ජොෆ්රා ආචර්ට දකුණු අප්‍රිකාව සමඟ විස්සයි විස්ස අහිමි වෙයි

68

දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීමට එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් හට නොහැකි වනු ඇතැයි වාර්තා වේ. 

අමුතු එක්දින තරගයේ දී හයේ පහර 48යි; හතරේ පහර 70යි

බංග්ලාදේශයේ පැවැත්වෙන දෙවන පෙළ එක්දින ක්‍රිකට් තරගයක දී කණ්ඩායම් …

ඔහු දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් ටෙස්ට් තරග තුනට සහභාගී නොවුනු අතර ඔහුට තරගාවලිය ආරම්භයේ දී වැලමිටේ ආබාධයක් ඇතිවීම එයට හේතුවයි. 

එංගලන්තය දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගත් අතර ආචර් තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා නැවතත් එංගලන්තයට පිටත්ව ගොස් ඇත. 

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ආචර් කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර ඔහු වෙනුවට ලැන්කැශයර් ප්‍රාන්තයේ ක්‍රීඩක සාකිබ් මොහොමඩ් එංගලන්ත විස්සයි විස්ස සංචිතයට එක්වනු ඇත. 

සිය වැලමිටේ අබාධය පිළිබඳ ජොෆ්රා ආචර් මෙසේ මාධ්‍යට අදහස් දක්වා තිබුනි. 

“එය ඉතා හෙමින් හොඳ තත්වයට හැරෙනවා. තවත් සති දෙකක් විතර යයි හොඳින්ම සුව වෙන්න.” 

කේප් ටවුන් හිදී මට පන්දු යවන්නම නොහැකි වුනා. දැන් මම ටිකක් වේගයෙන් පන්දු යවනවා. නමුත් සුපුරුදු වේගයෙන් නොවෙයි. පසුගිය ලෝක කුසලානයේ ඉඳන්ම මට මේ ආබාධය තිබුනා. පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ මට හොඳින්ම දැනුනා. දැන් අපි ශ්‍රී ලංකාවට යනවා. එය නවසීලන්තයේ අපට ලැබුනු වේගය රහිත තණතිලි වගේම වෙයි. මගේ වැලමිට හොඳ නොවුනොත් තේරීම් කමිටුව මාව එහි යවන එකක් නැහැ. අපිට දිගු තරගාවලි රැසක් තිබෙනවා සහ විස්සයි විස්ස ලෝක කුසලානය තිබෙනවා. ශාරීරික සුවතා පුහුණුකරුවන් ලවා මගේ හොඳ ශාරීරික තත්වය සැලසුම් කරන්න වේවි.” ඔහු තවදුරටත් පවසා සිටියේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<