අක්මාල්ගේ දැඩි දඬුවම ගැන ක්‍රිකට් ආයතනය හේතු කියයි

72

පාකිස්තානය තුල පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ වංචාවල නවතම ගොදුර බවට පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් පත්විය. පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වූ නඩු විභාගයක දී වරදකරු වීම නිසා ඔහුට වසර 3ක ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට තීරණය විය.

උමර් අක්මාල්ට එරෙහි චෝදනාව වූයේ පසුගිය වසරේ පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර තරග පාවාදීම සඳහා වූ  දූෂිත ප්‍රවේශයන් වාර්තා කිරීමට අපොහොසත් වීමයි.

එයට අභියෝග නොකිරීමට ඔහු ගත් තීරණය නිසා එහි නඩු තීන්දුව සාපේක්ෂව සැහැල්ලු සම්බාධකයකට තුඩු දෙනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළේය. කෙසේ වෙතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය එහි දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් අක්මාල්ට උපරිම දඬුවම් ලබා දීමට තීරණය කළේය.

නීති කඩලා බේරෙන්න බැහැ; අක්මාල් වැරදිකරුවෙයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන…

මෙය පෙර නොවූ විරූ දෙයකි. අතීතයේ දී වාර්තා වූ එවැනිම අවස්ථාවල දී, මොහොමඩ් ඉර්ෆාන් හට මාස හයක තහනමක් පැනවූ අතර 2017 දී මොහොමඩ් නවාස්ට මාස දෙකක තහනමක් ලබා දෙන ලදි. පාකිස්තානයෙන් පිටත මෑත උදාහරණවල දී, ක්‍රීඩාවේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් අතර සිටින ෂකීබ් අල් හසන් හට වසර දෙකක තහනමක් පැනවූ අතර පසුව එම තහනමෙන් වසරක් අත්හිටුවන ලදි.

මේ වසරේ පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර ඔවුන්ගේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අක්මාල්ට චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබූ අතර එම තරගාවලියෙන් ද ඔහු ඉවත් කර තිබුණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම සඳහා උමාර් අක්මාල්ට අවස්ථාව ලබා දුන් අතර ඔහුගේ පිළිතුරේ දී එම චෝදනා පිළිගෙන ඇති බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කළේය. ඔහු වෙන වෙනම අවස්ථා දෙකක දී මෙලෙස තරග පාවා දීමේ ඉල්ලීම් තමා වෙත එළඹුණු බව කියා සිටියේය. මෙම සිදුවීම් පිළිබඳව ඔහු බලධාරීන්ට දැනුම් නොදුන් අතර එය පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඔහුට එල්ල කළ ප්‍රධානම චෝදනාව විය. 

ඉන් අනතුරුව අක්මාල්, දූෂණ විරෝධී විනිශ්චය සභාව ඉදිරියේ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය අත්හැර දැමීමට තීරණය කළේය. එහි දී ඔහුට නිර්දෝෂීභාවය ඉල්ලා සිටීමට හෝ චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ තිබුණි. මේ නිසා ඔහුගේ නඩුව කෙළින්ම ක්‍රිකට් ආයතනයේ විනය කමිටුවට ගියේය.

“ක්‍රීඩකයින් තමන් සිදු කරන මේ වැරදිවලින් ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන නොගන්නා බව ඉතා පැහැදිලිව පෙනෙන නිසා තහනමේ කාල සීමාව වැඩි කළ යුතු කාලය ඇවිල්ලා තියනවා.” ටෆාසුල් රිස්වි පැවසීය. 

කෙසේ වෙතත්, මෙම නඩු විභාගයේ දී අක්මාල් තම වරද පිළිගත්තේ නැත. නීතිඥයෙකු නොමැතිව තනිව පෙනී සිටි අක්මාල්, මෙම දූෂණ ප්‍රවේශයන් වාර්තා කිරීමට අපොහොසත් වීම සාධාරණීකරණය කරමින් ව්‍යාකූල තත්වයෙන් මිදීමට උත්සාහ කළේය. 

චෝදනා පිළිගෙන තිබියදීත් ඔහු පසුතැවිලි නොවීම හේතුවෙන් ඔහුට දැඩි දඬුවම් ලබා දීමට තීරණය කර ඇත. ඔහුගේ සාධාරණීකරණය පිළිගත නොහැකි බව වටහා ගත් අතර එය “විහිළුවක්” ලෙස ද ක්‍රිකට් ආයතනය විසින් සඳහන් කළේය.

