Home Sinhala අවසන් පන්දුවේ උණුසුම් සටනින් IMPERIAL ශූරතාවය දිනා ගනියි

අවසන් පන්දුවේ උණුසුම් සටනින් IMPERIAL ශූරතාවය දිනා ගනියි

Red Bull Campus Cricket Tournament 2021

772
Red Bull Campus Cricket Tournament 2021

2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදියරේ ශූරතාවය දිනා ගැනීමට Imperial College of Business Studies (ICBS) කණ්ඩායම අද (14) සමත් වුනා. ඒ BRC පිටියේ පැවති තියුණු අවසන් මහා තරගයට පසුව CCC (Central Campus – Colombo) කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජයට පත් කරමින්.

ඒ අනුව 2021 වසරේ ඕමානයේ දී පැවැත්වීමට නියමිත Red Bull විශ්ව විද්‍යාලයීය ලෝක අවසන් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ Imperial College of Business Studies කණ්ඩායමයි.

මේ සුපිරි අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් IMPERIAL කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා. 

එහි දී නායක අවිශ්ක පෙරේරා පන්දු 36ක් තුල ලකුණු 47ක් ලබා ගනිමින් ඔවුන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුවත් රුසිර මදනායක, රෙවාන් කෙලී සහ සජිත් ද සිල්වා කඩුලු දෙක බැගින් දවා ගනිමින් CCC මැදපෙළ බිඳ දැමූ නිසා ඔවුන් මුලදී ලබා ගත් සුපිරි ආරම්භය අවසානයේ දී ක්‍රමයෙන් ගිලිහී ගියා.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් අවසානයේ දී ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොහාන් සංජය 4 පහරක් සහ 6 පහර 4ක් සමඟ පන්දු 17ක දී නොදැවී ලකුණු 38*ක් ලබා ගත් ලකුණු ප්‍රමාණය නිසාවෙන් යම් සටන්කාමී ලකුණු ප්‍රමාණයක් වෙත යාමට CCC කණ්ඩායමට හැකියාව ලැබුණා.

ලකුණු 136ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි IMPERIAL කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවේ දෙකේ දී ලකුණු 5ක් ලබා ගැනීමට තිබුණු අතර අයේෂ් හර්ෂණ අවසන් පන්දු දෙකේ දී ලකුණු 8ක් ලබා ගනිමින්  සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

ඔවුන්ගේ මුල් පෙළ බිඳ වැටුණු පසුව මැදපෙළ සවිමත් කළ වමතින් පිතිකරණයේ නිරත වන තිවංක ලක්රුවන් වේගවත් ලකුණු 39ක් ලබා ගනිමින් සිය කණ්ඩායමෙන් ඉවතට යමින් තිබූ තරගය නැවතත් ඔවුන්ගේ මාවතට රැගෙන ආවා. ඒ 4 පහරක් සහ 6 පහර 5ක් සමඟ පන්දු 18ක දී ලකුණු 39ක් ලබා ගනිමින්.

  • CCC – 135/8 (20): අවිශ්ක පෙරේරා 47, රොහාන් සංජය 38*, කවිඳු මදාරසිංහ 18, රුසිර මදනායක 2/23, රෙවාන් කෙලී 2/23, සජිත් ද සිල්වා 3/36.
  • IMPERIAL – 139/9 (20): තිවංක ලක්රුවන් 39, තරිඳු ගමගේ 30, මල්ෂාන් රොද්‍රිගෝ 16*, චමිඳු විජේසිංහ 3/33, නවෝද් පරණවිතාන 2/11, රොහාන් සංජය 2/15,

තරගාවලියේ වීරයා – චමිඳු විජේසිංහ (CCC)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once