Home Sinhala Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී

Kandy Falcons දෙවැනි ජයග්‍රහණයත් ලබා ගනී

Lanka Premier League 2022

665

තම මංගල තරගයේ දී ම Colombo Stars කණ්ඩායමට එරෙහිව ලකුණු 109ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් Kandy Falcons ක්‍රීඩකයෝ අද (07) Galle Gladiators කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ද කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුනා.

අද නිමා වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයයි. තෙවැනි තරගය නිමාවේ දී Jaffna Kings ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පිවිස තිබුණ ද, මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් අභිබවා පළමු ස්ථානයට පැමිණීමට Kandy Falcons ක්‍රීඩකයෝ සමත් වුනා.

අද තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Gladiators කඩුලු 8ක් දැවී ලකුණු 121ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Kandy Falcons ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 123ක් ලබා ගත්තා. ඒ වෙද්දී  තවත් පන්දු 30ක් ඔවුන් සතුව තිබුණා.

Kandy Falcons පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම තරගයට ද නම් කර තිබුණු අතර Galle Gladiators පිටියට පිවිසියේ සම්මු අශාන් වෙනුවට 24 හැවිරිදි ආරම්භක වමත් පිතිකරු තනුක දාබරේ එක් කර ගනිමින්.

අද ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • Galle Gladiators: තනුක දාබරේ, කුසල් මෙන්ඩිස් (නායක), Azam Khan (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, මොවින් සුබසිංහ, Iftikhar Ahmed, Imad Wasim, පුලින තරංග, Wahab Riaz, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර.
  • Kandy Falcons: පැතුම් නිස්සංක, Andre Fletcher (කඩුලු රකින්නා), Carlos Brathwaite, අශේන් බණ්ඩාර, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග (නායක), චාමික කරුණාරත්න, Fabian Allen, ඉසුරු උදාන, Zahoor Khan, අශේන් ඩැනියෙල්.

කාසියේ වාසිය දිනා ගත් Galle Gladiators පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්ත ද, ඔවුන්ට සිතූ සේ යමක් කිරීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ පළමු පන්දුවාර 6 තුළ දී ලකුණු 29කට කඩුලු 5ක් දවා ගැනීමට Kandy Falcons පන්දු යවන්නෝ සමත් වෙනවා.

ආරම්භක පිතිකරු ලෙසින් LPL මංගල ඉනිමට සහභාගී වූ තනුක දාබරේට (0) පිටියේ රැදී සිටීමට අවසර ලැබුණේ පන්දු 2කට පමණයි. ඔහුගේ කඩුල්ල Zahoor Khanට හිමි වුනා. ඒ පෙරළා ඔහු වෙත ම උඩ පන්දුවක් ලබා දීම නිසා.

අනතුරුව පන්දුවාරයේ දී අංක 1 පිතිකරු Azam Khan (1) පිටියෙන් ඉවත් කිරීමට Carlos Brathwaite සමත් වුනා. ඊට දායක වුනේ අශේන් ඩැනියෙල්. ඒ වෙද්දී ගාලු ක්‍රීඩකයන් ලබා සිටියේ ලකුණක් පමණයි.

නැවත වතාවක් ක්‍රියාත්මක වු Brathwaite සිව්වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී නුවනිඳු ප්‍රනාන්දු දවා ගැනීමට සමත් වුනා. ඒ වෙද්දී නුවනිඳු පන්දු 8කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා සිටියා.

නුවනිඳු ලබා දුන් උඩ පන්දුව රැක ගැනීමට යෑමේ දී චාමික කරුණාරත්නගේ මුහුණේ පන්දුව වැදුණ අතර, ඉන් අනතුරුවයි ඔහු උඩ පන්දුව රැක ගනු ලැබුවේ. මේ හේතුවෙන් චාමිකගේ දත් කිහිපයක් කැඩි ඇති බවත් සහ ඔහුට ශල්‍යකර්මයක් කිරීමට සිදු වනු ඇතැයි ද වාර්තා වනවා.

