සාන්ත ජෝසප් හා සාන්ත තෝමස් විද්‍යාලය අවසන් 4ට

246

ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටිය තවදුරටත් උණුසුම් කරවන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ හා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් අද (28) ක්‍රියාත්මක විය. එහි දී ජයග්‍රහණ ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය මේ තරගාවලියේ අවසන් පූර්ව තරග වටය සඳහා වරම් දිනා ගන්නට සමත් විය.

දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව අසුනට තියුණු සටනක්

පාසල් මහා ක්‍රිකට් තරගවල උණුසුම ක්‍රමයෙන් අඩුවී යත්ම ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටිය තවදුරටත් උණුසුම් කරවන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල්…

එසේම දෙවන පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පැවති අවසන් පූර්ව තරගයක දී පානදුර සාන්ත ජෝන් විද්‍යාලය ලකුණු 36කින් පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය එම තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

සාන්ත ජෝසප් විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

ඊයේ (28) දිනයේ දී තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමර විද්‍යාලයේ නායක සුවත් මෙන්ඩිස් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පිටියට පැමිණි සාන්ත ජෝසප් විද්‍යාල පළමු කඩුලු කිහිපය ඉතාමත් ඉක්මනින් බිඳ වැටුණි.

එය එසේ සිදු වූවත් ඔවුන්ගේ මැදපෙළ ස්ථාවර කළ වමතින් පිතිකරණයේ නිරත වන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන දුනිත් වෙල්ලාලගේ ලබා ගත් වටිනා අර්ධ ශතකය නිසාවෙන් සාන්ත ජෝසප් පළමු ඉනිම යම් මට්ටමකට ඔසවා තබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

පන්දු යැවීමේ දී ලක්ෂාන් පෙරේරා හා වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3 බැගින් දවා ගත්තේය. දකුණතින් පා දඟපන්දු යවන නායක සුවත් මෙන්ඩිස් කඩුලු 2යි.

ලකුණු 236ක පළමු ඉනිමේ ඉලක්කය හඹා යාමේ අරමුණ ඇතිව පළමු දිනයේ සවස් භාගයේ දී පිටියට පැමිණි වේල්ස් කුමර මුල්පෙළ පිතිකරුවන් හට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් පන්දු යැවීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් විය.

Photos: St. Joseph’s College vs Prince of Wales College | U19 Cricket Tournament 2018/19 | QF

තරගය අද (28) දෙවන දිනය සඳහා ආරම්භ කරන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටියේ සාන්ත ජෝසප් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 205ක් පසුපසින් සිටිමිනි.

ලකුණු 31කට කඩුලු 5ක් දැවී ගිය පසුව පිටියේ එක්වූ කඩුලු රකින ක්‍රීඩක දේවක පීරිස් හා කවිඳු ද මෙල්  ලකුණු 35ක සබඳතාවයක් ගොඩනංවමින් වේල්ස් කුමරා විද්‍යාල පළමු ඉනිම යම් තාක් මට්ටමකට ඔසවා තැබීමට වෑයම් කළත් එය සාර්ථක නොවූයේ නායක අශේන් ඩැනියෙල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 16ක් ලබා සිටි කවිඳු දැවී ගිය නිසයි.

ඉන්පසුව තවදුරටත් ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් වේල්ස් කුමර විද්‍යාලයේ පසුපෙළ කඩුලු කිහිපය ඉතාමත් ඉක්මනින් බිඳ දමන විට ලකුණු 91/9ක් ලෙස සටහන්ව තිබූ වේල්ස් කුමර පළමු ඉනිම ලකුණු 205ක් දක්වා රැගෙන ගියේ මේ තරගය ඉතාමත් තීරණාත්මක තැනකට රැගෙන යමිනි.

ඉන්දියාවෙම දැලි ගෑ අශ්වින්ගේ ‘මන්කාඩ’ය

එය 1987 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ නවවැනි තරගයයි. ස්ථානය ලාහෝරයේ ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තානු පිලට ජයග්‍රහණය…

එහි දී අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට නදුක ප්‍රනාන්දු හා ලක්ෂාන් පෙරේරා යන පිතිකරුවන් දෙදෙනා සමත් වූයේ වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු තවදුරටත් මල්ඵල ගන්වමින් වුවත් දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක අශේන් ඒ බලාපොරොත්තුව බිඳ දමමින් සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කරන ලදි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක, නිමා වූ සාන්ත පීතර – සාන්ත ජෝසප් එක්දින මහා ක්‍රිකට් තරගයේ දී ශතකයක් ලබාගෙන සාන්ත ජෝසප් විද්‍යාලයට ජය මාවත විවර කර දුන් දකුණතින් මද වේගපන්දු යවන ලක්ෂාන් ගමගේ ලකුණු 46කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වද්දී නායක අශේන් ඒ සඳහා සහාය වූයේ ලකුණු 53කට කඩුලු 4ක් දවාගෙනයි. ඔහු ද ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වීම සුවිශේෂී වේ.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 235/10 (79.3): දුනිත් වෙල්ලාලගේ 56, ජොහෑන්  ද සිල්වා 43, සචින්ත මහින්දසිංහ 31, ශෙවෝන් ඩැනියෙල් 29, අශේන් ඩැනියෙල් 28, ලක්ෂාන් පෙරේරා 3/35, කෞමාල් නානායක්කාර 3/87, සුවත් මෙන්ඩිස් 2/43.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 205 (99.2): නදුක ප්‍රනාන්දු 62*, ලක්ෂාන් පෙරේරා 46, දේවක පීරිස් 42, ලක්ෂාන් ගමගේ 4/46, අශේන් ඩැනියල් 4/53, ශාලින්ද සෙනෙවිරත්න 2/39

  • දෙදින ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා ඒ ඒ කණ්ඩායම් පැමිණි ගමන් මග,

සීමිත පන්දුවාර අර්ධ අවසන් පූර්ව තරගය,

සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය

බම්බලපිටිය සාන්ත පීතර විදුහල් ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු 332ට පිළිතුරු ලෙස සාන්ත පීතර විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 187ක් පමණි.

Photos: S. Thomas’ College vs St. Peter’s College | U19 Cricket One Day Tournament 2018/19 | QF

සාන්ත තෝමස් විද්‍යාලයේ මුල් පෙළ පිතිකරුවන් කිහිප දෙනා ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ලකුණු 300 සීමාව ඉක්මවා ගියේය. එහි දී උමයංග සුවාරිස් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 84*ක් ලබා ගත්තේ ඉතාමත් මනරම් පිතිකරණයක නිරත වෙමිනි. ඊට අමතරව රයන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබා ගත්තේය. නායක සිතර හපුහින්න ලකුණු 48යි.

ලකුණු 333ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ  පිටියට පැමිණි සාන්ත පීතර විද්‍යාලයේ මුල්පෙළ හා පසුපෙළ පිතිකරුවන් යම්තාක් මට්ටමකට ලකුණු අතරට පිවිසියත් මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා ඔවුන්ගේ ඉලක්කය වෙත යාමට හැකි නොවුනි. සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක ඩෙලෝන් පීරිස් කඩුලු 4ක් බිඳ හෙළීය.

​මැංගුස් සටන් ඉතිහාසය වෙනස් කරන්නට සූදානම් වන 61 වැනි හටන

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 29 සහ 30 දෙදින මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ….

සාන්ත පීතර විද්‍යාලය තරගකාරී ලකුණු මට්ටමකට රැගෙන ගිය ශැනොන් ප්‍රනාන්දු ලකුණු 62ක් ලබා ගන්නා විට ඔහුට සහාය වූ වනුජ සහන් නොදැවී ලකුණු 58*ක් ලබා ගන්නා ලදි. අවසානයේ ලකුණු 109ක ජයක් හිමිකරගත් සාන්ත තෝමස් විද්‍යාලය අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.

වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර  පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා මේ වන විට මොරටුව සාන්ත වේල්ස් කුමර විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සුදුසුකම් ලබාගෙන ඇත.

සාන්ත තෝමස් විද්‍යාලය – 332/7 (50): උමයංග සුවාරිස් 84*, රයන් ප්‍රනාන්දු 53, සිතර හපුහින්න 48, ශලින් ද මෙල් 45, රවිඳු ද සිල්වා 34, කලන පෙරේරා 25, තාරික් සබූර් 2/47

සාන්ත පීතර විද්‍යාලය – 223 (49.3): ශැනොන් ප්රනාන්දු 62,  වනුජ සහන් 58*, ඩෙලෝන් පීරිස් 4/26, ශැනොන් ප්‍රනාන්දු 3/29, කලන පෙරේරා 2/31.

දෙවන පෙළ සීමිත පන්දුවාර අවසන් පූර්ව තරගය,

කොළඹ රාජකීය විද්‍යාලය හා පානදුර සාන්ත ජෝන් විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිටියේ දී නිමා වූ මේ තරගය ලකුණු 36කින් ජය ගත් රාජකීයයන් මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

කාසියේ වාසිය  පන්දුවට පහර දුන් රාජකීය විද්‍යාලය වෙනුවෙන් භාග්‍ය දිසානායක හා සදිෂ රාජපක්ෂ ලකුණු 24 සීමාව ඉක්මවා ලකුණු ලබාගෙන ලකුණු 148ක් දක්වා සිය විද්‍යාල ලකුණු සටහන ඔසවා තැබීය. ඔවුන්ගේ ලකුණු සටහන එවැනි මට්ටමකට සටහන් වූයේ චමිඳු නවරත්නගේ කඩුලු 5 දක්ෂ පන්දු යැවීම නිසාවෙනි.

එම ඉනිමට පිළිතුරු ලෙස සාන්ත ජෝන් විද්‍යාලය සාර්ථක ආරම්භක සබඳතා කිහිපයක් ගොඩනැංවූ නමුත් මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා සාන්ත ජෝන් විද්‍යාලයේ බලාපොරොත්තු සුනුවිසුනු වී ගියේය. පන්දු යැවීමේ දී රාජකීය විද්‍යාලයේ තරුෂ රුක්ෂාන් කඩුලු 4ක් දවා ගත්තේය.

රාජකීය විද්‍යාලය – 148 (45.1): භාග්‍ය දිසානායක 28, සදීෂ රාජපක්ෂ 24, චමිඳු නවරත්න 5/26, සුමුදු උදාර 2/23, අශාන් දිල්හාර 2/37.

සාන්ත ජෝන් විද්‍යාලය – 112 (39.1): රෙෂාන් මලිත් 27, තරුෂ රුක්ෂාන් 4/22.

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර  පැවැත්වෙන මේ තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 31 වැනිදා කොළඹ මුවර්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<