හසිත, චරිත් සහ විදුරගේ ශතක දිනය හැඩකරයි

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින තරගාවලිය 2020/21

259
Major Club Limited Over Tournament 2020/21

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් තරග කිහිපයක් අද (24) දින දිවයිනේ ක්‍රීඩාංගණ දොළහක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දී ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු 112ක පහසු ඉලක්කය මොහොමඩ් ශිරාශ් (5/34) ඇතුළු පන්දු යවන්නගේ දස්කම් නිසාවෙන් සාර්ථකව ආරක්ෂා කරගනිමින් ලකුණු 36ක ජයක් ලබා ගැනීමට BRC ක්‍රීඩකයන් සමත් වුනා.

Nugegoda S&WC පරදවා ලකුණු 164ක දැවැන්ත ජයක් ලබා ගැනීමට NCC ක්‍රීඩකයන් සමත් වුනා. අගනා පිතිකරණයක් දියත් කළ හසිත බෝයගොඩ ලකුණු 101ක් සහ කවීන් බණ්ඩාර ලකුණු 85යි.  

පානදුර ක්‍රිකට් කණ්ඩායම පරදා DLS න්‍යාය මත ලකුණු 35ක ජයක් ලබා ගන්නට නාවික හමුදා කණ්ඩායම සමත් වුනා. අරවින්ද අකුරේගොඩ ලකුණු 63යි.

කසුන් විදුරගේ අගනා ශතකයත් (107*), පුලින තරංගගේ තුන් ඉරියව් දස්කම් (45 & 2/44) සහ තික්ෂිල ද සිල්වාගේ පන්දු යැවීමත් (3/36) නිසාවෙන් ගාල්ල කණ්ඩායම පරාජය කරමින් එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට Chilwa Marians සමත් වුනා.

DLS න්‍යාය මත පොලිස් ක්‍රිකට් කණ්ඩායම පරදා ලකුණු 31ක ජයක් ලබා ගැනීමට SSC සමත් වුනා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ SSC නායක චරිත් අසලංක නොදැවී ලකුණු 178ක් ලබා ගැනීමට සමත් වුනා.

අයහපත් කාලගුණය නිසාවෙන් බදුරලිය සහ පොලිස් කණ්ඩායම් අතර තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ බදුරලිය ක්‍රීඩක සඳුන් වීරක්කොඩි නොදැවි ලකුණු 78යි.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – CCC Ground, Colombo
  • Toss – CCC

Bloomfield CC- 274/8 (50) – හර්ෂ විතාන 79, සචින් ජයවර්ධන 62, මිෂේන් සිල්වා 44, මලින්ද පුෂ්පකුමාර 3/52

Colombo Cricket Club – 196/10 (39.2) – චමිදු විජේසිංහ 48*, මලින්ද පුෂ්පකුමාර 29, පවන්ත වීරසිංහ 27, පවන් රත්නායක 22, උස්මාන් ඉශාක් 5/37, ඉයන් ඩැනියල් 2/43

Bloomfield කණ්ඩායමට ලකුණු 78ක ජයක් 

Group – B

  • Venue – Galle International Cricket Stadium, Galle
  • Toss – Galle CC

Chilwa Marians CC – 241/5 (41) – කසුන් විදුර 107*, ලසිත් කෲස්පුල්ලේ 54, පුලින තරංග 45, රවිශ්ක විජේසිරි 2/40, රජිත ප්‍රියාන් 2/44

Galle Cricket Club – 240/10 (41) – එරංග රත්නායක 59, රාජු ගයාෂාන් 55, විනුර දුල්සර 32, ඉමේෂ් උදයංග 31, තිල්ෂිල ද සිල්වා 3/36, පුලින තරංග 2/49

