන අතර තරගයේ සිව් වැනි ඉනිම ක්‍රියාත්මක වෙන්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ලකුණු 124ක් මෙපිටින් සිටිමිනුයි.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ සිව් වැනි සහ අවසන් දිනය ආරම්භ කරන්නේ කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී කඩුලු 9ක් අතැතිව ලකුණු 94ක පහසු ඉලක්කයක් ඔවුන් වෙත ලැබී තිබුණ ද දිනයේ ලකුණු 78ක් පමණක් ලබා දෙමින් ශ්‍රී ලංකා ඉනිමේ ඉතිරි කඩුලු 9 උදුරා ගැනීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ 2 වැනි ඉනිම සියලුම දෙනා දැවී ලකුණු108ක් බවට පත් වුණා.
- ලහිරු කුමාර දක්ෂ පන්දු යැවීමක
- ඉන්දීය A ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
- පුලිඳු පෙරේරා පළමු පෙළ හොඳම ඉනිම ක්‍රීඩා කරයි
- Deepti Sharma ඉන්දීය T20 ඉතිහාසය අලුත් කරයි
- ශ්‍රී ලංකාවට කොදෙව් දේශයේ දී ඓතිහාසික එක්දින තරගාවලි ජයක්!
තීරණාත්මක දිනය ආරම්භ වෙද්දී නිශාන් මදුශ්ක නොදැවී ලකුණු 24ක් ද සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙසින් නිශාන් මදුශ්ක දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලෙසයි. ඒ සමඟින් ධනංජය ද සිල්වා (1), පසිඳු සූරියබණ්ඩාර (8) සහ සොනාල් දිනූෂ (4) අඩු ලකුණු ලබා තිබිය දී දැවී යන අතර දිනේෂ් චන්දිමාල් ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා. ඔහු ඉනිම හැර යන විට ලකුණු පුවරුවට එක් ව තිබුණේ ලකුණු 70ක් පමණයි.
අනතුරු ව කඩුල්ලේ දී ප්‍රභාත් ජයසූරිය සහ මිලාන් රත්නායක එක් ව පන්දු 35ක දී ලකුණු 19ක් එක් කරනවා. ප්‍රභාත් ජයසූරිය පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 10ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා .
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව මිලාන් රත්නායක ලකුණු 6කට ද සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 4කට ද දැවී යන අතර ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ලට පන්දු 10ක දී ලකුණු 15ක් එක් කිරීමට ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු සමත් වෙනවා.
ලහිරු කුමාර ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 8ක් ලබා සිටි අතර ඉනිම අවසන් වෙද්දී අසිත ප්‍රනාන්දු පන්දු 4ක දී ලකුණු 5ක් ලබා ගනිමින් නොදැවී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Nial Smith ලකුණු 30කට කඩුලු 5ක් ද සහ දකුණතින් වේග පන්දු යැවූ Alzarri Joseph ලකුණු 41කට කඩුලු 4ක් ද දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම විනාශ කර දැම්මා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බටහිර ඉන්දීයකොදෙව් තෝරාගත් XI කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (61.4) Kirk McKenzie 58, Kevin Wickham 20, Keemo Paul 36, Nial Smith නොදැවී 19, අසිත ප්‍රනාන්දු 2/26, ලහිරු කුමාර 4/39
- ශ්‍රී ලංකාව – පළමු ඉනිමසියලුම දෙනා දැවී 281 (70.4) නිශාන් මදුශ්ක 46, දිනේෂ් චන්දිමාල් 74, ධනංජය ද සිල්වා 34, සොනාල් දිනූෂ 36, මිලාන් රත්නායක 41, Nial Smith 4/58, Keemo Paul 3/67, Alzarri Joseph 2/45
- බටහිර ඉන්දීයකොදෙව් තෝරාගත් XI කණ්ඩායම – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 199 (45.2) Ackeem Auguste 46, Kemol Savory 27, Keemo Paul 29, Joshua Bishop 68, අසිත ප්‍රනාන්දු 3/27, ප්‍රභාත් ජයසූරිය 3/70, සොනාල් දිනූෂ 3/42
- ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 108 (29.5) නිශාන් මදුශ්ක 30, Nial Smith 5/30, Alzarri Joseph 4/41
බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XI කණ්ඩායමට ලකුණු 15ක ජයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















