King Kohliගෙන් තවත් වාර්තාවක්

262
Virat Kohli

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ දී ඉන්දීය නායක Virat Kohli තවත් කඩඉමක් පසු කිරීමට සමත් වුනා. විස්සයි විස්ස තරග ඉතිහාසය තුළ ලකුණු 3000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්

දෙවෙනි විස්සයි විස්ස තරගයේ දී එංගලන්ත කණ්ඩායම ඉන්දීය පළමු කඩුල්ල ලකුණු 0 දී දවා ගැනීමට සමත් වුනා. ඉන් අනතුරුව පිටියෙහි එක්වූ Virat Kohli සහ නවක ක්‍රීඩක Ishan Kishan ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 50 සබඳතාවක් ගොඩනැගීමට සමත් වුනා

අහමදාබාද්හි පැවති එම තරගයේ දී ඉන්දීය කණ්ඩායම සිය ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර ගියේ Virat Kohliගේ පිත්තෙන් වාර්තා වූ හයේ පහරත් සමඟින්. ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යද්දී Virat Kohli සිය 3000 ලකුණු සීමාව පසුකර ගියා

තරගය අවසන් වන විට Virat Kohli පන්දු 49ක් තුළ නොදැවී ලකුණු 73ක් වාර්තා කරගෙන තිබුනා. මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය කණ්ඩායම තරග 1-1ක් ලෙස විස්සයි විස්ස තරගාවලිය සම කිරීමට සමත් වුනා. සිය ලකුණු 73 සඳහා Virat Kohli හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් එල්ල කර තිබුනා. ඉන්දීයඑංගලන්ත පළමු විස්සයි විස්ස තරගයේ දී Virat Kohli ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්. 

ඉන්දීය නායක Virat Kohli විස්සයි විස්ස තරග රටාව තුළ පිතිකරුවන් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඔහු මේ වන විට ලකුණු 3001ක් වාර්තා කර ඇත්තේ තරග 87කට ක්‍රීඩා කරමින්. එහිදී ඔහුගේ ලකුණු සාමාන්‍ය 50.87ක් ලෙස දැක්වෙනවා.  

මෙම ලකුණු සටහනේ දෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන Martin Guptill හට හිමිව තිබෙන අතර ඔහු තරග 99ක දී ලකුණු 2839ක් වාර්තා කරගෙන ඇත්තේ සාමාන්‍ය 32.36ක් ලෙස පවත්වා ගනිමින්

ඉන්දීය උප නායකත්වය දරන Rohit Sharma විස්සයි විස්ස තරග වලදී ලකුණු 2773ක් වාර්තා කර ඇති අතර එම ලැයිස්තුවේ ඔහු අංක 3 ස්ථානය හිමිකර ගෙන තිබෙනවා

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වුනු ටෙස්ට් තරගාවලිය Virat Kohli එතරම් සාර්ථක එකක් වුනේ නැහැ. කෙසේවෙතත් සීමිත පන්දුවාර තරගාවලිය තුළ සිය සුපුරුදු රිද්මයට පැමිණීමට ඔහු සමත්ව තිබෙනවා. Virat Kohli තවත් සුවිශේෂී වාර්තාවක් අභියස සිටිනවා. නායකයෙකු ලෙස ජාත්‍යන්තර තරග වලදී වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත්වීමටයි. මේ වන විට ඔහු එම ලැයිස්තුවේ අංක 1 ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියානු හිටපු නායක Ricky Ponting සමඟින් සම ස්ථානයේ පසුවනවා

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

සිය නව වාර්තාව විස්සයි විස්ස තරගාවලිය තුළදීම සාර්ථක කර ගැනීමට Virat Kohli උත්සාහ දරමින් සිටිනවා. ඔහු තවමත් විස්සයි විස්ස තරගයක් තුළ කිසිඳු ශතකයක් වාර්තා කර නොතිබීම හේතුවෙන්

විස්සයි විස්ස තරග රටාව වේගවත් තරග රටාවක් වන අතර එහිදී ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් මූලික වශයෙන් පන්දුවට පහර දීමේ වේගය තුළ රඳා පවතිනවා. මේ නිසා ක්‍රීඩකයන්ගේ සාමාන්‍ය ලකුණු එතරම් සැලකිල්ලට ගන්නේ නැහැ. බොහෝ ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් මෙම තරග රටාව තුළ වැඩි කාලයක් පන්දුවට පහර නොදෙන අතර එම නිසා ලකුණු සාමාන්‍යය අගයන් එතරම් ඉහළ මට්ටමක පවතින්නේ නැහැ

කෙසේවෙතත් ඉන්දීය නායකයා එම මත සියල්ල උඩුයටිකුරු කිරීමට සමත්ව තිබෙනවා. එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් තරග රටාව තුළ ප්‍රබලතම ක්‍රීඩකයා තමන් බවට තහවුරු කර ගැනීමට Virat Kohli සමත්ව සිටින්නේ එම තරග රටා තුන තුළම සිය ලකුණු සාමාන්‍ය අගය 50 ඉක්මවා පවත්වා ගනිමින්. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ තරග රටා තුනේදීම 50 සීමාව ඉක්මවා ලකුණු සාමාන්‍ය අගයක් පවත්වා ගත් ලොව එකම ක්‍රීඩකයා ද Virat Kohli යි

විස්සයි විස්ස තරග රටාව තුළ එතරම් ප්‍රහාරාත්මක ක්‍රීඩකයකු නොවන Virat Kohli සිය රිද්මය උපරිම ආකාරයෙන් පවත්වා ගනිමින් නිරන්තරයෙන් සාර්ථක ඉනිම් දියත් කිරීමට සමත් වෙනවා. මීට මාස කිහිපයකට පෙර විස්සයි විස්ස තරග රටාව තුළ වැඩිම ලකුණු ලාභියා වීමට ඔහු සහ ඉන්දීය උප නායකයා වන Rohit Sharma අතර තියුණු සටනක් පැවැත්වුනා. කෙසේවෙතත් නවසීලන්තය වෙනුවෙන් දක්ෂ ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළ Martin Guptill මේ වන විට එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා

Rohit Sharma විස්සයි විස්ස තරග රටාව තුළ ශතක හතරක් වාර්තා කර ඇති අතර එම දස්කම දැක්වූ එකම ක්‍රීඩකයා ඔහුයි. මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින Virat Kohliගේ සුවිශේෂත්වය වන්නේ Martin Guptill සහ Rohit Sharma යන දෙදෙනාම ඔහුට වඩා තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබීමයි

ඉන්දීයඑංගලන්ත විස්සයි විස්ස තරගාවලිය තරග 05කින් සමන්විත වන අතර එහි තුන්වන තරගය හෙට (16) දින පැවැත්වීමට නියමිතයි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<