10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන 3 වැනි තරගය මේ මස 21 වැනිදා Southampton හි The Rose Bowl ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ 2016 වසරේ ශූරියන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
ඔවුන් මෙම තරගය සඳහා එක් වෙන්නේ පැවැති තරග ද්විත්වයේ දී ම ජයග්‍රහණ වාර්තා කරමිනුයි. ඔවුන් තමන් මුහුණ දුන් පළමු තරගයේ දී නවසීලන්තයට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරන ලද අතර ස්කොට්ලන්තයට හා සමඟ තරගයේ දී ලකුණු 7ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.
එම ජයග්‍රහණත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයේ සිටිමින් ඔවුන් මෙම තරගය හා එක් වෙද්දී ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානයේ පසුවෙමිනුයි.
ඔවුන් මෙවර තරගාවලියේ තමන් සහභාගී වූ පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවන් හමුවේ ලකුණු 87ක පරාජයක් ලැබූ අතර 2 වැනි තරගයෙන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
යාවත්කාලීන වන ලෝක කුසලාන දත්ත මත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසු වූව ද දෙරට අතර පැවැති ආසන්නත ම විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකාව 2-0කින් ලත් ජයග්‍රහණය හේතුවෙන් මෙම තරගයේ අනාවැකි කීම තරමක් උගහට කරුණක් වී තිබේ.
දෙරට විස්සයි විස්ස තරග ඉතිහාසයේ මේ දක්වා තරග 29ක දී එකිනෙකා හමුව ඇති අතර ඉන් තරග 20ක ජයග්‍රහණ හිමි ව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන් වෙතයි. ඉතිරි තරගවලින් තරග 7ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙන අතර අනෙක් තරග ද්විත්වය නිමා වී ඇත්තේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.
ඒ අතර දෙරට ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන තරග ත්‍රිත්වයක දී එකිනෙකා හමුව ඇති අතර ඉන් තරග ද්විත්වයක ජයග්‍රහණ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සතු කර ගෙන සිටින අතර අනෙක් තරගයේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සතු වෙනවා.
මෙම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ Hayley Matthews වෙතයි. ඇය මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 6ක දී කණ්ඩායම මෙහෙයවා ඇති අතර ඉන් තරග 2ක් ජය ගනිද්දී, තරග 3ක් පරාජය වී තිබෙනවා. ඉතිරි තරගය නිමා වී ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව කණ්ඩායම මෙවර මෙහෙයවන්නේ 11 වැනි වතාවටයි. මෙතෙක් නිමා වූ තරග 10 දී චමරි අතපත්තු තම කණ්ඩායම සිව් වතාවක් ජයග්‍රහණය කරා රැගෙන ගොස් තිබෙනවා. ඉතිරි තරග අතුරින් තරග 5ක් පරාජය වෙද්දී අනෙක් තරගය විසඳුමකින් තොර ව අවසන් කර තිබෙනවා.
පෙර තරගයට ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
Hayley Matthews (නායිකාව), Qiana Joseph, Shemaine Campbelle (කඩුලු රකින්නිය), Deandra Dottin, Jahzara Claxton, Chinelle Henry, Stafanie Taylor, Jannillea Glasgow, Aaliyah Alleyne, Afy Fletcher, Karishma Ramharack
සංචිතගත අනෙක් ක්‍රීඩිකාවන්
Mandy Mangru, Shawnisha Hector, Ashmini Munisar, Zaida James.
- ගියවර ශූරියෝ අමාරුවෙන් පළමු ජය ලබයි
- ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අපරාජිතයි
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගියවර ශූරියෝ පරාජය කරයි
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාව පරාජය කරයි
බටහිර ඉන්දීය කොදෙව් නායිකා Hayley Matthews මෙම තරගය හා එක්වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 123ක අත්දැකිම් ද කරපින්නාගෙනයි. දශකයට වැඩි එම ඉතිහාසයේ ඇය මෙතෙක් ලකුණු 3299ක් ලබා සිටිනවා. එම ලකුණු අතර ඕස්ට්‍රේලියාව (132), එංගලන්තය (100*) සහ අයර්ලන්තය (107*) කණ්ඩායම්වලට එරෙහි ව වාර්තා කරන ලද ශතක ත්‍රිත්වයක් සමඟින් අර්ධ ශතක 21ක් ද ඒ අතර තිබෙනවා.
