දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු දක්ෂයින් සොයා යෑමේ අටියෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (09) ක්‍රියාත්මක වූයේ කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය පමණි.

එම තරගය අද සන්ධ්‍යා කාලයේ දී ජය පැරදුමකින් තොරව නිමා වුවද සුපිරි දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම දස්කම් දේශීය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයින්ගේ දැඩි කතාබහට ලක්විය.

ප්‍රවීණයෝ හිඟ Tier A පිටිය අංකුර ක්‍රීඩකයෝ වටලති

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්ව සිටීම හේතුවෙන් අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ

මීට දින තුනකට පෙරාතුව මුවර්ස් ක්‍රිකට් රජ දහනේ දී ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයයි. ඒ අනුව තරමක අවදානමක් තිබුණ ද, තණතිල්ලේ ස්වභාවය සහ තම පිතිකරුවන්ගේ හැකියාව පිළිබඳව විශ්වාසය තබමින් මුලින්ම පිත්ත අතට ගැනීමට කෝල්ට්ස් නායකයා තීරණය කළේය.

ඔහුගේ තීරණයට උපරිම සාධාරණය ඉටු කළ කෝල්ට්ස් ක්‍රීඩකයින් තම ප්‍රථම ඉනිම නිමා කළේ සියල්ලන්ම දැවී ලකුණු 463ක් රැස්කර ගනිමිනි. ඉනිමේ ප්‍රධාන චරිතයට පණ පෙවූ 22 හැවිරිදි වියේ පසුවන සංගීත් කුරේ ලකුණු 200ක් රැස්කළේ දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට තරම් කුසලතාවයක් සහ සංයමයක් සහිත සුවිශේෂී පිතිකරුවන් තවමත් ලක්මව සතුවන බවට සාක්ෂි සපයමිනි.

වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවෙකු වන සංගීත්ට තම මංගල ද්විත්ව ශතකය ලබා ගැනීම වෙනුවෙන් පන්දු 302කට මුහුණ දීමට සිදු විය. ඒ අතරතුරේ දී රක්ත වර්ණ ලෙදර් පන්දුව 28 වතාවක් හතරේ සීමාව කරා ඇදී ගිය අතර එක් වරක් හතරේ සීමාවට ඉහළින් ද ඇදී ගියේය. පසුගිය වර්ෂයේ දී ද කිහිප වතාවක්ම කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළ සංගීත්ට මෙවන් දක්ෂතා අඛණ්ඩව ප්‍රදර්ශනය කිරීමට හැකි වුවහොත් ඉදිරියේ දී ටෙස්ට් කණ්ඩායමේ දොරගුළු හැර ගැනීමට ද අපහසු නොවනු ඇත. සංගීත්ට අමතරව කෝල්ට්ස් ඉනිම ගොඩ නැංවීමට වෙහෙස දැරූ දිල්රුවන් පෙරේරා සහ ප්‍රියමාල් පෙරේරා අර්ධ ශතකය බැගින් රැස් කළහ.

“තුන් ඉරියව්වෙන්ම අපි දක්ෂයි” – හතුරුසිංහ

ශ්‍රි ලංකා නව ක්‍රිකට් නායකයා තෝරාපත් කිරීමෙන් අනතුරුව අද (09) ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති

කෝල්ට්ස් පිළේ මෙම දැවැන්ත ඉනිම අවසානයේ දී පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට බට මුවර්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 289කින් සෑහීමකට පත් වන්නට සිදු වූයේ ප්‍රභාත් ජයසූරිය දක්ෂ පන්දු යැවීමක යෙදෙමින් කඩුලු 5ක් බිඳ හෙලූ නිසාවෙනි. පිතිකරණයේ දී ඊයේ දිනයේ නොදැවී අර්ධ ශතකයක් ලබා සිටි චාමර සිල්වා අද ශතකය කරා යාමට දැඩි උත්සාහයක් ගත්ත ද, ලකුණු 98කට ඔහුගේ ඉනිම අවාසනාවන්ත ලෙස නිමා විය. මීට අමතරව ඉරෝෂ් සමරසූරිය ලකුණු 70ක් ද, පබසර වඩුගේ ලකුණු 50ක් ද රැස් කරමින් මුවර්ස් ප්‍රථම ඉනිම ඉහළ නැංවූහ.

අද දෙවැනි ඉනිම වෙනුවෙන් පිතිකරණයේ යෙදුණු කෝල්ට්ස් ක්‍රීඩකයින් තරගය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 269ක් ලබා සිටියහ. එහිදී දිනයේ වාසනාවන්තම පිතිකරුවා බවට පත්වූයේ විනිසුරුවරුන් තරගයේ නිමාව සනිටුහන් කිරීමට මොහොතකට පෙර තම ශතකය වාර්තා කරගත් මැදපෙළ පිතිකරු පසිඳු ලක්ෂංකයි. කෙසේ වෙතත් එවන් වාසනාවක් උරුම නොවූ සංගීත් කුරේට දෙවැනි ඉනිමේ දී ශතකය පෙනෙන මානයේ දී දැවී යන්නට සිදු විය. ඒ ලකුණු 98ක් රැස්කර සිටියදීයි.

ශ්‍රී ලංකා සංචිතයේ සුක්කානම නැවතත් මැතිව්ස්ට

ලබන සතියේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා ක්‍රීඩා

කෙසේ වෙතත් තමන් මේ වන විට ක්‍රීඩා කර ඇති පළමු පෙළ තරග 20දී ශතක 2ක් අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 44.30ක සාමාන්‍යයක් සමඟින් ලකුණු 1329ක් රැස් කරගෙන සිටින සංගීත් කුරේ මෙම තරගය තුල දී දැක්වූ දක්ෂතා ඉතාමත් ප්‍රශස්ත මට්ටමක තිබූ බව නොකියාම බැරිය. මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉනිම දෙකේ දී ම සුපිරි දක්ෂතා පළකළ 21 හැවිරිදි වියේ පසුවන ඩිලංක සඳකැන් තරගය පුරාවට කඩුලු 11ක් බිඳ හෙලමින් සාර්ථක විය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 463 (පන්දුවාර 115.2): සංගීත් කුරේ 200, දිල්රුවන් පෙරේරා 83, ප්‍රියමාල් පෙරේරා 51, පසිඳු ලක්ෂංක 46, අවිශ්ක ප්‍රනාන්දු 28, ඩිලංක සඳකැන් 8/184, තරිඳු රත්නායක 2/102.

මුවර්ස් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 85.5): චාමර සිල්වා 98, ඉරෝෂ් සමරසූරිය 70, පබසර වඩුගේ 50, ඇන්ඩෘ පැරායස් 23, ප්‍රභාත් ජයසූරිය 5/117, දිල්රුවන් පෙරේරා 2/49, මොහොමඩ් ශිරාස් 2/57.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 269 (පන්දුවාර 53): පසිඳු ලක්ෂංක 100*, සංගීත් කුරේ 98, කවිශ්ක අන්ජුල 45, ඩිලංක සඳකැන් 3/128.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<