කෝලි T20 ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

173

ඉන්දීය නායක Virat Kohli විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ නවතම ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. 

එංගලන්තයට එරෙහිව පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී Virat Kohli නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර එම ඉනිමේ සවියෙන් ඉන්දියාව 3-2ක් ලෙස තරගාවලිය ද ජය ගන්නට සමත් වුනා.

KL Rahul පසු කරමින් Kohli ප්‍රසාද ලකුණු 762ක් හිමි කරගෙන සිටිනවා. එංගලන්ත තරගාවලියේ දී අසාර්ථක වූ Rahul ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. ඔහු එම තරගාවලියේ දී රැස් කර ගත්තේ ලකුණු 15ක් පමණයි.

එංගලන්තය වෙනුවෙන් අවසන් තරගයේ දී ලකුණු 68ක් රැස් කරගත් Dawid Malan තවමත් ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටිනවා. ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු ගණන 892ක්. ප්‍රසාද ලකුණු 830ක් සමඟින් Aaron Finch දෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර ලකුණු 801ක් සමඟින් Babar Azam තුන්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එක්දින ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට Jonny Bairstow සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත ඉන්දියා පළමු එක්දින තරගයේ ඔහු පන්දු 66ක දී වාර්තා කළ ලකුණු 94 නිසයි. ඔහු ප්‍රසාද ලකුණු 775ක් රැස් කරගෙන සිටිනවා.

Kohli තවමත් එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටිනවා. Azam දෙවැනි ස්ථානයේ සිටින අතර Rohit Sharma තුන්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර එක් ස්ථානයක් ඉදිරියට පැමිණි Adil Rashid විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා. Tabraiz Shamsi විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ සිටින අතර දෙවැනි ස්ථානයේ සිටින්නේ Rashid Khan.

ස්ථාන තුනක් ඉදිරියට පැමිණි Matt Henry ICC එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ රැඳී සිටිනවා. එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින්නේ Trent Boult.

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<