Blue Eagles සිය කාණ්ඩයේ පෙරමුණට පැමිණෙද්දී SLTB ක්‍රීඩකයන් මුල්ම ජය ලබයි

156

Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ අද (19) දින පැවති තරගවලින් Colombo FC සහ Crystal Palace FC ක්‍රීඩකයන් පරාජය කරමින් ජයග්‍රහණ හිමිකර ගැනීමට Blue Eagles සහ SLTB ක්‍රීඩකයන් සමත් විය. 

Colombo FC – Blue Eagles SC 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අරම්භයේ සිටම ඉතා දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් Blue Eagles ක්‍රීඩක කවිඳු ඉෂාන්, තරගයේ 18 වන මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට අලංකාර පහරක් එල්ල කරමින් මුල්ම ගෝලය රැස්කිරීමට සමත් විය. තරගයේ 21 වන මිනිත්තුවේ දී නැවතත් ගෝල රාමුවෙන් පිටත සිට එල්ල කළ පහරක් මගින් දෙවන ගෝලය රැස්කිරීමට නැවතත් Blue Eagles ක්‍රීඩක කවිඳු ඉෂාන් සමත් විය. 

පසුබෑමකට ලක්වූ මුල් අර්ධයකින් පසුව තරගයේ 60 වන මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරගැනීමට Colombo ක්‍රීඩක සර්වාන් ජෝහාර් සමත් වූවත් අනිසි ක්‍රීඩක ස්ථානගත වීමක් නිසාවෙන් එම ගෝලය අවලංගු විය. එම අර්ධය තුළදී කිසිඳු ගෝලයක් රැස්කිරීමට දෙපිළෙහිම ක්‍රීඩකයන් සමත් නොවීම නිසාවෙන් ගෝල 2-0ක් ලෙස තරගය ජයගනිමින් සිය කාණ්ඩයේ පෙරමුණ ගැනීමට Blue Eagles ක්‍රීඩකයන් සමත් විය. 

අවසන් ලකුණු තත්වය: Colombo FC 00 (00) – 02 (02) Blue Eagles SC 

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Colombo FC: කවිඳු ඉෂාන් (18’, 21’) 

 තවත් කියවන්න

Crystal Palace FC – SLTB SC 

තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයේ 17 වන මිනිත්තුවේ දී ගෝල රාමුව තුළට හිමි වූ පන්දුවක් නිවැරදිව ගෝල රාමුවට එල්ල කරමින් තරගයේ මුල් ගෝලය වාර්තා කරගැනීමට Crystal Palace ක්‍රීඩක අයිසැක් ඇබා සමත් විය. තරගයේ 45 වන මිනිත්තුවේ දී Crystal Palace ක්‍රීඩක සෙයිඩ් ලබා දුන් පන්දුවක් සාර්ථකව ස්ථානගත කරමින් දෙවන ගෝලය රැස්කිරීමට සමත් වූයේ මෙහෙදි අස්මිල් ය. 

මුල් අර්ධයේ ලද පසුබෑමෙන් පසුව තරමක් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ SLTB ක්‍රීඩකයන් වෙනුවෙන් තරගයේ 86 වන මිනිත්තුවේ දී මුල්ම ගෝලය රැස්කිරීමට ශම්මුගරාජා සංජීව් සමත් වූ අතර 88 වන මිනිත්තුවේ දී පන්දුව හිසින් ස්ථානගත කරමින් ගෝල තත්වය සම කිරීමට නිශ්ශංක ජයවීර සමත් විය. 

එම ගෝලය වාර්තා කරගැනීමෙන් අනතුරුව තරගයේ 89 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සිය දෙවන ගෝලය මෙන්ම කණ්ඩායමේ තෙවන ගෝලය වාර්තා කිරීමට SLTB ක්‍රීඩක නිශ්ශංක ජයවීර සමත් වූ අතර එම ගෝලයත් සමඟින් ගෝල 3-2ක් ලෙස තරගය ජයගැනීමට SLTB ක්‍රීඩකයන් සමත් විය. 

අවසන් ලකුණු තත්වය: Crystal Palace FC 02 (02) – 03(00) SLTB SC 

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • Crystal Palace FC: අයිසැක් ඇබා (17’), මෙහෙදි අස්මිල් (45’)
  • SLTB SC: ශම්මුගරාජා සංජීව් (86’), නිශ්ශංක ජයවීර (88’, 89’ P) 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<