සදීර සමරවික්‍රමගේ අගනා ඉනිම Tamil Unionට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

246

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග අද (14) කොළඹ සහ කටුනායක ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.

රොෂාන් ප්‍රනාන්දු (3/13), නිසල තාරක (2/10) සහ නිශාන් පීරිස්ගේ (2/04) පන්දු යැවීම නිසාවෙන් Kandy Customs පරදවා Duckworth–Lewis න්‍යාය මත ලකුණු 16ක ජයක් ලබා ගන්නට මීගමුව ක්‍රීඩකයන් සමත් වුනා.

චරිත් ජයම්පති (4/26) සහ කෝෂාන් ධනුෂ්කගේ (3/22) අගනා පන්දු යැවීම නිසාවෙන් Sebastianites කණ්ඩායම ලකුණු 8කින් පරාජය කරන්නට පානදුර ක්‍රීඩකයන් සමත් වුනා.

රජිත් ප්‍රියාන්ගේ (4/20) පන්දු යැවීම සහ ඩිල්ෂාන් කාංචනගේ (56*) පිතිකරණය නිසාවෙන් Nugegoda SWC කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් ලබා ගන්නට ගාල්ල ක්‍රීඩකයන් සමත් වුනා.

ළහිරු මධුශංකගේ (3/12) පන්දු යැවීම සහ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ගේ අගනා පිතිකරණය නිසාවෙන් BRC පරාජය කර කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට CCC කණ්ඩායම සමත් වුනා.

තියුණු සටනකින් පසු Saracens ක්‍රීඩකයන් පරාජය කරමින් ලකුණක තියුණු ජයක් ලබා ගන්නට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුනා. අගනා පන්දු යැවීමක නිරත වූ යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලකුණු 12කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.

සදීර සමරවික්‍රමගේ අගනා අර්ධ ශතකය (93) නිසාවෙන් නාවික හමුදා කණ්ඩායම පරදා ලකුණු 69ක පහසු ජයක් ලබා ගන්නට Tamil Union කණ්ඩායම සමත් වුනා.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – Negombo CC

Negombo Cricket Club – 150/7 (20) – ළහිරු මිලන්ත 30, ඇන්ජලෝ ජයසිංහ 37, පසිදු මධුශංක 29, මාධව වර්ණපුර 21, සචිත්‍ර පෙරේරා 3/37

Kandy Customs Sports Club – 54/8 (9) – අකීල් ඉන්හාම් 26*, රොෂාන් ප්‍රනාන්දු නිසල තාරක 2/10, නිශාන් පීරිස් 2/04

Negombo CC කණ්ඩායමට ලකුණු 16ක ජයක් (DLS)

Group – D

  • Venue – Colts Ground, Colombo
  • Toss – TBA

Panadura Sports Club – 122/8 (20) – හශාන් චාමර 29, හාන්ස් ප්‍රනාන්දු 26, චතුර ඔබේසේකර 3/17, තරූෂ ප්‍රනාන්දු 3/16

Sebastianites Cricket Club – 114/9 (20) – සමීන් කන්දරආරච්චී 30, විහාන් ගුණසේකර 26, චරිත ජයම්පති 4/26, කෝෂාන් ධනුෂ්ක 3/22

Panadura SC කණ්ඩායමට ලකුණු 8ක ජයක් 

Group – A

  • Venue – NCC Ground, Colombo
  • Toss – Nugegoda SWC

Nugegoda Sports & Welfare Club -134 (20) – මුදිත ලක්ෂාන් 52, සඳරුවන් ප්‍රනාන්දු 44, රජිත ප්‍රියාන් 4/20, ඩිල්ෂාන් කාංචන 2/20, රවිශ්ක විජේසිරි 2/26

Galle Cricket Club – 135/5 (19.5) – ඩිල්ෂාන් කාංචන 56*, ඉමේෂ් උදයංග 43, විනෝද් පෙරේරා 3/25

Galle කණ්ඩායමට කඩුලු 5ක ජයක් 


Group – A

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – BRC

Burgher Recreation Club -111/7 (19.2) – ශනුක දුලාජ් 50, ළහිරු මධුශංක 3/12

Colombo Cricket Club – 118/3 (11.4) – රොන් චන්ද්‍රගුප්ත 38, ලසිත අබේරත්න 26*, අශාන් ප්‍රියන්ජන් 29*, මිනෝද් බානුක 20, සචින්ත පීරිස් 3/21

CCC කණ්ඩායමට කඩුලු 7ක ජයක් 

Group – D

  • Venue – Colts Ground, Colombo
  • Toss – Saracens SC

Army Cricket Club – 105/8 (20) – ජනිත් සිල්වා 34*, උදිත මධුශාන් 2/19, මාලිංග අමරසිංහ 2/20, සංජය චතුරංග 2/26 

Saracens Sports Club – 104/9 (20) – තවීෂ කහදුවරආරච්චී 29, හෂාන් දුමින්ද 21, මතීෂ තීක්ෂණ 2/12, දුෂාන් විමුක්ති 2/11, සසික ඩිල්ෂාන් 2/27

යුද හමුදා කණ්ඩායමට ලකුණක ජයක් 

Group – D

  • Venue – NCC Ground, Colombo
  • Toss – Tamil Union CC

Tamil Union Cricket Club – 215/4 (20) – සදීර සමරවික්‍රම 93, සුපුන් කාවින්ද 52, සිතාර ගිම්හාන් 39, සුරංග පරණවිතාන 1/18

Navy Sports Club – 146/6 (20) – චානක රුවන්සිරි 37, මයන්ත 33, බුද්ධික මධුෂාන් 20, ප්‍රමෝද් මධුශාන් 3/39, සචින්දු කොළඹගේ 2/14

Tamil Union කණ්ඩායමට ලකුණු 69ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<