ලංකා ප්‍රිමියර් ලීගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

744

හෙටින් (06) ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ හෙට (06) පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අද (05) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් මිල දී ගැනීමට හැකි.

හම්බන්තොට දී පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර සතියේ සෑම දිනකම උදෑසන 09 සිට සවස 05 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ලබා ගැනීමට හැකි බව ද ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා.

එමෙන්ම තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.srilankacricket.lk ඔස්සේ ද ලබා ගැනීමට හැකි.

මිල ගණන් කාණ්ඩය කිහිපයක් යටතේ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි වන අතර රු.300, රු.500, රු.800, රු.2500, රු.3000, රු.7000 සහ රු.8000 යන කාණ්ඩ යටතේ එම ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි.

මහනුවර සහ කොළඹ දී පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර තරගයට දින තුනකට පෙර නිකුත් කරන බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<