Brathwaite විසින් යැවුණ එම පන්දු වාරයේ ම තෙවැනි පන්දුවේ දී Iftikhar Ahmed එකඳු ලකුණක් හෝ ලබා නොගනිමින් පිටියෙන් ඉවත් වුනා. ඒ වෙද්දී ගාලු ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 19ක් ලෙසයි.

අනතුරුව එතෙක් පිටියේ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් සිටි නායක කුසල් මෙන්ඩිස් ද දවා ගැනීමට Brathwaite සමත් වෙනවා. Fine Leg කලාපයේ පන්දු රැකි Zahoor Khan රැක ගත් උඩ පන්දුවෙන් ඔහුගේ ඉනිම අවසන් වෙද්දී, පන්දු 11කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා.

ඒ වෙද්දී Galle Gladiatorsලාගේ පිතිකරුවන් හරි අඩක් ක්‍රීඩාගාරයට හරවා යවා තිබුණු අතර ලකුණු ලබා දී තිබුණේ 28ක් පමණයි. දැවී ගිය කඩුලු 5න් 4ක් ම Brathwaite සතු වූ අතර ඔහු තම පන්දුවාර 4 තුළ ලබා දී තිබුණේ ලකුණු 14ක් පමණයි. එය ඔහුගේ විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීම බවට ද වාර්තා වූ අතර තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ද ඔහුගේ මේ දක්ෂතාවයි.

ඒ වෙද්දී පිටියේ එක් ව සිටි මොවින් සුබසිංහ සහ Imad Wasim ගාලු ඉනිම ලකුණෙන් ලකුණ ගොඩ ගැනීමේ නිරත වුනා. ඒ ගමනේ දී සුබසිංහ දවා ගැනීමට තිබූ පහසු අවස්ථා 3ක් මහනුවර ක්‍රීඩකයෝ මඟ හැර ගත්තා. ඒ ලද අවසරයෙන් ඔවුන් දෙදෙනා එක් ව පන්දු 51ක් තුළ ලකුණු 50ක සබඳතාවක් 6 වැනි කඩුල්ලට එක් කිරීමට සමත් වුනා.

එම කඩුල්ලේ සබඳතාව ලකුණු 65ක් වෙද්දී නිමා කෙරෙන්නේ Zahoor Khanගේ පන්දුවකට වනිඳු හසරංග වෙත උඩ පන්දුවක් දෙමින් සුබසිංහගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා. එය ගාලු ඉනිමේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

අනතුරුව Wahab Riazගේ ඉනිම ලකුණු 9කට සීමා කිරීමට වනිඳු සමත් වූ සමත් වූ අතර එතෙක් වේලා පිටියේ ආරක්ෂා වෙමින් ලකුණු පුවරුව සක්‍රීය කරමින් සිටි Imad Wasim දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුනා. Imad ඒ වෙද්දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණ 34ක් ලබා සිටියා.

ගාලු ඉනිම අවසන් වන විට පුලින තරංග (6) සහ නුවන් ප්‍රදීප් (2) නොදැවී පිටියේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී Brathwaiteට අමතර ව Zahoor Khan කඩුලු 2ක් දවා ගත් අතර ඉසුරු උදාන සහ වනිඳු හසරංග කඩුල්ල බැගින් බෙදා ගත්තා.

හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Kandy Falconsලාගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ද එතරම් සාර්ථක වුනේ නැහැ. පෙර තරගයේ දී ශතක සබඳතාවක් එක් වූ ඔවුන්ගේ පළමු කඩුල්ල මෙවර ලකුණු 30කට සීමා වුනා. ඒ පෙර තරගයේ ශතකලාභී Andre Fletcher, නුවන් ප්‍රදීප් සහ කඩුලු රැකි ක්‍රීඩක Azam Khan එක්ව ලකුණු 20කට සීමා කිරීමත් සමඟින්.

