LPL කණ්ඩායම් දෙකක නම් ගැලවෙයි

LPL ක්‍රිකට් තරගාවලිය 2021

190

2024 වසර දක්වා LPL ක්‍රිකට් තරගාවලියේ සංවිධාන අයිතිය හිමි IPG සමාගම ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Colombo Kings සහ Dambulla Viiking යන කණ්ඩායම්වල හිමිකාරිත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය වසර සඳහා වූ මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කර ඇති බව IPG ආයතනය විසින් වැඩිදුරටත් පවසා සිටි අතර, එම හිමිකාරිත්වය අවලංගු වූ Colombo Kings සහ Dambulla Viiking යන කණ්ඩායම් මිල දී ගැනීම සඳහා දැනටමත් පාර්ශව රැසක් ඉදිරිපත්ව තිබෙන බව IPG ආයතනය පවසා සිටිනවා.  

තවත් ක්‍රිකට් පුවත්:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ජූලි 29 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර Kandy Tuskers, Jaffna Stallions, Galle Gladiators යන කණ්ඩායම් තුනේ හිමිකාරිත්වය පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බව ද වාර්තා වෙනවා.

Colombo සහ Dambulla යන කණ්ඩායම් දෙකේ හිමිකාරිත්වය තහවුරු කිරීම අවසන් අදියරේ පවතින බවත්, එම කණ්ඩායම් දෙක නව හිමිකාරිත්වයක් යටතේ, නව නාමයන් ද සහිතව මෙවර තරගාවලිය සඳහා තරග වදිනු ඇත.

2020 වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේ දී Colombo Kings කණ්ඩායමේ හිමිකාරිත්වය Murfad Mustafa (Faza Group) විසින් ද, Dambulla Viiking කණ්ඩායමේ හිමිකාරිත්වය බොලිවුඩ් නලු Sachiin J Joshi විසින් ද දරනු ලැබුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<