Virat Kohli තවත් කඩඉමක් පසුකරයි

552

ඉන්දීය ක්‍රිකට් නායක Virat Kohli අද (26) සිය ක්‍රිකට් දිවියේ තවත් කඩඉමක් පසු කළා. ඒ එක්දින තරග ඉතිහාසය තුල නායකයෙකු ලෙස රැස්කළ වැඩිම ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා පැමිණෙමින්. ඔහු එහි දී පසුකළේ හිටපු දකුණු අප්‍රිකානු නායක Graeme Smithගේ වාර්තාවයි.

ඉන්දියාව සහ එංගලන්ත අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී ඉන්දීය නායක Virat Kohli මෙම කඩඉම පසු කළා. ඔහුගේ ඉනිමට ලකුණු 66ක් එක්ව තිබුණා. තරගය පැවැත්වුණේ පුනේ හිදීයි.

කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායමේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 9 දී දැවී ගිය අතර ඉන්දීය නායකයා පිටියට පිවිසියේ ඉන් අනතුරුයි.

තරගය ආරම්භ වීමට පෙර Virat Kohli වැඩිම ලකුණු ලබා ගත් නායකයන්ගේ ලැයිස්තුවේ හයවැනි ස්ථානයේ සිටියේ Graeme Smithට වඩා ලකුණු 41ක් පසුපසින් සිටිමින්.

හිටපු දකුණු අප්‍රිකානු නායකයා සිය එක්දින දිවිය තුල නායකයෙකු ලෙස ලකුණු 5416ක් වාර්තා කර තිබුණා. තරගයේ 24 වැනි පන්දුවාරයේ දී ලකුණු 41 පසුකර ගිය Virat Kohli වැඩිම ලකුණු ලබාගත් නායකයන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට පත්වුනා. 

තවත් ක්‍රිකට් පුවත්:

මෙම ලකුණු සටහනේ අංක 1 ස්ථානය ලබාගෙන ඇත්තේ හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting ය. ඒ ලකුණු 8497ක් ලබා ගනිමින්. එහි දී ඔහු තරග 234කට නායකත්වයකට සපයා තිබෙනවා.

එම සටහනේ දෙවැනි ස්ථානය තරග 200කට නායකත්වය සපයා ඇති හිටපු ඉන්දීය නායක Mahendra Singh Dhoni හට හිමිව තිබෙනවා. ඔහු ලකුණු 6641ක් වාර්තා කර තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු නායක අර්ජුන රණතුංග මෙම සටහනේ සිව්වැනි ස්ථානයට හිමිකම් කියනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරග 193කට නායකත්වය සපයා ඇති ඔහු ලකුණු 5608ක් වාර්තා කර තිබෙනවා.

මෙම සටහනේ සෙසු නායකයන් සමඟ සසඳන විට ඉන්දීය නායක Virat Kohli වැඩිම ලකුණු සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. ඔහුගේ සාමාන්‍ය 73.64ක්.

ඉන්දීය නායකයා මෙම ලැයිස්තුවේ වැඩිම සාමාන්‍ය හිමි පිතිකරුවා මෙන්ම වැඩිම පන්දුවට පහර දීමේ වේගයක් ද සහිත ක්‍රීඩකයායි. ඔහු මේ දක්වා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරා ඇති තරග සංඛ්‍යාව 94ක්.

නායකයන් ලෙස වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයන්

ස්ථානය  ක්‍රීඩකයා  කණ්ඩායම  තරග සංඛ්‍යාව  ලකුණු 
1 Ricky Ponting  ඕස්ට්‍රේලියාව  234 8497
2 M S Dhoni  ඉන්දියාව  200 6641
3 Steven Fleming නවසීලන්තය  218 6295
4 අර්ජුන රණතුංග  ශ්‍රී ලංකාව  183 5608
5 Virat Kohli* ඉන්දියාව  94 5441
6 Greame Smith දකුණු අප්‍රිකාව  150 5416
7 M Azharudin ඉන්දියාව  175 5243
8 Saurav Ganguly  ඉන්දියාව  147 5104
9 A B de Villiers  දකුණු අප්‍රිකාව  103 4796
10 Alan Boder ඕස්ට්‍රේලියාව  178 4439
11 සනත් ජයසූරිය  ශ්‍රී ලංකාව 117 4364

ඉන්දීය එංගලන්ත දෙවන එක්දින තරගයේ දී දක්ෂ පිතිකරණයක නිරත වූ ඉන්දීය කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 336ක් වාර්තා කිරීමට සමත් වුනා. එහි දී K L Rahul ලකුණු 108ක් වාර්තා කළා. Virat Kohliගේ අර්ධ ශතකයට අමතරව Rishabh Pant වේගවත් ලකුණු 77ක් වාර්තා කළා. එක්දින තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ ඉන්දීය කණ්ඩායමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<