අනතුරුව එතැන් සිට තවත් ලකුණු 29ක් එක් වූ තැන පෙර තරගයේ අර්ධ ශතකලාභී පැතුම් නිස්සංකගේ ඉනිම අවසන් කිරීමට නුවන් තුෂාර සමත් වුනා. ඊට නැවත වතාවක් Azam Khan එක් වුනා. පැතුම්ට අද තරගයේ දී ලබා ගත හැකි වූයේ පන්දු 21ක දී ලකුණු 22ක් පමණයි. කෙසේ වෙතත් එම ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුලත් ව තිබුණා.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් අශේන් බණ්ඩාර (3) අඩු ලකුණු සංඛ්‍යාවකට ඉනිම හැර ගියේ Iftikhar Ahmedගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ ගැටීම නිසා. අනතුරුව Fabian Allen ද නුවන් ප්‍රදීප් හමුවේ ලකුණු 10කට තම ඉනිම හැර ගියා.

පළමු කඩුල්ල දැවී යෑමෙන් පසුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගනිමින් මහනුවර ලකුණු පුවරුව ජයග්‍රාහී මාවතට රැගෙන යෑමේ දී වැඩි දායකත්වයක් දැක්වූවා. 5 වැනි කඩුල්ල ලෙසින් පුලින තරංගගේ පන්දුවකට ඔහු දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ 115ක් ලෙසයි.

අනතුරුව පිටියට පිවිසි නායක වනිඳු හසරංග ඊළඟ පන්දු 3 තුළ හතරේ පහර 2ක් එල්ල කරමින් තරගය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට සමත් වුනා. ඒ වෙද්දී පිටියේ අනෙක් අන්තයෙන් නොදැවී රැඳී සිටි Carlos Brathwaite ලකුණු 4ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 34කට කඩුලු 2ක් ලබා සිටි අතර නුවන් තුෂාර, Iftikhar Ahmed සහ පුලින තරංග කඩුල්ල බැගින් බෙදා ගත්තා.

Result


Galle Gladiators
121/8 (20)

Kandy Falcons
123/5 (15)

Batsmen R B 4s 6s SR
Thanuka Dabare c & b Zahoor Khan 0 2 0 0 0.00
Kusal Mendis c Zahoor Khan b Carlos Brathwaite 14 11 3 0 127.27
Azam Khan c Ashian Daniel b Carlos Brathwaite 1 4 0 0 25.00
Nuwanidu Fernando c Chamika Karunaratne b Carlos Brathwaite 13 8 1 1 162.50
Iftikhar Ahmed b Carlos Brathwaite 0 2 0 0 0.00
Movin Subasingha c Wanidu Hasaranga b Zahoor Khan 40 38 4 2 105.26
Imad Wasim c Ashian Daniel b Isuru Udana 34 39 2 0 87.18
Wahab Riaz c Isuru Udana b Wanidu Hasaranga 9 7 1 0 128.57
Pulina Tharanga not out 6 5 0 0 120.00
Nuwan Pradeep not out 2 4 0 0 50.00


Extras 2 (b 0 , lb 2 , nb 0, w 0, pen 0)
Total 121/8 (20 Overs, RR: 6.05)
Bowling O M R W Econ
Zahoor Khan 4 0 26 2 6.50
Carlos Brathwaite 4 1 14 4 3.50
Isuru Udana 4 0 19 1 4.75
Ashian Daniel 2 0 10 0 5.00
Wanidu Hasaranga 4 0 34 1 8.50
Fabian Allen 2 0 16 0 8.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Nuwan Thushara b Azam Khan 22 21 3 1 104.76
Andre Fletcher c Azam Khan b Nuwan Pradeep 20 14 3 1 142.86
Kamindu Mendis c Wahab Riaz b Pulina Tharanga 44 34 4 2 129.41
Ashen Bandara b Iftikhar Ahmed 3 5 0 0 60.00
Fabian Allen c Iftikhar Ahmed b Nuwan Pradeep 10 10 1 0 100.00
Carlos Brathwaite not out 4 4 1 0 100.00
Wanidu Hasaranga not out 8 3 2 0 266.67


Extras 12 (b 1 , lb 3 , nb 1, w 7, pen 0)
Total 123/5 (15 Overs, RR: 8.2)
Bowling O M R W Econ
Wahab Riaz 3 1 22 0 7.33
Nuwan Pradeep 3 0 34 2 11.33
Nuwan Thushara 3 0 18 1 6.00
Imad Wasim 3 0 18 0 6.00
Iftikhar Ahmed 1 0 7 1 7.00
Pulina Tharanga 2 0 20 1 10.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<