ලන්දේසීන්ගේ කොදෙව් ආක්‍රමණයට ලොව නන් දෙසින් ප්‍රතිචාර

World Cup Qualifiers 2023

1504

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට නෙදර්ලන්තය ඊයේ (26) සමත් වුනා. 

මෙම තරගයේ දී නෙදර්ලන්තය ක්‍රීඩක Logan Van Beekගේ තුන් ඉරියව් දක්ෂතා විශේෂයෙන්ම කැපී පෙනුණු අතර තරගයේ වීරයා සම්මානය පවා හිමි කර ගැනීමට සමත් වුනේ Beek විසිනුයි. 

මෙහි දී තරගයේ පළමු ඉනිම දියත් කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 374ක් ලබා ගැනීමට සමත් වුනා. නෙදර්ලන්තය විසින් එවැනි විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා යනු ඇතැයි කිසිවකු හෝ අපේක්ෂා නොකළ නමුත්, Teja Nidamanuru විසින් ලබා ගත් ප්‍රවේගකාරී ශතකය සහ Van Beek විසින් ඉනිමේ අවසන් භාගයේ දී දියත් කළ ප්‍රවේගකාරී පිතිකරණය නිසා නෙදර්ලන්තය ද නියමිත පන්දුවාර 50 නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 374ක් ලබා ගනිමින් තරගය සම මට්ටමෙන් අවසන් කිරීමට සමත් වුනා. 

ඒ අනුව තරගයේ තීරණය වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර එහි දී පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්තය වෙනුවෙන් නැවතත් සාර්ථක වූ Van Beek විසින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනේ Jason Holder විසින් යොමු කළ පන්දු 6ට හයේ සහ හතරේ පහර තුන බැගින් ලබා ගනිමිනුයි. 

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ලකුණු 31ක ඉලක්කයක් හඹා යාමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පිටියට පිවිසුනත් ඔවුන්ට එරෙහිව නැවතත් ක්‍රියාත්මක වූ Van Beek විසින් පන්දු 5ක් තුළ ලකුණු 8ක් පමණක් ලබා දෙමින් කොදෙව් කඩුලු 2ම බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පැවැත්වුණු තවත් විශිෂ්ටතම ක්‍රිකට් තරගයක් ඊයේ සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එසේ නිමා වූ අතර එම තරගය ඊයේ දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයේ ප්‍රධානම මාතෘකාව බවට ද පත් වුනා. 

“මෙතෙක් පැවැත්වුණු විශිෂ්ටතම එක්දින ක්‍රිකට් තරගවලින් එකකි.” 

“Carlos Brathwaite විසින් තරගයේ ක්‍රීඩකයා සම්මානය නෙදර්ලන්තයේ Logan Van හට ලබා දෙනවා. 

Brathwaiteගේ ඉරියව් සියල්ල කියා පානවා.”

“Van Beek විසින් තමන්ගේ පිතිකරණය නැවත නරඹමින්.” 

“Logan Van Beekගේ සීයා Sammy Guillen 1951 – 56 කාලයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 5ක් ක්‍රීඩා කළා. 

(මීට අමතරව ඔහු නවසීලන්තය වෙනුවෙන් ද ටෙස්ට් ක්‍රිකට් තරග තුනක් ක්‍රීඩා කර තිබෙනවා.) 

අද ඔහුගේ මුණුපුරා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නෙදර්ලන්තය වෙනුවෙන් ඉතිහාසයේ කැපී පෙනෙන ඉනිමක් දියත් කළා.” 

“‘අපි ඉන්දියාවේ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබුවොත් ඒක විශාල දෙයක්.‘ – Logan Van Beek  

නෙදර්ලන්තය කැමතියි සාද විනාශ කරන්න. 2022 T20 ලෝක කුසලානයේ දී ඔවුන් දකුණු අප්‍රිකා

මේ ජයග්‍රහණය විස්තර කරන්න වචන නැහැ. මේ තරගයේ විශේෂ අවස්ථා (Highlights) තව බොහෝ කාලයක් පුරාවට පුනරාවර්තනය වේවි.” 

මෙම තරගය පිළිබඳ සමාජ මාධ්‍ය පුරා මෙවැනි අදහස් බොහෝමයක් විසිරී ගොස් තිබූ අතර මේ ඒවායින් කිහිපයක් පමණයි. 

කෙසේ වෙතත් නෙදර්ලන්තය ලද මෙම ජයග්‍රහණයට අමතරව ක්‍රිකට් ඉතිහාසයේ පතාක යෝධයකු ලෙස රැඳී සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මෙම අවාසනාවන්ත බිඳ වැටීම ද අනෙක් පසට සමස්ත ක්‍රිකට් ලෝකය ම කනගාටුවට පත් කරවූ සිදුවීමක් බව නොරහසක්. 

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Zee News ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<