තර්ස්ටන් විදුහල් රග්බි කණ්ඩායමට නව අනුග්‍රාහකයෙක්

1667

මේ සති අන්තයේ දී ආරම්භ වීමට නියමිත 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයෙන් තරග කරන කණ්ඩායමක් වන තර්ස්ටන් විද්‍යාලයීය රග්බි කණ්ඩායමට අනුග්‍රාහකත්වය දැක්වීමට HNB FINANCE ආයතනය ඉදිරිපත් වී සිටියි.

යේ (26) කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවති, නව අනුග්‍රාහකයින් හඳුන්වා දීම සහ තර්ස්ටන් විදුහලේ රග්බි ක්‍රීඩාව වැඩි දියුණු කිරීමේ මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව අනාවරණය කෙරුණි.

නව බලාපොරොත්තු රැසක් සමඟින් සහිරා කණ්ඩායම යුධ පිටියට

දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම වරෙක ශ්‍රී ලංකාවේ…

මාධ්‍ය සාකච්ඡාවේ දී අනුග්‍රාහක ආයතනය විසින් චෙක්පත් පාසල වෙත ප්‍රදානය කිරීමට අමතරව පාසලේ නිල රග්බි ජර්සිය මාධ්‍ය වෙත එළි දැක්වීම ද සිදු කරන ලදි.

මාධ්‍ය හමුවට සහභාගී වූ තර්ස්ටන් රග්බි කණ්ඩායමේ පුහුණුකරු රෝහිත රාජපක්ෂ මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

“මුලින්ම මම තර්ස්ටන් රග්බි පුහුණුකරු ලෙස ක්‍රීඩාංගණයට යද්දී රග්බි ක්‍රීඩා කරමින් සිටියේ සිසුන් 10ක් වැනි ප්‍රමාණයක් පමණයි. මට ඔවුන්ව හසුරුවන්න විශේෂ අවධානයක් යොමු කරන්නට වුනා. ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපනයට ද මුල් තැන දීම මට අත්‍යාවශ්‍ය කරුණක් වුනා. ඔවුන්ගේ විනය වගේම අධ්‍යාපනයත් ඔවුන්ට අත්‍යාවශ්‍යයි. ඒ වගේමයි මම පාසලේ රග්බි කමිටුවට ද පැවසූවේ මට එක්වරම ජයග්‍රහණ ගෙනල්ලා මැජික් පෙන්වීමට නොහැකි බව සහ ඒ සඳහා වසර දෙකක පමණ කාලයක් මට අවශ්‍ය වන බවයි. ඔවුන් ද මගේ සැලසුම්වලට උදව් කිරීම මට ශක්තියක්.”

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, B කාණ්ඩයේ පාසලකට අනුග්‍රාහකත්වය දැක්වීමට කිසිදු ආයතනයක් ඉදිරියට නොඑන අවස්ථාවක සිය කණ්ඩායම සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් HNB FINANCE ආයතනයට සිය ස්තුතිය පුදකර සිටින බවයි.

රග්බි පිටියේ රජවරු නැවතත් ඔටුන්න දිනා ගනී ද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මතක් කළ සැණින් මතකයට එන කණ්ඩායම් ද්විත්වයක් තිබෙනවා. ඉන් එක්…

තර්ස්ටන් විදුහලේ විදුහල්පති ලක්ශ්මන් ඩයස් මහතා, මාධ්‍ය හමුව අමතමින් පවසා සිටියේ, “දරුවන්ට සිය පෞරුෂය සංවර්ධනය කර ගැනීමට හා විනය ගොඩනැගීමට ක්‍රීඩාව මහත් රුකුලක් වනවා. එතුලින් අපට අනාගතයේ හොඳ පුරවැසියන් රටට බිහි කළ හැකි.” බවයි.

HNB FINANCE ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හා කළමනාකර අධ්‍යක්ෂක B. M. D. C. ප්‍රභාත් මහතා අදහස් දක්වමින් පැවසූවේ, තර්ස්ටන් විදුහල් රග්බි කණ්ඩායමට මේ වසරේ දී අනුග්‍රාහකත්වය දැක්වීමට ලැබීම සතුටට කරුණක් බවත්, රෝහිත රාජපක්ෂ මහතාගේ පුහුණුකාරීත්වය සමඟින් තර්ස්ටන් රග්බි කණ්ඩායම නව මානයකට රැගෙන යනු ඇති බවත්ය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට තර්ස්ටන් රග්බි කමිටුවේ ලේකම් ඉන්දික මාලිගස්පේ, තර්ස්ටන් විදුහලේ විදුහල්පති ලක්ෂ්මන් ඩයස්, තර්ස්ටන් විදුහල් රග්බි කමිටුවේ අනුශාසක නොයෙල් ජෝසෆ්, HNB FINANCE ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හා කළමනාකර අධ්‍යක්ෂක B. M. D. C ප්‍රභාත්, තර්ස්ටන් විද්‍යාලයීය රග්බි ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සඳුන් සමන් කුමාර, රග්බි උපදේශක හා තර්ස්ටන් විද්‍යාලයීය රග්බි පුහුණුකරු රෝහිත රාජපක්ෂ හා සහය පුහුණුකරු සසංක ආරියරත්න යන මහත්වරුන් සහභාගී විය.

සාන්ත අන්තෝනිවරු රග්බි පිටියේ ගොදුරු සොයා යන්නට සැරසේ

පාසල් රග්බි පිටියේ සාර්ථක ඉතිහාසයකට හිමිකම් කියන කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට…

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ මංගල තරගය ක්‍රීඩා කිරීමට තර්ස්ටන් කණ්ඩායම සූදානමින් සිටින්නේ C.W.W. කන්නංගර විදුහලට එරෙහිවයි. තරගය මාර්තු 1 වැනිදා තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ සියලු තතුවිත්ති ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<