පැතුම්ගේ ශතකයට මහේලගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2021

325
Pathum Nissanka

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී අගනා ශතකයක් ලබා ගැනීමට යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක ඊයේ (24) සමත් වුනා.

කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා වූ පැතුම් ටෙස්ට් වරම් දිනා ගනිමින් ක්‍රීඩා කළ පළමු තරගය මෙය වන අතර එම ශතකයත් සමඟින් මංගල ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස්කළ සිව්වැනි ශ්‍රී ලාංකිකයා වීමට ඔහුට හැකි වුනා.

ඔහුට පෙර බ්‍රෙන්ඩන් කුරුප්පු, තිලාන් සමරවීර සහ රොමේෂ් කළුවිතාරණ යන ක්‍රීඩකයන් මෙම දස්කම දක්වා තිබූ නමුත් විදෙස් රටක දී එම දස්කම පෑ මුල්ම ක්‍රීඩකයා පැතුම් වීම ද කැපී පෙනුණා.

පැතුම් නිශ්ශංකගේ එම ශතකයට මහේල ජයවර්ධන, රසල් ආනෝල්ඩ් ඇතුළු හිටපු ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නව අධ්‍යක්ෂවරයා ලෙස පත්වූ Tom Moody ඇතුළු කිහිප දෙනෙකු Twitter පණිවිඩ ඔස්සේ සුබ පැතුම් එක්කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

සිය ගිණුමේ සටහනක් තබමින් හිටපු ශ්‍රී ලංකා නායක මෙන්ම වත්මන් ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධන මහතා සඳහන් කර තිබුණේ,

“පසුගිය වසර 3ක කාලයක පළමු පෙළ පිටියේ 67ක පිතිකරණ සාමාන්‍යයක් පවත්වා ගත් තරුණ ක්‍රීඩකයාට අවසානයේ දී අවස්ථාව හිමි වුනා. හොඳට කළා පැතුම්”, යන්නයි.

එමෙන්ම සිය Twitter ගිණුමේ සටහනක් තබමින් හිටපු ක්‍රීඩක රසල් ආනෝල්ඩ් සඳහන් කර තිබුණේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇතැම් කණ්ඩායම්වල ක්‍රීඩා කිරීමට අවශ්‍ය නොවන බව ඔහු පෙන්නුම් කළ බවත්, එහි සරල මන්ත්‍රය ලකුණු ලබා ගැනීම සහ කඩුලු ලබා ගැනීමට බවයි.

මීට අමතරව පකිස්තාන ක්‍රීඩක kamran Akmal විසින් ද පැතුම්ගේ ඉනිම අගයමින් සුබ පැතුම් එක්කර තිබුණා.

හිටපු ක්‍රීඩකයන් ඇතුළු පිරිස එක්කර තිබූ සුබ පැතුම් කිහිපයක්,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<