ශ්‍රී ලංකා ඉලක්කයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

441

6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ තවත් තරග කිහිපයක් අද (24) කොළඹ SSC හා NCC ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්විය. අද පැවති තරගවලින් බංග්ලාදේශ, ඉන්දීය හා පාකිස්තාන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගනී

ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් RED BULL විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ – ලෝක අවසන් මහා තරගවලට…….

බංග්ලාදේශය හා සිම්බාබ්වේ

කොළඹ NCC පිටියේ පැවති මේ තරගයෙන් ලකුණු 140ක දැවැන්ත ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 218ක් රැස් කළේය.

දකුණතින් පිතිකරණයේ නිරත වන සාබිත් හුසේන් හා එයිසින් අර්ෆට් විසින් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක වේගවත් සබඳතාවයක් ගොඩනංවන ලදි. එය සවිමත් අඩිතාලම බවට සකස් කර ගත් බංග්ලාදේශ මැදපෙළ පිතිකරුවන් වන ශායිෆුල් ඉස්ලාම් ඇතුළු පිතිකරුවන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා පවත්වාගත් දල ලකුණු ලබා ගැනීමේ වේගයට හානියක් නොවන ලෙස සිය වගකීම ඉටු කළහ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සාබිත් හුසේන් 4 පහර 8ක් හා 6 පහර 5ක් එල්ල කරමින් වේගවත් ලකුණු 89ක් ලබා ගත්තේ පන්දු 45ක් තුලයි. ඔහුට සහය වූ අර්ෆට් ලකුණු 42කට දැවී ගියේය.

පිළිතුරු ඉනිම දියත් කළ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9ක් පමණක් දැවී ලබා ගත්තේ ලකුණු 78ක් පමණයි. ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කරගත් බිල් කවම්බානා ලබා ගත් කඩුලු දෙකට අමතරව පිතිකරණයෙන් ද ලකුණු 26ක් ලබා ගත්තේය. අන්ජුම් අහමඩ් ලකුණු 9කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

බංග්ලාදේශය – 218/6 (20): සාබිත් හුසේන් 89, එයිසින් අර්ෆට් 42, බිල් කවම්බානා 2/32.

සිම්බාබ්වේ – 78/9 (20): බිල් කවම්බානා 26, අන්ජුම් අහමඩ් 3/09.

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් නායකයා මාරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන මාසයේ ආරම්භ වන එංගලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා……


ශ්‍රී ලංකාව හා ඉන්දියාව

මේ කණ්ඩායම් දෙකම අද දිනය සඳහා පිටියට අවතීර්ණ වූයේ තමන් සහභාගී වූ පළමු තරග දෙකම ජයග්‍රහණය කරමිනි. SSC පිටියේ පැවති මේ තරගය නියමිත පරිදි ආරම්භ කිරීමට නොහැකි වූ නිසා එක් ඉනිමක් පන්දුවාර 18කට සීමා කිරීමට විනිසුරුවරුන් කටයුතු කරන ලදි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 105කට සීමා කළේය. ආරම්භක පිතිකරු මලිඳු මදුරංග හා කඩුලු රකින මැදපෙළ පිතිකරු දිනුක් වික්‍රමනායක පිළිවෙළින් ලකුණු 32ක බැගින් ලබාගෙන ශ්‍රී ලංකා ලකුණු පුවරුව යම්තාක් මට්ටමකට ඔසවා තැබුවේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රොහාන් ඩම්ලේ කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දුකරණයක නිරත විය.

ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 106ක ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේ පන්දුවාර 14යි පන්දු 2ක් තුල කඩුලු 3ක් පමණක් වැය කරමිනි. මුර්ටසා ශබීර් නොදැවී ලකුණු 46*ක් ලබා ගත්තේ ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක දැවැන්ත ජයග්‍රහණයක් වෙත රැගෙන යමිනි. මදුශාන් රවිචන්ද්‍රකුමාර් කඩුලු 3යි.

ශ්‍රී ලංකාව – 105/10 (17.5): මලිඳු මදුරංග 32, දිනුක් වික්‍රමනායක 32, රොහාන් ඩම්ලේ 4/10.

ඉන්දියාව – 106/3 (14.2): මුර්ටසා ශබීර් 46*, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 3/34.

දසුන් ශානක සහ ලක්ෂාන් සඳකැන් වෙළඳසේවා පිටිය වර්ණවත් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති තරගවල දී දසුන් ශානක සහ……


පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය

දිනයේ ක්‍රියාත්මක වූ තියුණුම හා බොහෝ දෙනාගේ අවධානය යොමු වූ මේ තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් විය.

කාසියේ වාසිය සිය වාසියට හරවා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමුව පිතිකරණයේ නිරත විය. රෝහිත් ජම්වාල් හා චිරාග් සූරී යන සුපිරි පිතිකරුවන් දෙදෙනා පළමු කඩුලු 2ක තුල ලකුණු 132ක් රැස්කර ගනිමින් කණ්ඩායමේ මූලික අඩිතාලම සකසාලන ලදි. චිරාග් පන්දු 41ක් තුල ලබාගත් ලකුණු 53 සඳහා 4 පහර 7ක් හා එක් 6 පහරක් එල්ල කළ අතර ලකුණු 62ක් ලබාගත් රෝහිත් ජම්වාල් සිය ඉනිම 4 පහර 4කින් හා 6 පහර 3කින් අලංකාරවත් කරගත්තේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු 179 පසුපස හඹාගිය පාකිස්තානයට අවසන් පන්දුවාරය දක්වා ඉතාමත් හොඳ තරගයක් ලබා දීමට එක්සත් අරාබි එමීර් පන්දු යවන්නන් සමත් විය. කෙසේ නමුත් පාකිස්තානු පිතිකරුවන් වන කුරාම් ශාසාඩ්, අර්සාලන් ෆර්සාන්ඩ් හා සුලේමාන් ඝානි ඔවුන්ගේ පිතිකරණ බලඇණිය සවිබලගන්වමින් ඉතාමත් ක්‍රමවත්ව ලකුණු ලබා ගත්හ. කුරාම් ශාසාඩ් ලකුණු 41යි. පන්දු යැවීමේ දී මෙහෙදී අසාරියා කඩුලු 3ක් දවා ගන්නා ලදි. තරගය කොළඹ SSC පිටියේ දී පැවැත්විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 179/6 (20): රෝහිත් ජම්වාල් 62, චිරාග් සූරී 53, මොහොමඩ් අලී 3/22.

පාකිස්තානය – 180/6 (19): කුරාම් ශාසාඩ් 41, අර්සාලන් ෆර්සාන්ඩ් 31, සුලේමාන් ඝානි 30*, මෙහෙදී අසාරියා 3/26.

තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (25) පහත පරිදි පැවැත්වේ.

  • ඉන්දියාව හා පාකිස්තානය – NCC  – උදෑසන 10.00
  • සිම්බාබ්වේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය – SCC – උදෑසන 10.00am
  • ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය – NCC  – දහවල් 2.00

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<