“රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස්” වෙනස් මුහුණුවරකින් කරළියට ඒමේ සූදානමක්

100
SHOAIB AKTHAR

ලොව බිහි වූ බිහිසුණුම වේගපන්දු යවන්නන් අතළොස්ස අතරින් ඉහළින්ම නම රැන්ඳු ක්‍රීඩකයෙකු ලෙස හිටපු පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් හට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.

බෙන් ස්ටොක්ස් මැරතන් දුවයි

එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය සඳහා ආධාර..

2011 වසරේ දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන් ඔහු මේ වන විට වේගපන්දුකරණය සම්බන්ධයෙන් තමන් සතුව ඇති දැනුම් සම්භාරය ලොව ඕනෑම රටක සිටින ක්‍රීඩකයෙකුට හෝ කණ්ඩායමකට ලබා දීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ. 

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අක්තර් සඳහන් කර සිටියේ පිතිකරුවන් තම ආධිපත්‍යය පතුරාලන කාලසමයක ආක්‍රමණශීලී, කඩුලු පිපාසයෙන් තරග වඳින වේගපන්දු යවන්නන් බිහි කිරීම ඔහුගේ ඒකායන අරමුණ බවයි. 

ඔහු පෙන්වා දුන් කාරණය නම් දක්ෂ පන්දු යවන්නෙකු නිර්මාණය කිරීමට එම ක්‍රීඩකයා කුමන රටක, කුමන ආගමකට හෝ ජාතියකට අයත් වනවා ද යන්න ඔහුට ගැටලුවක් නොවන බවයි.

ඔහු එවැනි දැඩි පිළිතුරක් ලබා දීමට යුහුසුලු වූයේ වැඩසටහන මෙහෙයවූ නිවේදකයා විසින් ඇසූ මතහේදාත්මක පැනයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසිනි. “ඉන්දියානු ක්‍රීඩකයෙකුට හෝ කණ්ඩායමකට ඔබ සතු දැනුම බෙදා දීමට සිදු වුවහොත්?” යනුවෙන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අක්තාර් එකහෙළා පවසා සිටියේ නිසැවකම ඔහු ඒ සඳහා සූදානමින් පසුවන බවයි. 

ඔහු එහි දී ඉස්මතු කර සිටි කාරණාව නම් පුහුණුකරුවෙකු සතු අංක එකේ කාර්‍යභාර්‍ය  ක්‍රීඩකයෙකුගේ දක්ෂතා ඔප්නංවාලීම බවත් ඉන් ඔබ්බට ඇති අනෙකුත් සියලු කරුණු කාරණා එම රාජකාරිය සඳහා වලංගු කර ගත යුතු නැති බවත්ය. අක්තාර්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට ඉතාමත් යහපත් ප්‍රතිචාර රැසක් ගලා එමින් පවතින අතර විශේෂයෙන්ම ඉන්දියානු ක්‍රීඩාලෝලින් ඔහු දරන මෙම මතවාදය අගයකොට සලකන බව ද ප්‍රකාශ කොට තිබුණි. 

පන්දුව ඔප දාන්න කෙල වෙනුවට අලුත් වැක්ස් එකක්

ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු විවිධ ක්‍රීඩා සඳහා උපකරණ සපයන ලොව ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක්..

ඉන්දියාව සහ පාකිස්තානය අතර රාජ්‍යතාන්ත්‍රිකමය වශයෙන් වසර ගණනාවක සිට දැඩි විරසකයක් පවතින අතර එය දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරග සඳහා ද දැඩි බලපෑමක් එල්ල කරනු ලැබුවේ 2012 වසරේ සිට මේ දක්වා කණ්ඩායම් දෙක අතර ක්‍රියාත්මක වීමට නියමිත තිබූ තරගාවලි සියල්ලම පාහේ අවලංගු කර දැමීමට මඟ පාදමිනි.

තමන් ක්‍රීඩා කරන සමයේ වේගපන්දු යවන්නන් ඔවුන්ගේ අණසක පතුරුවාලූ ආකාරය පිළිබඳ මතකාවර්ජනය කරමින් අක්තාර් සඳහන් කර සිටියේ එවැනි තර්ජනාත්මක පන්දු යවන්නන් ඉදිරියට ගෙන ඒම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සඳහා අතිශය වැදගත් වනු ඇති බවයි. 

ලොව අංක එකේ ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන IPL තරගාවලිය සඳහා වූවද පුහුණුකරුවෙකු ලෙසින් තම දායකත්වය සැපයීමට පසුබට නොවන බව ද අක්තාර් සඳහන් කර සිටියේය. 

මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ අක්තාර් හට ඉන් අනතුරුව පැවති අදියර සඳහා සහභාගී වීමට තිබූ වරම අහුරා ලීමට ඉන්දීය රජය කටයුතු කරනු ලැබුවේ, 2009 වසරෙන් පසු එම තරගාවලිය සඳහා කිසිදු පාකිස්තාන ජාතික ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට නොහැකි වන අයුරින් ගෙන ගෙන ආ නීති මාලාව නිසාවෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<