තර්ජනී සිවලිංගම් City West Falcons කණ්ඩායමට

වික්ටෝරියා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

641

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රධානතම දැල්පන්දු තරගාවලියක් වන වික්ටෝරියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ City West Falcons කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් ඇතුළත්ව තිබෙනවා.

තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන City West Falcons කණ්ඩායම 2009 සිට මේ දක්වා ඕස්ට්‍රේලියා දැල්පන්දු පිටියේ ශූරතා 14ක් දිනා ඇති අතර වික්ටෝරියා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගියවර ශූරතාවය දිනා ගැනීමට ද ඔවුන් සමත් වුනා.

මෙවර වික්ටෝරියා ප්‍රිමියර් ලීග් දැල්පන්දු තරගාවලිය මාර්තු 15 වැනිදා ආරම්භ වීමට නියමිත අතර වට 19කින් සමන්විත තරගාවලියේ අවසන් තරග අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.

City West Falcons තරග කාලසටහන

ශ්‍රී ලංකා දැල්පන්දු පිටියේ බිහි වූ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන තර්ජනී ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු තලයේ ආධිපත්‍ය පැතිරවීමට විශාල සේවාවක් කළ අතර ඇය මෙවර City West Falcons කණ්ඩායමේ ද ප්‍රධානතම ක්‍රීඩිකාවක් වෙනවා.

නිමා වූ 2022 ආසියානු දැල්පන්දු කුසලානයේ ද ඉහළ දස්කම් දැක්වූ ඇය දැල්පන්දු ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුළත්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<