සංජුලගේ ගිනිකෙළිවලින් සහිරා ක්‍රීඩකයෝ දැවී අළු වෙති

1436

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (9) පැවැත්වුණේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය අතරයි. රොහාන් සංජුලගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් බල ගැන්වුණු විද්‍යා ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ ලකුණු 19–08ක් ලෙසිනි.

සාන්ත පීතර ක්‍රීඩකයින් හමුවේ කිංග්ස්වුඩ් පසුබසී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය…

සහිරා විද්‍යාලය පසුගිය සතියේ දී ත්‍රිත්ව විද්‍යාලය හමුවේ පරාජය වූ අතර විද්‍යා විද්‍යාලයට ද සාන්ත ජෝසප් ක්‍රීඩකයින් හමුවේ පරාජය වැළඳ ගැනීමට සිදු විය.

සහිරා ක්‍රීඩක සලාම්ගේ පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු මිනිත්තුවේ සිටම සහිරා ක්‍රීඩකයින් අතපසුවීම් සිදු කළේ විද්‍යා ක්‍රීඩකයින්ට පහසුවෙන් ලකුණු රැස් කිරීමට අවස්ථා ලබා දෙමිනි.

6 වැනි මිනිත්තුවේ දී විද්‍යා ක්‍රීඩක හසරංග අක්මීමනගේ පා පහරින් ගුවන් ගත වූ පන්දුව විද්‍යා වින්ග් ක්‍රීඩකයා හඹා ගියත් ඔහු අවාසනාවන්ත ලෙස පන්දුව බිම අතහැරියේ පළමු මිනිත්තු කිහිපය තුළ ලැබුණු අවස්ථාවක් අපතේ යවමිනි.

අනතුරුව කිහිප වතාවක්ම විද්‍යා ක්‍රීඩකයින් සහිරාවන්ගෙන් පන්දුව උදුරා ගැනීමට සමත් වුනත් 14 වැනි මිනිත්තුව වන තෙක්ම ඔවුන්ව ධවල රේඛාවෙන් ඈත්කර තබන්නට සහිරා ඉදිරිපෙළ සමත් විය.

සාන්ත පීතර ක්‍රීඩකයින් හමුවේ කිංග්ස්වුඩ් පසුබසී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ A කාණ්ඩයේ තරගයක් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය…

කෙසේ වෙතත් 14 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රොහාන් සංජුල පින්නදූවගේ කලකට අමතක නොවන උත්සාහක දිනුමක් වාර්තා කළේ සිය වේගයෙන් සහිරාවන් මවිත කරමිනි. සහිරාවන් ගුවන් ගත කළ පන්දුව පිටිය මැද දී රැකගත් සංජුල අධික වේගයෙන් සහිරා ක්‍රීඩකයින් මග හරිමින් ඉදිරියට දිව ගිය අතර සහිරා ක්‍රීඩකයින් නොසෙල්වී බලා හිඳිද්දී සංජුල ලකුණු රැස් කිරීමට සමත් විය. හසරංග අමතර ලකුණු එකතු කරන ලදි. (විද්‍යා 07-00 සහිරා)

17 වැනි මිනිත්තුවේ දී සහිරා ඉදිරිපෙළ උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් වුනත් විනිසුරු ආකිල් ජමාල්දීන් තීරණය කළේ එය Held Up අවස්ථාවක් බවයි. කෙසේ වෙතත් අනතුරුව ලැබුණු ස්ක්‍රම් අවස්ථාවේ දී ඔවුන්ගෙන් පන්දුව උදුරා ගන්නට විද්‍යා ක්‍රීඩකයින් සමත් විය. 21 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ දඬුවම් පහරකින් ලකුණු රැස් කරන්නට සලාම් සමත් වුණේ තරගයේ පළමු වරට සහිරා ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. (විද්‍යා 07-03  සහිරා)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව අලංකාර පන්දුව යොමු කිරීම් කිහිපයකට පසු 29 වැනි මිනිත්තුවේ දී නැවතත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට සංජුල සමත් වූයේ අලංකාර පාද චලනයකින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් මුලා කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හසරංග සමත් වූයේ නැත. (විද්‍යා 12-03 සහිරා)

සහිරා ක්‍රීඩකයින් හිසරදයක් වෙමින් සංජුල පින්නදූවගේ පන්දුව පා පහරක් දී ගුවන්ගත කර පන්දුව හඹා ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේ නැවත වතාවක් සහිරා ක්‍රීඩකයින් ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන් බිඳ හෙලමිනි. හසරංග අලංකාර ලෙස අමතර ලකුණු රැස් කළේ පළමු අර්ධය සාර්ථකව අවසන් කරමිනි.

පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 19 (3T, 2C) – 03 (1P) සහිරා විද්‍යාලය

දෙවන අර්ධයේ කණ්ඩායම් දෙකම එතරම් ලකුණු රැස් කිරීමට සමත් නොවුනත් කණ්ඩායම් දෙකම කහ කාඩ්පත් ලබා ගැනීමට නම් උත්සුක වීම විශේෂත්වයකි. 39 වැනි මිනිත්තුවේ දී නිශාන්ත විතානගේ හා 57 වැනි මිනිත්තුවේ දී ප්‍රින්ස් රුවිශින්ග් කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වූ අතර සහිරා විද්‍යාලය වෙනුවෙන් එම්. මිර්ශාන් ද කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් විය.

සාන්ත ජෝසප් ප්‍රහාර හමුවේ අන්තෝනිවරුන් පසුබසිති

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ පළමු කොටස නියෝජනය කරමින් තරග වදින ප්‍රබල පාසල් ද්විත්වයක් වන…

කණ්ඩයම් දෙකම අතපසුවීම් රැසක් කළ අතර සෑහෙන වේලාවක් සටන් කිරීමෙන් අනතුරුව 57 වැනි මිනිත්තුවේ දී සහිරා ක්‍රීඩකයෝ ලකුණු රැස් කළේ එම්. ෆව්මිගේ සුරතිනි. සලාම්ගේ ප්‍රවර්තනය ගෝල කණුවේ වැදී ඉවත ගියේ සහිරා බලාපොරොත්තු සුන් කරමිනි.

අමතර ප්‍රසාද ලකුණු සඳහා විද්‍යා ක්‍රීඩකයින් කෙතරම් උත්සාහක දරුවත් සහිරා ක්‍රීඩකයින් ඔවුන්ට එම උත්සාහය නම් සාර්ථක කර ගැනීමට ඉඩක් ලබා දුන්නේ නැත.

අවසන් ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 19 (3T, 2C) – 08 (1T, 1P) සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – සංජුල පින්නදූව (විද්‍යා)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ගල්කිස්ස විද්‍යා විද්‍යාලය – සංජුල පින්නදූව (3T), හසරංග අක්මීමන (2C)
  • මරදාන සහිරා විද්‍යාලය – එම්. ෆව්මි (1T), එස්. ඒ. සලාම් (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<