ජාවා ලේන් පරාජය කල පොලිස් භටයෝ

461
DCL week 2 - featured

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ දෙවැනි සිතියේ තරග 5ක් අද (03) පැවැත්විනි. එම තරග වලින් පොලිස් ක්‍රීඩා සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ක්‍රිස්ටල් පැලස් සහ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ජාවා ලේන් ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය

සවස 3.30 පමණ කොළඹ සිටි පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවත්වු තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට පොලිස් භටයෝ සමත් විය. ඒ ගෝල 02 – 03 ලෙසිනි.

කරට කර තරගයකින් පසුව ප්‍රථම අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝල 2-2 ලෙස සම තත්වයේ පසු විය. ප්‍රථමයෙන්ම ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නේ 12 වැනි මිනිත්තුවේදි පොලිස් ක්‍රීඩ මොහොමඩ් මුසායික් විසිනි. ඉන් අනතුරුව 44 වැනි මිනිත්තුවේද තවත් ගෝලයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩක සම්පත් පතිරණ සමත් විය.

ජාවා ලේන් කණ්ඩායම 42වැනි මිනිත්තුවේදි සහ 45+1 මිනිත්තුවේදි නවීන් ජූඩ් විසින් ගෝල රැස් කිරීමට සමත් විය. දෙවැනි අර්ධයේදි කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ජාවා ලේන් ක්‍රීඩකයින්ට නොහැකි වන අතර තරගයේ ජයග්‍රහණය තීරණය කර ගෝලය වාර්තාවන්නේ 78වැනි මිනිත්තුවේදි පොලිස් ක්‍රීඩක කෙල්වින් කනු විසිනි.

සුජිත් සංජීව, ඒ. රනිෂ්, චාමික කුමාර සහ නිලංත පතිරණ යන පොලිස් ක්‍රීඩකින්ට සහ ජනක චාමින්ද, චාමර ද සිල්වා සහ ටි. ෆාහීම් යන ජාවා ‍ලේන් ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – ජාවා ලේන් 02 : 03 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – නවීන් ජූඩ්


යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය

දෙවැනි සතියේ ඉරු දින පැවැත්වු තවත් තරගයක් වන මෙයින් ගෝල 06 – 00 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට යුධ හමුදා ක්‍රීඩකයින් සමත් විය. තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්විනි.

තරගය ආරම්භයේ සිටම යුධ හමුදා ක්‍රීඩකයින් ප්‍ර‍භල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල අතර ප්‍ර‍ථම අර්ධය නිමා වන්නේ ගෝල 01-00 ලෙසිනි. 30 වැනි මිනිත්තුවේදි එම ගෝලය වාර්තා කරන්නේ යුධ හමුදා ක්‍රීඩක සජිත් කුමාර විසිනි.

දෙවැනි අර්ධයේ යුධ හමුදාව වෙනුවෙන් දැවැන්ත ගෝල 4ක් ලබා ගැනීමට මොහොමඩ් ඉසඩීන් සමත් විය. ඒ 58, 77, 87 සහ 90 වැනි මිනිත්තුවලදිය. යුධ හමුදාව ලබා ගන්නා අවසන් ගෝලය වාර්තා කිරීමට 90+1 මිනිත්තුවේදි සංක දනුෂ්ක විසිනි.

යුධ හමුදා ක්‍රීඩක බණ්ඩාර වරාකාගොඩට සහ බ්ලු ස්ටාර් ක්‍රීඩක මොහොමඩ් රිෆ්කාන් සහ රංගන සිල්වා යන ක්‍රීඩකයින්ට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – යුධ හමුදා ක්‍රීඩා සමාජය 06 : 00 බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය


අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේදි කණ්ඩායම් දෙකම ගෝල 02 – 02 වාර්තා කරමින් ජය පැරදුමකින් තොරව සටන අවසන් විය. තරගය ජයතිලක ක්‍රීඩාපිටියේදි පැවැත්විනි.

තරගයේ ප්‍ර‍ථම අර්ධයේ දි ගෝල 02-00 ලෙස පෙරමුන ගැනීමට අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ 27 වැනි මිනිත්තුවේදි චාල්ස් ඔර්ලු සහ 31වැනි මිනිත්තුවේදි අනොයො ඔසොර් විසින් වාර්තා කල ගෝල ද්විත්වයයි.

තරගයේ දෙවන අර්ධයේදි ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය පෙරමුන ගනිමින්  ගෝල 2ක් වාර්තා කරමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. 42වැනි මිනිත්තුවේදි අයිසැක් අබා සහ 85 වැනි මිනිත්තුවේදි ක්‍රිස්ටෝපර් එරැස්ටස් විසින් එම ගෝල ද්විත්වය වාර්තා කරන ලදි.

අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජයේ අනොයෝ ඔසාර්, මොහොමඩ් උස්මාන්, ඩබ්. නවරත්න සහ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයේ ඒ. එම්. අශාන් සහ කලීඩ් අස්මිල් යන ක්‍රීඩකයින් හට කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය 02 : 02 ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය


නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය

වෙන්නප්පුව ශ්‍රීමත් අැල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදි පැවති තරගයෙන් ගෝල 03-01 ලෙස ජයග්‍රහණය කිරීමට නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ ප්‍ර‍ථම අර්ධය 01-01 ලෙස නිමාවට පත් වන අතර නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජයේ ගෝලය 29වැනි මිනිත්තුවේදි නාලක රොෂාන් විසින් වාර්තා කරන අතර නාවික හමුදා ගෝලය 41වැනි මිනිත්තුවේදි අන්කම ජොර්ජ් විසින් වාර්තා කරන ලදි.

තරගයේ දෙවන අර්ධයේදි තවත් ගෝල දෙකක් වාර්තා කිරීමට නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජයේ හසිත ප්‍රියන්කර සහ 88වැනි මිනිත්තුවේදි ඩබ්. එස්. එච්. පෙරේරා සමත් විය. දෙවන අර්ධයේ දි ලකුණු රැස් කරගැනීමට  නාවික හමුදා කණ්ඩායම අසමත් විය.

අවසන් ලකුණු – නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය 03 : 01 නාවික හමුදා ක්‍රීඩා සමාජය


සොලිඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය

දෙවැනි සතියේ පැවති තරග 5න් එකක් වන මෙය අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩා පිටියේදි පැවති අතර තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සොලිඩ් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ ගෝල 06 – 00 ලෙසිනි.

සොලිඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් 31 සහ 45 වැනි මිනිත්තු වලදි ගෝල වාර්තා කිරීමට ජේ. ඒ. හෙන්රි සමත් විය. ප්‍ර‍ථම අර්ධයේ තවත් ගෝලයක් වාර්තා කිරීමට 33වැනි මිනිත්තුවේදි ඕ. අයි. අඹුමර් සමත් විය. ප්‍ර‍ථම අර්ධය නිමා වන විට ගෝල 03 – 00.

දෙවන අර්ධයේදි තවත් ගෝල 3ක් වාර්තා කිරීමට සොලිඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩක ඇන්ටන් රංජන සමත් විය. ඒ තරගයේ 53, 63 සහ 91+1 මිනිත්තු වලදීය.

සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක එෆ්. බි. සි. සම්පත් හට සහ සොලිඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක එඩිසන් ෆිගරාඩො යන ක්‍රීඩකයින් වෙත කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

තරගයේ 49 සහ 88 වැනි මිනිත්තුවේදි සොලිඩ් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන එම්. ටි. එම්. රිස්මි සහ ඩි. එස්. හෙට්ටිආරච්චිහට රතු කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – සොලිඩ් ක්‍රීඩා සමාජය 06 – 00 සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය