අවිශ්ක ගුණවර්ධන සියලු චෝදනාවලින් නිදහස්

307

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු සහ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනාවන් දෙකෙන් ඔහුව නිදහස් කිරීමට එහි ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

2017 දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු T10 ක්‍රිකට් තරගාවලිය අතරතුර දී, චෝදනාවන් කිහිපයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අවිශ්ක ගුණවර්ධනට එරෙහිව 2019 වසරේ මැයි 10 වැනිදා චෝදනා ගොනු කරනු ලැබුවා.

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

අවිශ්ක ගුණවර්ධනට එල්ල වූ චෝදනා පහත දැක්වෙන අතර එම චෝදනාවලින් ඔහු නිදහස් නිසාවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා.

2012 පනතේ 2.1.4 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙළඹ වීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම.

2014 පනතේ 2.4.5 වගන්තිය – දූෂණ විරෝධී ඒකකය සඳහා තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීම, ඒ සඳහා සහභාගී නොවීම.

ගුණවර්ධන මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇති අධිකරණ බලය සම්බන්ධයෙන් අභියෝගයට ලක් කරමින් 2019 වසර අවසානයේ දී පෙත්සමක් ද ගොනු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<