Home Sinhala වනිඳුගේ දක්ෂතා Hasanගේ පන්දු යැවීමට පසු බසී

වනිඳුගේ දක්ෂතා Hasanගේ පන්දු යැවීමට පසු බසී

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2021

302

බංග්ලාදේශයේ, ඩකා හී Shere Bangla ක්‍රීඩාංගණයේ දී අද (23) ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 33ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ  සමත් වුනා.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද ඔවුන් සමත් වුනා.

බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 257ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ පන්දුවාර 48.1ක දී සියලුම දෙනා දැවී ලකුණු 224ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අංක 8 ස්ථානයෙන් පිටියට පිවිසි වනිඳු හසරංග බංග්ලාදේශයේ ජයග්‍රහණය පමා කරමින් දැක්වූ දක්ෂතා කැපී පෙනුණා. නමුත් ශ්‍රී ලංකා ඉනිමේ කොඳුනාරටිය බඳු ඉදිරි පෙළ පිතිකරු ලැයිස්තුව උගුල්ලා දැමූ Mehidy Hasanගේ දක්ෂතා පසුකිරීමට ඔහුගේ දක්ෂතා ප්‍රමාණවත් වූයේ නැහැ. කෙසේ වෙතත් තරගයේ වීරයා ලෙසින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mushfiqur Rahim නම් කෙරුණා.

වැඩි ලකුණු ප්‍රමාණයකට ඉව ඇල්ලීමේ අරමුණෙන් කාසියේ වාසියේ ජයග්‍රහණය ඉවහල් කර ගැනීම බංග්ලාදේශ කණ්ඩායමේ අරමුණ වූ බැව් තරගය ආරම්භයේ සිට ම දැක ගන්නට ලැබුණා. වරක් දෙවරක් අසාර්ථක වූව ද ඔවුන් තම ඉනිම අවසන් වන විට ගෞරවනීය තත්ත්වයකට පිවිසුණේ තවත් කඩුලු 4ක් ද අත තබා ගනිමින්.

බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ නායක Tamim Iqbal සහ Liton Das. මේ වමත්, දකුණත් සුසංයෝගයේ සබඳතාව පන්දු 9කට සීමා කරමින් අවාසනාවන්ත ආරම්භයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. එහි පෙරමුණ ගත්තේ දුෂ්මන්ත චමීර සහ පළමු slip ස්ථානයේ පන්දු රැකි ධනංජය ද සිල්වා. 

එම තත්ත්වය තව දුරටත් පවත්වා ගනිමින් පිටිය හැසිර වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා. එම අවස්ථාවේ දී  බංග්ලාදේශ කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙසින් වඩාත් විශ්වාසය දිනා ගත් Shakib Al Hasan නායකයා සමඟ එක් වෙමින් බංග්ලාදේශ ඉනිම සෙමින් එහෙත් ඉතා ම සැලසුම් සහගතව ගොඩ නගන අයුරු දිස් වුනා. 

එහෙත් ඒ වෙන විට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ සම්පූර්ණයෙන් ම තරගයේ පාලනය ඔවුන් වෙත නතු කරගෙන තිබුණා. පළමු පන්දුවාර 10 අවසන් වන විට බංග්ලාදේශ ක්‍රීඩකයෝ රැස් කරගෙන සිටියේ කඩුල්ලක් අහිමි කර ගනිමින් ලකුණු 40ක් පමණයි. 

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් Shakibගේ කඩුල්ල දවා ගැනීමට ධනුෂ්ක ගුණතිලක සමත් වුනා. ඒ පැතුම් නිස්සංක ලබා ගත් උඩ පන්දුවක් ද දායක කර ගනිමින්. ඒ වෙද්දී Shakib ලබා සිටියේ ලකුණු 15ක් පමණක් වන අතර ඊට පන්දු 34ක් වැය කිරීමට ඔහුට සිදුව තිබුණා. ඒ වෙද්දී ද තරගයේ පාලනය නතුව තිබුණේ සංචාරක දඟපන්දු යවන්නන් අතරයි. 

නමුත් අනතුරුව කඩුල්ලේ දී බංග්ලාදේශ ලකුණු පුවරුව තරමක් ඉහළ නැගීමට නායක Tamim Iqbal සහ Mushfiqur Rahimට හැකි වුනා. Tamim Iqbal අද තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 51 වැනි අර්ධ ශතකය රැස් කළේ තමන් මුහුණ දුන් 66 වැනි පන්දුවේ දී. අනතුරුව තමන් මුහුණ දුන් සිව්වැනි පන්දුවේ දී සත්කාරක නායකයාගේ ඉරණම විසඳුණා. 

ධනංජය ද සිල්වාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරමින් Tamim Iqbal දැවි ගිය පිතිකරුවෙක් ලෙසින් ප්‍රධාන විනිසුරු නම් කළා. Tamim Iqbal එම තීරණය අභියෝගයට ලක් කළ ද විනිසුරු තීරණයේ වෙනසක් සිදු වූයේ නැහැ. ඔහු දැවී යන විට පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා. ඔහු සහ Mushfiqur Rahim අතර තෙවැනි කඩුල්ලට ලකුණු 56ක සබඳතාවක් එක් කළා. 

ධනංජය විසින් යැවුණ ඊළඟ පන්දුවේ දී Mohammad Mithun ද ඒ ආකාරයෙන් ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසින් නම් කෙරුණා. නමුත් එය ද අභියෝගයට ලක් කෙරුණු අතර එහි ප්‍රතිඵලය ද පෙර සේ ම වුණා. 