“ඔහු ඔහුගේ මෝඩකම සාධාරණීකරණය කිරීමට ඔහු නැවත නැවතත් උත්සාහ කරමින් සිටියා,” පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ තෆාසුල් රිස්වි නඩු විභාගයෙන් පසුව මාධ්‍යයට පැවසීය.

“ඔහුගේ පිළිතුර ව්‍යාකූල එකක්. ඔහු සිය ස්ථාවරය පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කළේත් නෑ. සැක සහිත සිදුවීම් තවමත් වාර්තා නොකිරීම සඳහා නිශ්චල යුක්තිසහගත බවක් ඔහු ඉදිරිපත් කළා. ඔහු උල්ලංඝනය කිරීම පිළිගත්තා නම් ඔහුට විනිශ්චය සභාවේ අනුකම්පාව ලැබෙන්න ඉඩ තිබුණා.”

“ඔබගේ පැතුම හෝ පහසුව පිළිබඳව සලකා ඔබ වාර්තා බව දූෂණ විරෝධී නීති සංග්‍රහයේ පොදු අතිරේකයක් නෑ. ඔබ වාර්තා කරනවා හෝ වාර්තා කරන්නේ නෑ එපමණයි.”

පාකිස්තාන වේගපන්දු ‍යවන ක්‍රීඩක එලෙස මොහොමඩ් ඉර්ෆාන් දූෂිත ප්‍රවේශයන් දෙකක් වාර්තා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව වරද පිළිගැනීමෙන් පසු මාස 12ක තහනමක් හා මාස හයක අත්හිටවූ තහනමක් ලැබුණු බව රිස්වි පැවසීය.

කෙසේ වෙතත් මෙවැනි ක්‍රියා සඳහා ලබා දෙන දඬුවම වැඩි කළ යුතු බව රිස්විගේ මතය විය. 

“අද පවා ගෞරවනීය විනිසුරුවරයා ඔහුගෙන් (අක්මාල්ගෙන්) පැහැදිලිව විමසුවා ඔහු ඔහුගේ වැරැද්ද පිළිගන්නවා ද කියලා. නමුත් අක්මාල් ඒ අවස්ථාවේදීත් කියා සිටියා ඔහුගේ අසාර්ථකත්වය සාධාරණීකරණය කරන ලෙස.” රිස්වි පැවසීය. 

“ඒක මගේ ක්‍රිකට් ජීවිතයේ හැඟීම්බර අවස්ථාවක්”

නවසීලන්ත නායක කේන් විලියම්සන් පිළිබඳව මුළු මහත් ක්‍රිකට් ලෝකයටම ඇත්තේ අසීමිත…

“එකිනෙකට සම්බන්ධ නොවූ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා දෙකක් යටතේ චෝදනා එල්ල වුනා. මොහොමඩ් ඉර්ෆාන් ඇතුළු පිරිසට සම්පූර්ණයෙන්ම වෙනස් නඩු තිබුණා. ඉර්ෆාන්ට අඩු තහනමක් පැනවූයේ ඔහු කළ වැරැද්ද පිළිගෙන පැනවූ අනුමත කිරීමට එකඟ වූ නිසා. නමුත් උමර් අක්මාල් ඔහුගේ අතපසු වීම පිළිගත්තේ නෑ. ඔහු වාර්තා නොකළේ ඇයි කියලා සාධාරණීකරණය කිරීමට උත්සාහ කළා.” 

“වාර්තා නොකිරීමේ පදනම මත මෙම තෙවසරක තහනම සුදුසු යැයි ක්‍රිකට් ආයතනය සලකනවා. පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙම සිදුවීම සම්බන්ධයෙන්  දැඩි දඬුවම් පනවන ලෙස ඉල්ලා සිටියා. සුළු දඬුවම් මඟින් ක්‍රීඩකයින් පාඩම් ඉගෙන නොගන්නා බව ඉතා පැහැදිලිව පෙනෙන දෙයක්. ඒ නිසා තහනමේ කාල සීමාව වැඩි කළ යුතු කාලය ඇවිල්ලා තියනවා. නෛතික පැත්ත සම්බන්ධයෙන් ගත් විට, තහනමේ කාල සීමාව සාධාරණ, යුක්ති සහගත හා සමානුපාතික බැවින් මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය විදිහට අපි සෑහීමකට පත්වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<