ශ්‍රී ලංකා යෞවනීයෝ දෙවැනි තරගයත් ජය ගනී

Women’s U19 Tri Nation Series 2024

61

ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වෙන තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවැනි තරගය ද ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.  

 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්ර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම දෙවැනි තරගයට එක් වෙන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ව ලකුණු 7ක ජයග්‍රහණයක් වාර්තා කරමිනුයි. එංගලන්තය මෙම තරගයට එක් වෙන්නේ ඔස්ට්‍රේලියාව සමඟ තරගයෙන් ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.  

2 වැනි තරගය, හම්බන්තොට, 29, මාර්තු 2023, Women’s U19 Tri Nation Series 

  • කාසියේ වාසිය – එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 
  •  ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සූරියවැව. 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 146 (19.3) Josie Groves 57, Hasrat Gill 4/20, Sienna Eve 3/10 

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 111 (20.0) Eleanor Larosa නොදැවී 41, Hasrat Gill නොදැවී 40, Sophia Smale 3/19, Alexa Stonehouse 2/17 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 35ක ජයක්.  

3 වැනි තරගය, හම්බන්තොට, 30, මාර්තු 2023, Women’s U19 Tri Nation Series 

  • කාසියේ වාසිය – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 
  • ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සූරියවැව. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සුපුරුදු ලෙසින් ම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි අතර ඒ අනුව ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තා.  

එම ඉනිමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට නෙත්මි පූර්ණා සමත් වූවා. ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ නායිකා මනුදි නානායක්කාර සමඟින් තෙවැනි කඩුල්ලට පන්ද 80ක දී ලකුණු 75ක සබඳතාවක් ද එක් කරමිනුයි.  

මනුදි නානායක්කාර පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී දෙව්මි විජේරත්න ලකුණු 11ක් ලබා ගත්තා.  

අනෙකුත් පිතිකාරිනියන් කිසිවෙක්ටවත් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඉඩ නොදුන් එංගලන්ත පන්දු යවන්නියන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ  Ava Lee. ඇය ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකාරිනියන් සිවු දෙනා ම ලකුණු අතර සිටිමින් ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කළ ද අවසන් පන්දුවාර කිහිපයේ දී එය පාලනය කිරීම හේතුවෙන් ඔවුන්ගේ ලකුණු පුවරුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 122කින් නතර වූවා.  

එහි දී ශෂිනි ගිම්හානි තම පන්දුවාර 4 ලකුණු 12කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. අනෙකුත් පන්දු යවන්නියන් අතුරින් මනුදි නානායක්කාර, හිරුණි හංසිකා, චමෝදි මුණසිංහ සහ දෙව්මි විජේරත්න කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

එංගලන්ත පිතිකාරිනියන් අතුරින් වැඩිම ලකුණුලාභිනිය වූයේ Abi Norgrove. ඇය පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 128 (20.0) නෙත්මි පූර්ණා 51, මනුදි නානායක්කාර 30, Ava Lee 4/19 

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවි 122 (20.0) Davina Perrin 23, Erin Thomas 21, Charis Pavely 20, Abi Norgrove 31, ශෂිනි ගිම්හානි 2/12 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 6ක ජයක්.  

මෙම තරගාවලියේ මිළඟ තරගය හෙට අප්‍රේල් 01 වැනිදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<