රාජ්‍ය සේවා මේස පන්දු ශූරතාව මහනුවර මහනගර සභාවට

359
Sri Lanka State Services Table Tennis 2015 Champions - Kandy Municipal Council
Sri Lanka State Services Table Tennis 2015 Champions - Kandy Municipal Council

රාජ්‍ය සේවා මේසපන්දු සංගමය  විසින්  සංවිධානය කරන ලද රාජ්‍ය සේවා මේසපන්දු තරගාවලිය පසුගියදා  යාපනය මැදි විදුහල් ක්‍රීඩාගාරයේ දි අවසන් විය. 

තරගාවලියේ තරග ඉසව් `ඒ´, `බි´,`සි´සහ `ඩි´යන කාණ්ඩයන් ඔස්සේ සංවිධානය වි තිබුණි.

Sri Lanka State Services Table Tennis 2015 RunnerUp - Colombo Municipal Council
Sri Lanka State Services Table Tennis 2015 RunnerUp – Colombo Municipal Council

තරගාවලියේ  සමස්ත ශූරතාව තමන් සතු කරගන්නට ලකුණු 30 ක් ලබාගත් මහනුවර මහනගර සභාව සමත් විය. ලකුණු 26 ක් ලබාගත් කොළඹ නගර සභාව එහි සමස්ත අනුශූරතාව හිමිවිය.

මෙහි `ඒ´කාණ්ඩයේ පිරිමි මේස පන්දු ශූරතාව මහනුවර නගරසභාව දිනාගන්නට සමත්විය . එම කාණ්ඩයේ ම පිරිමි අනුශුරතාවය දිනාගනු ලැබුවේ  කොළඹ මහනගර සභාව විසිනි.

`ඒ´ කාණ්ඩයේ කාන්තා ශූරතාව තමන් සතු කරගන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් විය. එහි කාන්තා අනුශූරතාව යාපනය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දිනාගන්නා  ලදි.

`බී´ කාණ්ඩයේ මේස පන්දු  ශූරතාව ශ්‍රී ලංකා රේගුව විසින්ද, එහි අනුශුරතාවය ගෝනාපීනුවාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්ද දිනාගනු ලැබිය.

`සී´කාණ්ඩයේ  මේස පන්දු ශූරතාව ශී‍්‍ර ලංකා පොලිසියට හිමි වු අතර එහි අනුශුරයන් වුයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි.

`ඩී´කාණ්ඩයේ මේස පන්දු  ශූරතාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්ද දිනාගන්නා ලදි. එහි අනුශුරතාවය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින්ද දිනාගනි ලැබිය.