Chilwa Marians කණ්ඩායමට ලකුණක ජයක් 

Group – C

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – Ace Capital 

Negombo Cricket Club – 224/10 (47.1) – ඇන්ජලෝ ජයසිංහ 77, ළහිරු මිලන්ත 63, පසිඳු ලක්ෂාන් 30, කවිඳු රිද්මල් 4/48, රජීව වීරසිංහ 3/46

Ace Capital CC – 182/10 (40) – iඉඕෂ් සමරසූරිය 67, චානක කොමසාරු 32, ඉශාන් රංගන 26, ප්‍රශාන් වික්‍රමසිංහ 21, නිශාන් පීරිස් 3/29, නිසල තාරක 3/60, රොෂාන් ප්‍රනාන්දු 2/21, උපුල් නන්දසිරි 2/42

Negombo කණ්ඩායමට ලකුණු 42ක ජයක් 

Group – D

  • Venue – Colts Ground, Colombo
  • Toss – Moors SC

Colombo Colts Cricket Club – 263/9 (50) – ජෙහාන් ඩැනියල් 79, හර්ෂ රාජපක්ෂ 50, ධනංජය ලක්ෂාන් 41, කවිශ්ක අංජුල 29, සංගීත් කුරේ 20, ඩිලේෂ් ගුණරත්න 3/44, සචිත්‍ර සේරසිංහ 3/45

Moors Sports Club – 176/9 (40.3) – මහේල උඩවත්ත 63, අදීෂ තිලන්චන 55*, සංගීත් කුරේ 3/39, ධනංජය ලක්ෂාන් 2/38

Colts කණ්ඩායමට ලකුණු 74ක ජයක් (DLS)

Group – A

  • Venue – Surrey Village Ground, Maggona
  • Toss – Army CC

Army Cricket Club – 209/10 (27.5) – තිසර පෙරේරා 68, අශාන් රන්දික 63, රුචිඅ කෝසිත 3/33, අලංකාර අසංක සිල්වා 2/29, ගමින්දු කනිෂ්ක 2/36, බුද්ධික සංජීව 2/38

Badureliya Cricket Club – 99/3 (18.3) – සඳුන් වීරක්කොඩි 70*, සුමින්ද ලක්ෂාන් 2/14

තරගය ප්‍රතිඵලයක් රහිතයි

Group – B

  • Venue – Panadura Esplanade
  • Toss – Navy SC

Panadura Sports Club – 220/10 (47.2) – කෝශාන් ධනුෂ්ක 41, නිමේෂ් විමුක්ති 38, අරුන ධර්මසේන 25, නිමන්ත පීරිස් 23, හෂාන් චාමර 22, හන්ස් ප්‍රනාන්දු 22, බුද්ධික මධුෂාන් 3/34, පසිඳු මධුෂාන් 3/40, චමෝද් බට්ටගේ 3/55

Navy Sports Club – 154/4 (28) – අරවින්ද අකුරුගොඩ 63, බුද්ධික මධුෂාන් 45, නිමේෂ් විමුක්ති 2/38 

නාවික හමුදා කණ්ඩායමට ලකුණු 35ක ජයක් (DLS)

Group – C

  • Venue – NCC Ground, Colombo
  • Toss – NCC

Nondescripts Cricket Club – 375/5 (50) – හසිත බෝයගොඩ 101, කවීන් බණ්ඩාර 85, ළහිරු උදාර 64, ඇන්ජලෝ පෙරේරා 49, චතුරංග ද සිල්වා 42*, විකුම් සංජය 2/61

Nugegoda Sports & Welfare Club – 211/10 (40.3) – මාලිංග මාලිගස්පේ 37, ප්‍රමුද් හෙට්ටිවත්ත 36, රාහුල් ගුණසේකර 32, මින්හාජ් ජලීල් 28, විකුම් සංජය 20, ඇන්ජලෝ පෙරේරා 3/50, ළහිරු කුමාර 2/18, චාමික කරුණාරත්න 2/29

