සුමල්ක සහ සුවහස් සදීෂගේ තුන් ඉරියව් දස්කම් මෙල්ල කරයි

19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරග 2022

471

වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාම්ප්‍රදායික තරග කිහිපයක් අද ජය පරාජයෙන් තොරව (30) නිමාව දුටුවා. කෙසේ නමුත් එම තරග වල පළමු ඉනිමේ වැඩි වාසිය දිනාගැනීමට රාජකීය, මහනුවර සාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව විද්‍යාල සමත් වුනා.

ආචාර්ය O.L.F සේනාරත්න අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන 93 වැනි රාජකීය – වේල්ස් කුමර දෙදින සාම්ප්‍රදායික තරගයේ දී කණ්ඩායම් දෙකෙන්ම කරට කර ක්‍රීඩා විලාශයක් දැක ගැනීමට හැකියාව ලැබුණු අතර 93 වන වරට පැවැත්වුණු එම තරගය 47 වන වරටත් ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

දෙවන දිනය ආරම්භ වන විට වේල්ස් කුමර පළමු ඉනිම 71/4ක් ලෙස සටහන් වුනු නමුත් ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 64ක් තුල දවාලීමට සදීෂ රාජපක්ෂ සහ ගිශාන් බාලසූරිය යන රාජකීය දඟපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා.

ලකුණු 63ක පළමු ඉනිමේ වාසියක් අතැතිව සිය දෙවන ඉනිම දියත් කළ රාජකීයන් කඩුලු 2ක් දැවී ලකුණු 154ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවූවා. එහිදී සන්විඳු සෙනරත්ආරච්චි ලකුණු 57ක් ලබාගෙන දස්කම් දැක්වූවා. ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ලකුණු 218ක ඉලක්කයක් හඹා ගිය වේල්ස් කුමර දෙවන ඉනිමේ පළමු කඩුලු 2ක ලකුණු 36ක් තුල දවාගැනීමට රාජකීය විද්‍යාලය සමත් වුනා.

කෙසේ නමුත් මේ තරගයේ වාර්තා වුනු හොඳම සබඳතාවය වාර්තා කරමින් තෙවන කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 92*ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ සුමල්ක ප්‍රනාන්දු සහ සුවහස් ප්‍රනාන්දු වේල්ස් කුමර විද්‍යාලයේ ගෞරවය රැකගනිමින් තරගය ජය පරාජයෙන් තොර අවසානයක් දක්වා රැගෙන ගියා. මේ තරගයේ දී ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක සදීෂ ලකුණු 46ක් සහ කඩුලු 5ක් දවාගෙන කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූවා.

සිය පළමු ඉනිමට ලකුණු 367ක් ලබාගත් ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 187ක් පමණයි. එහිදී වමතින් දඟපන්දු යවන තීරක රණතුංග ලකුණු 63කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා. ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක පවන් පතිරාජ ත්‍රිත්ව දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තා.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර, සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වුණු දෙදින සම්ප්‍රදායික ක්‍රිකට් තරගයේ වැඩි ගෞරවය දිනාගන්නට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වුනා. එහිදී අසිත වන්නිනායක ලකුණු 80ක් සහ ලකුණු 18කට කඩුලු 4ක් දවාගෙන දැක්වූ තුන් ඉරියව් දස්කම් කැපී පෙනුනා.

ලකුණු සාරංශයන්,

රාජකීය විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය

කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය

ක්‍රීඩාංගණය – රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණය

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 198 (51.3): සිනෙත් ජයවර්ධන 83, උවිඳු වීරසේකර 40, දමිත් කප්පාගොඩ 30, ප්‍රින්ස් ප්‍රනාන්දු 4/36, උනෙත් පීරිස් 3/49.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම– 135/10 (59.3): ඕමේෂ් මෙන්ඩිස් 28, සුවහස් ප්‍රනාන්දු 27, උනෙත් පීරිස් 26,

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 152/2d (31): – සන්විඳු සෙනරත්ආරච්චි 57, සදීෂ රාජපක්ෂ 44*, සිනෙත් ජයවර්ධන 39,

වේල්ස් කුමර විද්‍යාල දෙවන ඉනිම – 128/2 (46) සුමල්ක ප්‍රනාන්දු 56*, සුවහස් ප්‍රනාන්දු 35*, ඔමේෂ් මෙන්ඩිස් 22.

තරග ජය පරාජයෙන් තොරව අවසන්

ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය

ක්‍රීඩාංගණය – වෙස්ලි විද්‍යාල ක්‍රීඩාංගණය

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 367 (94.1): අක්‍රම් මුතාලිබ් 88, සුපුන් වඩුගේ 71, විභාවිත් ඇහැලේපොල 60,  විදුක ධම්මගේ 46, රහල් අමරසිංහ 32, චමත් ගොමෙල් 4/96, සෙමිල ලියනගේ 2/64.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම –  187/10 (61.1): ටිල්ශාන් සේනානායක 45, සෙමිල ලියනගේ 37, චමත් ගොමෙල් 21, තීරක රණතුංග 4/63, පවන් පතිරාජ 2/14, විභාවිත් ඇහැලේපොල 2/24.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 111/3 (22.2): පවන් පතිරාජ 60, ජනිත් වර්ණකුල 30, සෙමිල ලියනගේ 2/22.

තරග ජය පරාජයෙන් තොරව අවසන්

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 102 (38.5): ශෙනල් සමරතුංග 31,

සාන්ත අන්තෝනි පළමු ඉනිම – 201/7d (41.2): අසිත වන්නිනායක 80, චමිඳු වික්‍රමසිංහ 39, යසිරු ගමආරච්චි 27, සචින් සේනානායක 3/53.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල දෙවන ඉනිම – 137/8 (42.3): පසන් සුවහස් 34, ශෙනාල් සමරතුංග 30, ට්‍රෙවින් මැතිව් 2/26, අසිත වන්නිනායක 2/17.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<