දකුණතින් පිට දඟ පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය මේ වන විට ලබා සිටින කඩුලු සංඛ්‍යාව 124ක්. ඇය ශ්‍රී ලංකාව සමඟින් මෙතෙක් තරග 12කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 322ක් ද සහ කඩුලු 17ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
කණ්ඩායමේ සිටින පිතිකාරිනියන් අතුරින් මැදි පෙළින් පිටියට පිවිසෙන Stafanie Taylor වඩාත් විශ්වසනීය පිතිකාරිනියක් ලෙසින් හැඳින්විය හැකියි. ඇය මෙවර තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා නොකළ ද 2 වැනි තරගයේ දී පිටියට පිවිසෙමින් ලකුණු අතරට පිවිසීම තරමක් තැති ගන්වන කාරණයක්.
ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 135කට ක්‍රීඩා කර ඇති අතර අර්ධ ශතක 22ක් සමඟින් ලකුණු 3623ක් ලබා සිටිනවා. මෙම ලකුණු අතුරින් ශ්‍රී ලංකාවට එරෙහිව තරග 26ක දී අර්ධ ශතක 7ක් සමඟින් එක් කරගත් ලකුණු 861ක් ද ඒ අතර තිබෙනවා.
දකුණතින් පිට දඟ පන්දු යවන්නියක ලෙසින් ද දක්ෂතා දක්වන ඇයට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ කඩුලු ශතකයට තවත් අවශ්‍ය ව ඇත්තේ කඩුලු ද්විත්වයක් පමණයි. මේ ලබා ගත් කඩුලු 98 අතර ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද කඩුලු 19ක් ද ඒ අතර තිබෙනවා.
කණ්ඩායමේ සිටින තවත් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසින් Deandra Dottin ද හැඳින්වෙනවා. 34 හැවිරිදි මේ තුන් ඉරියව් ක්‍රීඩිකාව මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 150කට ක්‍රීඩා කරමින් දකුණු අප්‍රිකාවට (112*) සහ ශ්‍රී ලංකාවට (112) එරෙහිව ලබා ගත් ද්විත්ව ශතකයක් මෙන් ම අර්ධ ශතක 14ක් ද සමඟින් ලකුණු 3150ක් ද සහ කඩුලු 77ක් ද ලබා සිටිනවා. ඇයගේ මේ දත්ත අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 26ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 543ක් ද තිබෙනවා.
මේ තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ට අමතර ව 39 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන Afy Fletcher බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිටින වඩාත් අභියෝගාත්මක පන්දු යවන්නිය බවට පත් වෙනවා. ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 110කට ක්‍රීඩා කරමින් කඩුලු 104ක් ලබා සිටිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ.
ඔවුන්ට අමතර ව තරග 156ක දී ලකුණු 1657ක් සහ කඩුලු 34ක් ලබා සිටින Shemaine Campbelle ද දකුණතින් පිට දඟ පන්දු යවන Karishma Ramharack, දකුණතින් මඳ වේග පන්දු යවන Chinelle Henry වැන්නෝ ද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශක්තිමත් කරන ක්‍රීඩිකාවන් ලෙසින් හැඳින් වෙනවා.
පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, කාව්‍යා කාවින්දි, මිතාලි අයෝද්‍යා සහ නිමාෂා මීපගේ.
සංචිත ගත අනෙක් ක්‍රීඩිකාවෝ
ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, මල්කා මදාරා සහ චේතනා විමුක්ති.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















