ස්මයිල්ගේ Hattrick එකෙන් Red Stars Colombo FC සමඟින් සුපිරි 4ට

Vantage FFSL President's Cup 2020

352
Vantage FFSL

Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (24) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් Police සහ Serendib පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට Colombo FC සහ Red Stars සමත් විය.

Colombo FC – Police SC

කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් ගෝල රහිතව අවසන් වූ පළමු අර්ධයෙන් පසුව තරමක ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් Police ක්‍රීඩකයන් විසින් පෙන්නුම් කළත්, 60 වැනි මිනිත්තුවේ දී Colombo ක්‍රීඩක ශබීර් රසූනියා ලබා දුන් පන්දුවක් අලංකාරව ස්ථානගත කරමින් පළමු ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් ෆසාල් සමත් විය.

ආක්‍රමණශීලීව නැවතත් තරගයට පිවිසි Police කණ්ඩායම වෙනුවෙන් 70 වැනි මිනිත්තුවේ දී ධනුෂ්ක පෙරේරා එල්ල කළ පහරක් ගෝල රාමුවේ වැදී නැවත පැමිණීම නිසාවෙන් ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවක් Police ක්‍රීඩකයන්ට අහිමිව ගියේය.

තරගයේ 81 වැනි මිනිත්තුවේ දී නැවත වරක් Colombo ක්‍රීඩක ශබීර් රසූනියා ලබා දුන් පන්දුවක් ගෝල රකින්නා මගහරිමින් ගෝල රාමුවට එල්ල කරමින් කණ්ඩායමේ දෙවැනි ගෝලය රැස්කරන්නට අහමඩ් ශශ්නි සමත් විය.

93 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Colombo ක්‍රීඩක ශබීර් රසූනියා තරගයේ තෙවැනි ගෝලය රැස් කරමින් සිය කණ්ඩායම අවසන් පූර්ව වටයට රැගෙන යාමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: Colombo FC 03 (00) – 00 (00) Police SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Colombo FC: මොහොමඩ් ෆසාල් (60’), අහමඩ් ශශ්නි (81’). ශබීර් රසූනියා (90+3’)

තවත් පාපන්දු පුවත්:

Red Stars FC -Serendib FC

තරගයේ 02 වැනි මිනිත්තුවේ දී Red Stars ක්‍රීඩකයන්ට ලද දඬුවම් පහර අවස්ථාවක්  Red Stars ක්‍රීඩක ස්මයිල් ගෝල රාමුව තුළට එල්ල කිරීමට අසමත් විය. තරගයේ 05 වැනි මිනිත්තුවේ දී Serendib ක්‍රීඩක Evens Asante ගෝල රාමුව වෙත හිසින් ස්ථානගත කළ පන්දුවක් දක්ෂ ලෙස නවතාලීමට Red Stars ගෝල රකින ක්‍රීඩක මුබාරක් සමත් විය

ගෝලයක් ලබා ගැනීමට තිබූ පහසු අවස්ථාවක් මගහැරී යාමෙන් අනතුරුව තරගයේ 11 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ස්මයිල් අබුමේරී දඬුවම් රාමුව තුළට ලද පන්දුවක් ස්ථානගත කරමින් තරගයේ මුල්ම ගෝලය රැස් කිරීමට සමත් වූ නමුත් තරගයේ 12 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් සිය කණ්ඩායම වෙනුවෙන් මුල්ම ගෝලය රැස් කිරීමට Serendib නායක රියාස් මොහොමඩ් සමත් විය.

ඉන්පසු, Red Stars ක්‍රීඩක රහමාන් ලබා දුන් පන්දුවක් අලංකාර ලෙස ගෝල රාමුවට එල්ල කරමින් කණ්ඩායමට දෙවන ගෝලය රැස් කර දීමට Red Stars ක්‍රීඩක ඇන්ඩෘ ඩිලක්ෂන් සමත් විය. තරගයේ 33 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ Red Stars ක්‍රීඩක ස්මයිල් අබුමේරී සිය දෙවැනි ගෝලය රැස් කරමින් කණ්ඩායමට අවශ්‍ය ගෝල පරතරය ලබා දීමට සමත්විය.

තරගයේ 40 වැනි මිනිත්තුවේ දී Red Stars ගෝල රකින්නා වැළැක්වීමට උත්සහ කර තමන් වෙත නැවත පැමිණි පන්දුවක් ස්ථානගත කරමින් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය රැස්කර දීමට Serendib ක්‍රීඩක ශිෆාන් සමත් විය.

නමුත් තරගයේ 43 වැනි මිනිත්තුවේ දී නැවත ක්‍රියාත්මක වූ Red Stars ක්‍රීඩක ස්මයිල් අබුමේරී තෙවැනි ගෝලයත් රැස් කරමින් ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය.

දෙවන අර්ධයේ මුල් භාගයේ දී ප්‍රබල අභියෝගයක් Red Stars ක්‍රීඩකයන්ට එල්ල කිරීමට ප්‍රතිවාදීන් සමත් වූ නමුත් Red Stars පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් ගෝල ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

තරගයේ 79 වැනි මිනිත්තුවේ දී ඉතා සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් සිය කණ්ඩායමට පස්වැනි ගෝලය රැස්කර දීමට Red Stars ක්‍රීඩක රහමන් සමත් විය.

එම ගෝලයත් සමඟින් තරගයේ වැඩි වාසි Red Stars ක්‍රීඩකයන් හට හිමි වූ අතර 87 වැනි මිනිත්තුවේ දී Serendib ක්‍රීඩක අමිත් කුමාර සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය රැස් කිරීමට සමත් වූවත් තරගයේ වෙනසක් සිදු කිරීමට එය ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්වය: Red Stars FC 05 (04) – 03 (00) Serendib FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Red Stars FC: ස්මයිල් අබුමේරී (11’,33’&43’), ඇන්ඩෘ ඩිලක්ෂන් 12’, රහමන් 79’
  • Serendib FC: රියාස් මොහොමඩ් 12’, ශිෆාන් 40’, අමිත් කුමාර 87’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<