ජයග්‍රාහී Up Country ගෝලය ශිෆාන්ගෙන්; Renown සතුටින් විසිර යයි

Super League 2021

247
Super League 2021

මෙරට දේශීය පාපන්දු පිටියේ ක්‍රියාත්මක වන පළමු සහ එකම වෘත්තීය පාපන්දු ලීගය වන 2021 සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 6 වැනි සතියේ අවසන් තරග දෙකෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට Renown SC සහ Up Country Lions FC සමත් වුනා.

ඔවුන් හමුවේ පිළිවෙළින් ගෝල 1-3ක් ලෙස Red Star FC කණ්ඩායමත්, ගෝල 1-0ක් ලෙස Blue Eagles SC කණ්ඩායමත් පරාජයට පත්වුනා.

Red Star FC සහ Renown SC

තුරඟ තරග පිටියේ දී සවස 3:30ට ආරම්භ වූ මෙම තරගය සඳහා Renown අවතීර්ණ වුනේ පසුගිය සතියේ දී ගෝල 1-0ක් ලෙස Blue Eagles SC පරාජය කරමින් ලද ජයග්‍රාහී මානසිකත්වයත් සමඟින්.

New Youngs FC සමඟ පැවති තරගය ගෝල 4-4ක් ලෙස සමව අවසන් කරගනිමින් Red Star ක්‍රීඩකයෝ අද තරගයට පිවිසියා.

තරගයේ 16 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක වුනේ Renown නායක දිලිප් පීරිස් විසින් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි. කෙසේ නමුත් පළමු අර්ධය සම මට්ටමින් අවසන් කරමින් තරගය දෙපිළිටම විවෘත කිරීමට Red Star නායක මොහොමඩ් රහ්මාන් සමත් වුනේ 35 වැනි මිනිත්තුවේ දීයි.

දෙවැනි අර්ධයේ දී තරගයේ ජයග්‍රහණය තීරණය කළ ගෝල ද්විත්වය වාර්තා කරන්නට පිළිවෙළින් මොහොමඩ් අමාන් සහ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස තරගයට අවතීර්ණ වූ මොහොමඩ් මුජීබ් සමත් වුනා. ඒ තරගයේ 55 වැනි සහ 90+2 වැනි මිනිත්තුවල දීයි.

එම අර්ධයේ දී ප්‍රතිවාදීන් හඹා යන්නට Red Star ක්‍රීඩකයින් නොහැකි වූ අතර ගෝල 3-1ක් ලෙස Renown ජයග්‍රහණය කරමින් තරගය නිමා වුනා.

අවසන් ලකුණු තත්වය: Red Star FC 1 – 3 Renown SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Red Star: මොහොමඩ් රහ්මාන් 35’
  • Renown: දිලිප් පීරිස් 16’, මොහොමඩ් අමාන් 55’, මොහොමඩ් මුජීබ් 90+2’

Up Country Lions FC සහ Blue Eagles SC

Blue Star SC හමුවේ ගෝල 1-2ක් ලෙස සහ Renown SC හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වෙමින් පිළිවෙළින් Up Country Lions සහ Blue Eagles ක්‍රීඩකයින් මෙම තරගය සඳහා අවතීර්ණ වුනා.

කරට කර පැවති පළමු අර්ධයේ දී කිසිදු ගෝලයක් වාර්තා කරන්නට කණ්ඩායම් දෙකම සමත් වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ අවසානයට මොහොතකට පෙර එනම් 95 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් ලකුණු පුවරු සක්‍රීය කරන්නට Up Country ක්‍රීඩක මොහොමඩ් ශිෆාන් සමත් වූ අතර එය තරගයේ ජයග්‍රාහකයා තීරණය කරන ගෝලය බවට පත්වුනා.

අවසන් ලකුණු තත්වය: Up Country Lions FC 1 – 0 Blue Eagles SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Up Country Lions: මොහොමඩ් ශිෆාන් 95’

තරගාවලියේ 7 වැනි සතියේ තරග පහත පරිදි කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

  • දෙසැම්බර් 21: Sea Hawks FC v Red Stars FC – 3.30pm
  • දෙසැම්බර් 21: New Youngs FC v Renown SC – 7.30pm
  • දෙසැම්බර් 22: Up Country Lions FC v Colombo FC – 3.30pm
  • දෙසැම්බර් 22: Blue Eagles SC v Ratnam SC – 7.30pm
  • දෙසැම්බර් 23: Defenders FC v Blue Star SC – 3.30pm

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<