ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට කොරෝනා හරස් කපයි

117

එළඹෙන පෙබරවාරි මස 12 හා 13 දිනවල දී චීනයේ Hangzou හි පැවැත්වීමට නියමිතව තිබූ 9 වැනි දකුණු ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. මේ දිනවල දරුණු සෞඛ්‍ය ගැටලුවක් ඇති කොරෝනා වයිරසය මෙයට හේතුවයි.

2020 මලල ක්‍රීඩාවට කොහොම ද?

2020 වසර සඳහා වන මලල ක්‍රීඩා කාලසටහන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පසුගියදා නිකුත් කෙරුනි.

තරගාවලිය පැවැත්වීම සඳහා සූදානම්ව තිබූ Hangzou නගරය වුහාන් නගරයට තරමක් දුරින් පිහිටා තිබුණ ද, වයිරසයේ අවදානම් කලාපය පිහිටා තිබුණේ Hangzou නගරයට මදක් එපිටිනි. 

මෙම කොරෝනා වයිරසය මීට මාසයකට පමණ පෙර වුහාන් නගරයෙන් වාර්තා වූ අතර මේ වන විට එය දරුණු ලෙස පැතිර යමින් ලොව පුරා රටවල් කීපයකට සෞඛ්‍ය තර්ජන එල්ල කර ඇත. 

පසුගිය දකුණු ආසියානු තරගාවලියේ දී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු මෙම තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව සිටියේය. නමුත් ඔවුන්ගේ සහභාගිත්වය අවදානම් මට්ටමක පැවතිනි.

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ දී නිමා වූයේ ශ්‍රී ලංකාව දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරයන් බවට පත්කරමිනි.

ආසියානු මලල ක්‍රීඩා කවුන්සලයේ සාමාජික කරීම් ඊබ්‍රාහිම් මහතා මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකමින් මෙම තීරණය ගත් බවයි. 

“ආසියානු මලල ක්‍රීඩා සංගමය මෙම තීරණය ගත්තේ ක්‍රීඩකයන්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන සලකමින්. කෙසේ වෙතත් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සංඛ්‍යාන කමිටුව රැස්වීම සැලසුම් කර ගත් පරිදි ජනවාරි 30 හා 31 මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැත්වෙනවා.” ඔහු පවසා සිටියා. 

චීනයේ වුහාන් ප්‍රදේශයේ පැතිර ගිය මෙම වයිරසය නිසා මේ වන විට රෝගීන් 1975ක් හඳුනා ගෙන ඇති අතර 56කට වැඩි පිරිසක් මියගොස් ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<