අතපත්තු සහ ප්‍රබෝධනී ඩුබායි නුවරට

Fairbreak ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

2006

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ වමතින් වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී 2022 Fairbreak ආරාධිත විස්සයි විස්ස තරගාවලිය නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා.

මැයි 1 වැනිදා සිට 15 වැනිදා දක්වා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත මේ තරගාවලිය සඳහා ලොව පුරා සිටින දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වෙනවා.

South Coast Sapphires, The Warriors, The Barmy Army, The Tornedos, Team Spirit සහ The Falcons යන කණ්ඩායම් 6 සහභාගී වන මේ තරගාවලියේ දී අතපත්තු Falcons නියෝජනය කිරීමට නියමිත අතර ප්‍රබෝධනී Warriors නියෝජනය කිරීමට නියමිතයි.

Suzie Bates (නවසීලන්තය), Danielle Wyatt (එංගලන්තය) සහ Marizanne Kapp (දකුණු අප්‍රිකාව) යන ලොව ප්‍රබල ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම අතපත්තු ක්‍රීඩා කිරීමට නියමිත Falcons නියෝජනය කිරීමට නියමිතයි.

ප්‍රබෝධනී ක්‍රීඩා කරන Warriors කණ්ඩායමේ සිටින ප්‍රධාන ක්‍රීඩිකාවන් ලෙස Hayley Matthews (බටහිර ඉන්දීය කොදෙව්), Georgia Redmayne (ඕස්ට්‍රේලියාව), Shamilia Connell (බටහිර ඉන්දීය කොදෙව්) යන ක්‍රීඩිකාවන් ඇතුලත්ව සිටිනවා.

32 හැවිරිදි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 89ක් ක්‍රීඩා කර තිබෙන අතර පළමු වරට විදෙස් ලීගයක් සඳහා සහභාගී වන 36 හැවිරිදි ප්‍රබෝධනී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 75ක් ක්‍රීඩා කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<