අනතුරුව කඩුල්ලේ දී ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නැගීමට Mushfiqur Rahim සහ Mahmudullah සමත් වුනා. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ තරමක් මෙල්ල කරමින් ඔවුන් දෙදෙනා එක් ව බංග්ලාදේශ ලකුණු පුවරුවට ලකුණු 200 සීමාව දක්වා ගෙන ආවා. 5 වැනි කඩුල්ල ලෙසින් Mushfiqur Rahim පිටියෙන් ඉවත් වන විට බංග්ලාදේශ ඉනිම ලකුණු 208කට නතර වුනේ ලකුණු 109ක සබඳතාවක් ද සමගින්. ඉන් ලකුණු 84ක් Mushfiqur Rahim සතු වූ අතර ඔහු ඒ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 87ක් පමණයි. හතරේ පහර 4ක් සහ හයේ පහරක් ද ඒ අතර තිබුණා. 

ඉන් අනතුරුව කැපී පෙනෙන ඉනිමක නිරත වූයේ Mahmudullah පමණයි. ඔහුගේ ඉනිම අවසන් ධනංජය ද සිල්වාගේ පන්දුවක කඩුල්ලේ වැදෙමින් අවසන් වන විට පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 54ක් ලබා සිටියා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර පිටියේ 24 වන අර්ධ ශතකයයි. 

බංග්ලාදේශ ඉනිම අවසන් වන විට Afif Hossain (27) සහ  Mohammad Saifuddin (13) නොදැවි පිටියේ රැඳී සිටියා. 

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ ධනංජය ද සිල්වා ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර දුෂ්මන්ත චමිර, ධනුෂ්ක ගුණතිලක සහ ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් දවාගෙන සිටියා. 

ලකුණු 258ක හඹායන ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ධනුෂ්ක ගුණතිලක සහ නායක කුසල් පෙරේරා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කළේ ලකුණු 30ක් පමණයි. ධනුෂ්ක පන්දු 19කින් හතරේ පහර 5ක සමඟින් ලකුණු 21ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙසින් දැවී ගියා.

අනතුරුව පිටියට එක් වූ පැතුම් නිස්සංකට ද වැඩි දායකත්වයක් කණ්ඩායම වෙනුවෙන් දැක්වීමට හැකි වුනේ නැහැ. ඔහුගේ ඉනිම ලකුණු 8කට සීමා වුනා. තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායකයා සමඟ එක් වූ නව උප නායක කුසල් මෙන්ඩිස්ට ද මේ තරගය එතරම් ම හිතකර වූයේ නැහැ.

ලකුණු මෙන් ම කඩුල්ල ද අවැසි මොහොතක කුසල් මෙන්ඩිස් ලකුණු 24කට දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 36කට මුහුණ දී සිටි අතර හතරේ පහර 2ක් එම ඉනිමේ තිබුණා. ඔවුන් දෙදෙනා අතර පැවති එම කඩුල්ලේ සබඳතාවට පන්දු 63කින් රැස් කළ ලකුණු 41ක් රැඳී තිබුණා.

ඉන් අනතුරුව එතෙක් වේලා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කුසල් පෙරේරා ද තම ඉනිම හැර ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 30ක් රැස් කරගෙන සිටියා. ධනංජය ද සිල්වාගේ ඉනිම ද අවාසනාවන්ත ලකුණු 9න් අවසන් වුනා. 

ශ්‍රී ලංකා ඉනිමේ ශතක ලකුණ පන්දු 150කින් වාර්තා වෙද්දී ඉදිරි පෙළ ක්‍රීඩකයෝ 5 දෙනෙක් ම ක්‍රීඩා විවේකාගාරයට යැවීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වුනා. ඉන් කඩුලු 3ක් ම අයත් වුනේ දකුණතින් පිට දඟෙපන්දු යැවූ Mehidy Hasan Mirazට. අනතුරුව අශේන් බණ්ඩාරගේ (03) කඩුල්ල දවා ගන්නා Mehidy Hasan ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි තම හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ශ්‍රී ලංකා ජයග්‍රහණය පන්දුවෙන් පන්දුව ගිලිහෙමින් තිබෙද්දී පසු පෙළින් පිටියට පිවිසි වනිඳු හසරංග සටන්කාමි ඉනිමක නිතර වුනා. ඔහු ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන විට පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා.

වනිඳු තමන්ට පෙර පන්දුවට පහර දීමට පිටියට පිවිසි දසුන් ශානක (14) සමෙඟ එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් එක් කිරීමටත් සහ ඉසුරු උදාන සමඟ එක් වෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කිරීමටත් සමත් වුනා.

වනිඳුගේ දැවී යෑමෙන් අනතුරුව පන්දුවේ දී ඉසුරු උදානගේ ඉනිම ද අවසන් කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වුනා. ඉසුරු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා. අවසන් පිතිකරු ලෙසින් දුෂ්මන්ත චමීර ලකුණු 5කට දැවී ගිය අතර ලක්ෂාන් සඳකැන් නොදැවී ලකුණු 8ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී Mehidy Hasanට අමතර ව Mustafizur Rahman කඩුලු 3ක් ද Mohammad Saifuddin කඩුලු 2 ද සහ Shakib Al Hasan කඩුල්ලක් ද බැගින් දවා ගත්තා. 

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ මස 25 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once