අක්මාල් කරුණු වසන් කිරීමේ උත්සහයක!

106

බලධාරීන්ගේ අනුදැනුම නොමැතිව සැකකාර බුකීකරුවන් දෙදෙනෙකු රහසිගතව හමුවීමේ සිද්ධියක් පදනම් කරගනිමින් පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් හට වසර තුනක කාලයක් සඳහා තරග තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය පසුගිය දා කටයුතු කළේ ඔහුට විරුද්ධව පැවති සාක්ෂි සියල්ල පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි.

අක්මාල්ගේ දැඩි දඬුවම ගැන ක්‍රිකට් ආයතනය හේතු කියයි

පාකිස්තානය තුල පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචාවල නවතම ………

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන විනය කමිටුවක් පත් කිරීමට කටයුතු කළ අතර ඒකරාශී කර ගත් කරුණු සියල්ල විභාග කිරීම සඳහා රැස්වූ අවස්ථාවේ දී එම සිදුවීම හා සම්බන්ධ තොරතුරු හෙළිකිරීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් උමාර් හට මෙවැනි දැඩි දඬුවමකට යටත් වීමට සිදු විය.

එරට ක්‍රිකට් ආයතනයේ විශ්වාසවන්ත ආරංචි මාර්ග කිහිපයක්ම සඳහන් කළ පරිදි ලාහෝර් නුවර ආරක්ෂක අංශ නිවාස සංකීර්ණය අසල දී හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ අක්මාල් සාකච්ඡාවක නිරත වනු අසල සවි කර තිබූ CCTV කැමරාවක සටහන්ව ඇති බවයි.

තවද එම නිවාස සංකීර්ණය තුල පැවති සාදයක් අතරතුර දී මෙම පුද්ගලයින් දෙදෙනා තමන්ට මුණ ගැසුණු බව ප්‍රකාශයක් ලබා දී තිබූ උමාර් අක්මාල් ඔවුන් සමඟ සංවාදයෙහි නිරත වූයේ කුමන හේතුවක් නිසා ද යන්න සම්බන්ධයෙන් හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

නීති කඩලා බේරෙන්න බැහැ; අක්මාල් වැරදිකරුවෙයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය ………

මෙම සිද්ධිය හා සබැඳි කරුණු කාරණා හෙළි කර ගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කළ පාකිස්තාන ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් ඊට අදාළ සවිස්තරාත්මක වාර්තාවක් අක්මාල් වෙත ඉදිරිපත් කර තිබූ නමුත් පෙබරවාරි මස 19 සහ 20 යන දිනයන්හී තමන් ඉහත සඳහන් කළ පරිදි පුද්ගලයින් දෙදෙනෙකු මුණ ගැසුණු නමුත් ඒ කුමන අරමුණක් සඳහා ද යන්න හෙළි කිරීමට ඔහු මැළිකමක් දැක්වන බව වාර්තා වේ.

පැහැදිලිවම ක්‍රිකට් නීති රෙගුලාසීන් නොසලකා හරිමින් ඊට පටහැනිව කටයුතු කොට ඇති නිසා වසර තුනක කාලසීමාවක් සඳහා සියලු මට්ටමේ ක්‍රිකට් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය පසුගිය 27 වැනිදා පියවර ගෙන තිබුණේ ඔහුගේ ක්‍රියාකලාපයේ බැරෑරුම්කම පිළිබඳව පැහැදිලි පණිවිඩයක් ලබා දෙමිනි. ඒ අනුව ඔහුට නැවත වතාවක් තරග බිමට පිවිසීමට නම් 2023 වසරේ පෙබරවාරි මස 19 වැනිදා තෙක් බලා සිටීමට සිදු වනු ඇත.

ලබා දුන් මෙම දඬුවම අභියෝගයට ලක් කරමින් ඊට එරෙහිව අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට දින 14ක කාලසීමාවක් අක්මාල් හට ලබා දී ඇති අතර එය විභාග කිරීම සඳහා ස්වාධීන විනිශ්චයකරුවෙකු පත් කිරීමට පියවර ගන්නා බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කොට තිබේ. 

“රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස්” වෙනස් මුහුණුවරකින් කරළියට ඒමේ සූදානමක්

ලොව බිහි වූ බිහිසුණුම වේගපන්දු යවන්නන් අතළොස්ස………

මෙම එල්ල කරන චෝදනා සියල්ල පදනම් විරහිත බැවින් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් කිසිසේත්ම පසුබට නොවන බව සඳහන් කරන සිටින අක්මාල් ඒ සඳහා නීති විශාරදයින් කිහිප දෙනෙකුගේම සහය පැතීමට අපේක්ෂා කරන බවට සඳහන් කර සිටියේය.

මෙහි දී වඩාත් කැපී පෙනෙනුයේ අප්‍රේල් 27 වැනිදා පැවති නඩු විභාගය අතරතුර දී අක්මාල් විසින් ලබා දුන් ප්‍රකාශයන් කිහිපයක්ම මින් ඉහත දී ඔහු ලබා දී ඇති තොරතුරත් සමඟ සන්සන්දනය කිරිමේ දී එකිනෙකට පරස්පර විරෝධී වීමයි.

එනම් ඔහු තමන් එදින රාත්‍රියේ අදාළ සැක කටයුතු පුද්ගලයින් දෙදෙනා හමු වූ බව පිළිගන්නා නමුත් ඔවුන් සමඟ පවතින්නේ කුමන ආකාරයේ සබඳතාවක් ද යන්න පිළිබඳව කරුණු හෙළි කිරීමට සූදානම් නොමැති බව සඳහන් කොට තිබීම මේ වන විට බොහෝ දෙනා අතර කථා බහට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබේ.

නඩු විභාග කටයුතු මෙහෙයවීම සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පත් කළ විශේෂ විනය කමිටුවේ සභාපති නීතිඥ ෆසාල්-ඊ-මිරාන් චෞහාන් මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ තමන් මෙවැනි පුද්ගලයින් සමඟ සංවාදයෙහි නිරත වූ බවට බලධාරීන් දැනුවත් නොකිරීම පිළිබඳ සමාව අයැද සිටීමට තරමවත් අක්මාල් එම කරුණ ගණනකට නොගත් බවයි.

Embedsf

කෙසේ නමුත් අක්මාල් තමන් අතින් නොදැනුවත්ව සිදු වූ එම අතපසු වීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමර්ගයන් අනුගමනය නොකරන ලෙසටත් එය සුළු අත්වැරදීමක් සේ සලකා ඊට දඩ මුදලක් අය කිරීම හෝ කෙටි කලකට පමණක් තරග තහනමකට ලක් කිරීමක් සිදු කරන ලෙසත් ප්‍රධාන විනිශ්චයකාරතුමන්ගෙන් අයැද සිට තිබුණි.

අවසන් තීන්දුව ලබා දීමෙන් අනතුරුව එදිනම සවස පාකිස්තාන සුපර් ලීගය සඳහා ක්‍රීඩා කිරීමට අක්මාල්ට තිබූ අවස්ථාව අහුරාලීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගත්තේ ඔහුට එරෙහිව පැනවූ තරග තහනම ප්‍රායෝගිකව බලාත්මක කිරීම ආරම්භ කරමිනි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කොට ඇති දූෂණ විරෝධී නීති සංග්‍රහයට ප්‍රකාරව එහි 2.4.4 වගන්තියෙහි දැක්වෙන ආකාරයේ කඩකිරීම් ද්විත්වයක් සිදු කර ඇති නිසාවෙන් අක්මාල්ට මෙවැනි කණගාටුදායක ඉරණමකට මුහුණ පෑමට සිදුව තිබේ.

උමාර් අක්මාල්, හිටපු පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක කම්රාන් අක්මාල්ගේ සොහොයුරෙකු වන අතර වත්මන් පාකිස්තාන කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු බාබර් අසාම්ගේ ඥාති සහෝදරයෙකු ද වනවා. දක්ෂ දකුණත් පිතිකරුවෙකු ලෙස නම් දැරූ උමාර් ටෙස්ට් තරග 16කට, එක්දින තරග 121කට සහ විස්සයි විස්ස තරග 84කට ක්‍රීඩා කර ඇති අතර එහි දී පිළිවෙළින් ලකුණු 1003ක්, 3194ක් සහ 1690ක් ඔහුගේ පිත්තෙන් වාර්තා වී ඇත.

Crickbuzz ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<