NCC කණ්ඩායමට ලකුණු 164ක ජයක් 

Group – D

  • Venue –SSC Ground, Colombo
  • Toss – Police SC

Sinhalese Sports Club – 339/4 (50) – චරිත් අසලංක 178*, සම්මු අශාන් 51, අවිශ්ක ප්‍රනාන්දු 45, නුවනිදු ප්‍රනාන්දු 41, මංජුල ජයවර්ධන 2/62, සුජාන් මයුර 2/64

Police Sports Club – 295/9 (48) – සුපුන් මධුශංක 89, අසෙල් සිගේරා 75, ලක්ෂාන් රොද්‍රිගෝ 39, සමන් කුමාර 31, ශෙහාන් ප්‍රනාන්දු 20, ප්‍රබාත් ජයසූරිය 3/42, ජෙෆ්රි වැන්ඩසේ 2/42, තරිදු රත්නායක 2/64

SSC කණ්ඩායමට ලකුණු 31ක ජයක් (DLS)

Group – A

  • Venue –Air Force Ground, Katunayake
  • Toss – Air Force SC

Burgher Recreation Club – 112/10 (34.1) – රමින්ද විජයසූරිය 35, ලියෝ ෆැන්සිස්කෝ 30, අනුක් ද සිල්වා 3/33

Air Force Sports Club – 76/10 (23.5) – මොහොමඩ් ශිරාස් 5/34, උමේෂ්ක මොරිස් 2/08

Burgher Recreation කණ්ඩායමට ලකුණු 36ක ජයක් 

Group – B

  • Venue – Thurstan College Ground, Colombo
  • Toss – Ragama CC

Lankan Cricket Club – 229/8 (50) – ගීත් කුමාර 73*, සවන් කන්කානකමගේ 40, කේෂාන් විජයරත්න 36, දමිත සිල්වා 35, විශ්ව චතුරංග 22, බිනුර ප්‍රනාන්දු 2/35, ජානක සම්පත් 3/36, අමිල අපෝන්සු 2/43

Ragama Cricket Club – 222/5 (44) – ඉශාන් ජයරත්න 86*, ජනිත් ලියනගේ 51*, නිශාන් මධුශ්ක 28, සංජික රිද්ම 2/35

රාගම කණ්ඩායමට ලකුණු 35ක ජයක් (DLS)

Group – C

  • Venue – P Sara Oval, Colombo 
  • Toss – Kaluthara TC

Tamil Union Cricket Club – 292/7 (49) – සිතාර ගිම්හාන් 62, දිල්රුවන් පෙරේරා 55*, සදීර සමරවික්‍රම 54, සුපුන් කාවින්ද 33, මනෝජ් සරත්චන්ද්‍ර 22, ඉසුරු උදාන 21, ආර්. පුංචිහේවා 2/72

Kaluthara Town Club – 126/8 (37) – ආර්. පුංචිහේවා 27*, ගිහාන් රූපසිංහ 21*, ප්‍රමෝද් මධුෂාන් 3/30, මධුක ලියනපතිරණගේ 2/24

Tamil Union කණ්ඩායමට ලකුණු 134ක ජයක් (DLS)

Group – D

  • Venue – Welagedara Stadium, Kurunegala 
  • Toss – Saracens SC

Kurunegala Youth CC – 180/9 (47) – ළහිරු ජයරත්න 29, රවින්ද්‍ර කරුණාරත්න 25, ඩිල්ෂාන් 22, සංජීවන් ප්‍රියදර්ශන 23, මුදිත ප්‍රේමදාස 21, චමින්ද බණ්ඩාර 5/39, ආකේශ් සේනාරත්න 2/18, උදිත මධුෂාන් 2/47

Saracens Sports Club – 148/7 (41) – ප්‍රමෝද් මධුවන්ත 45, හෂාන් රාමනායක 40, නිම්සර අතරගල්ල 3/32

Kurunegala Youth කණ්ඩායමට ලකුණු 6ක ජයක් (DLS)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<