අර්ධ ශතකයක් ලබා ගත්තත් Kohli තවමත් කලකිරීමෙන්!

IPL 2023

880

ඊයේ (15) Delhi Capitals කණ්ඩායමට එරෙහිව මෙවර IPL තරගාවලියේ සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට Royal Challengers Bangalore කණ්ඩායමේ හිටපු නායක Virat Kohli විසින් සමත් වුනා.

මේ වන විට ඔහු මෙවර IPL තරගාවලියේ ක්‍රීඩා කළ තරග හතරෙන් තුනක දී ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වී ඇති අතර, සමස්ත තරගාවලියේ වැඩි ම ලකුණු ලාභීන් අතර ද තෙවැනි ස්ථානයට ද පැමිණීමට Kohli විසින් වීමට සමත් වී ඇත්තේ ලකුණු 214ක් ලබා ගනිමිනුයි. එමෙන්ම මෙවර තරගාවලියේ ඔහුගේ පිතිකරණ සාමාන්‍ය අගය දැක්වෙන්නේ 71.33ක් ලෙසයි.

කෙසේ වෙතත් ඊයේ Delhiය සමඟ තරගයට පෙර Lucknow Super Giants සමඟ පැවැත්වුණු තරගයේ දී Kohli විසින් සිය අර්ධ ශතකය කරා යෑමට තරමක් වෙලා ලබා ගත් බවට ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක Simon Doullගෙන් චෝදනාවක් එල්ල වූ අතර, ඊට පිළිතුරක් ලෙස මෙන් ඊයේ දිනයේ Kohli පෙරට වඩා වේගවත් ඉනිමක් දියත් කරමින් සිය අර්ධ ශතකය කරා යෑමට සමත් වුනා. නමුත් පන්දු 33කින් සිය අර්ධ ශතකය සපුරා ගැනීමත් සමඟින් මුහුණ දුන් මීළඟ පන්දුවට වේගවත් පහර එල්ල කිරීමට ගොස් උඩපන්දුවක් ලබා දීමෙන් අවාසනාවන්ත ලෙස දැවී යාමට Kohli හට සිදු වුනා.

“මට ෆුල්ටොස් පන්දුවකට දැවී යාමට සිදු වීම ගැන මම තරමක් කලකිරීමට පත් වුනා. මම ඉතා ම හොඳින් ක්‍රීඩා කරමිනුයි සිටියේ. මගේ අර්ධ ශතකය ලබා ගැනීමෙන් පස්සේ මට අවශ්‍ය වුනේ ඊළඟ පන්දු 10ට තවත් ලකුණු 30-35ක් පමණ ලබා ගන්නයි. එහෙම තමයි මම ක්‍රීඩා කරන්නේ. ඒක අපිට ලකුණු 200ක් කරා යාමට උපකාරී වෙන්න තිබුණා.”

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 175ක ඉලක්කයක් හොඳට ම ප්‍රමාණවත් වූ නමුත්, සිය කණ්ඩායම හැකි තරම් ඉහළට ඔසවා තැබීමට තමන්ට අවශ්‍ය වූ බවයි Kohli විසින් සඳහන් කරන්නේ.

එමෙන්ම ඊයේ තරගය පැවැත්වුණු M.Chinnaswamy ක්‍රීඩාංගණයේ දී තමන් රැස් කළ IPL ලකුණු ප්‍රමාණය 2500 ඉක්මවා රැගෙන යාමට Kohli විසින් සමත් වූ අතර, මේ වන විට IPL තරගාවලියේ එක් ක්‍රීඩාංගණයක දී ක්‍රීඩකයකු විසින් වාර්තා කළ ඉහළ ම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද ( ලකුණු 2539 ) සතු වන්නේ Kohliගේ නම ඉදිරියෙනුයි.

තමන් හොඳින් ම ක්‍රීඩා කරන විට පන්දු යවන්නන්ගෙන් ලැබෙන හොඳ ම පන්දු වලට ප්‍රහාර එල්ල කිරීම තම අභිප්‍රාය වන බවත්, එමඟින් පන්දු යවන්නන් ව පීඩනයට පත් කිරීම තම සැලැස්ම බවත් Kohli ඊයේ තරගයෙන් අනතුරුව වැඩිදුරටත් සඳහන් කළා.

මෙවර IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවකාශය ThePapare.com වෙබ් අඩවිය හරහා ඔබට දැන් හිමි වී තිබෙනවා.  එමෙන්ම තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද අපි සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<