වනිඳු IPL අත් හරී!

IPL 2024

95

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග මෙවර IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරනවා. 

වනිඳුගේ වම් කකුලේ විලුඹේ ඇති වූ ආබාධ තත්වයක් නිසා ඔහු එයට ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින් යුතුවයි මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන්නේ. 

ඔහුගේ ඉවත් වීම එම ආබාධය හේතුවෙන් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා විසින් තහවුරු කර ඇති අතර, වනිඳු ඉදිරියේ දී අදාළ ආබාධයට ප්‍රතිකාර ගැනීම සඳහා ඩුබායි බලා පිටත්ව යනු ඇති බවයි දැන ගැනීමට ලැබෙන්නෙ. 

ඔහුගේ විලුඹේ ඉදිමීමක් ඇති අතර, ඔහු එයට එන්නත් ලබා ගනිමිනුයි ක්‍රීඩා කළේ. එම නිසා ලෝක කුසලානයට පෙර මෙම ගැටලුව විසඳා ගැනීමට ඔහු තීරණය කර ඇති අතර, මෙවර IPL තරගාවලිය මඟහැරීමට ගත් තීරණය ඔහු අපට දන්වා සිටියා.”  

ඈශ්ලි ද සිල්වා මහතා විසින් මේ පිළිබඳ එසේ පැහැදිලි කළා. 

මෙතෙක් කල් Royal Challengers Bangalore කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ වනිඳු, මෙවර Sunrisers Hyderabad කණ්ඩායම සමඟ ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකට ගිවිසුම් ගත වූ අතර, Sunrisers කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු බලාපොරොත්තුව ද වනිඳු වූ බව නොරහසක්. 

කෙසේ වෙතත් එළඹෙන ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මෙන්ම, ඕනෑම මොහොතක තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයකු ලෙස වනිඳුගේ ඇති වටිනාකම මත ඔහු මෙම තීරණය ගත් බව වටහා ගත හැකි. 

2024 IPL තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<