ලිංගික අල්ලස් චෝදනා පිළිබද කමිටු වාර්තාව නවීන් අතට

133

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත අද පස්වරුවේ (20) ක්‍රීඩා අමාත්‍යාංශයේදී භාරදෙන ලදි.

 

මෙම අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහා භාණ්ඩාගාරයේ භාරකාරිනී තරංගනී කීනවින්න දිසානායක මහත්මියද, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවයේ අධ්‍යක්ෂක ආලෝක බණ්ඩාර, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්.රෆීක් සහ අතිරේක ලේකම් සමන් බණ්ඩාර යන මහත්වරුන්ද සහභාගී වූහ.