මාතර සාන්ත තෝමසුවන් ජයග්‍රාහීව දිනය නිමා කරයි

417

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග කිහිපයක් හා තවත් සුහද තරග කිහිපයක් අද (5) දිනයේ දී පැවති අතර අද දිනයේ නිමා වූ එම තරග අතරින් මාතර සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 121ක ජයක් ලබා ගනිමින් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය පරාජය කළේය. ශ්‍රී  ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මේ තරගාවලිය අධීක්ෂණය කරනු ලබයි

කෞමාල්ගේ දක්ෂ පන්දු යැවීම වේල්ස් කුමරුවන්ට ජය ගෙනේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ අද දිනය (05) ආරම්භ කරන විට මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළ ලකුණු 249ට පිළිතුරු ලෙසින් ඉසිපතන ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 118ක් ලබා සිටිය හ. මේ තරගය අවසන් වූයේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා දෙමිනි.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් රවිඳු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් රැස් කළේය. කාලික් අමත් ලබා ගත් ලකුණු 33 වෙනුවෙන් වැය කළේ පන්දු 46ක් පමණි. එම ඉනිම හතරේ පහර 3ක් සමඟින් එක් හයේ පහරකින් වර්ණවත් විය. අවසානයේ ඉසිපතන විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 159කට සීමා විය. සිය දෙවන ඉනිම දියත් කළ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 165ක් ලබාගෙන සිය ඉනිම අත්හිටු වූයේ ඉසිපතන විද්‍යාලයට ලකුණු 256ක ඉලක්කයක් ලබා දෙමිනි. ආමන්ත පෙරේරා  හා කෙවින් පෙරේරා නොදැවී අර්ධ ශතක ලබාගෙන මාරිස් ස්ටෙල්ලා ඉනිම සවිමත් කළේය.

පිළිතුරු ඉසිපතන විද්‍යාල දෙවන ඉනිමේ දී රවිඳු රත්නායක හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 52ක් වාර්තා කිරීමට සමත් විය.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පළමු ඉනිම – 249 (59.2): රවිඳු ප්‍රනාන්දු 90, අශාන් ප්‍රනාන්දු 72, මනීෂ සිල්වා 31, කෙවින් පෙරේරා 26, තෙවිඳු දික්වැල්ල 3/04, රවිඳු රත්නායක 3/46, මධුශික සඳරුවන් 2/89.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 159 (55): රවිඳු රත්නායක 54, කාලික් අමත් 33, අවීෂ කේෂාන් 4/38, පසිඳු උෂෙට්ටි 3/46, රවිඳු ප්‍රනාන්දු 3/46.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාල දෙවන ඉනිම – 165/3d (30): ආමන්ත පෙරේරා  58*, කෙවින් පෙරේරා 55*, සහන් පෙරේරා 24, චතුර අනුරාධ 22.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 78/5 (14): රවිඳු රත්නායක 52, රවිඳු ප්‍රනාන්දු 3/24, පසිඳු උෂෙට්ටි 2/42.


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ඊයේ (04) ආරම්භ වූ මෙම තරගය ලකුණු 121කින් ජය ගැනීමට මාතර සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ.

දිනය ආරම්භ වෙන විට  පිටියට පිවිසි සංචාරක සාන්ත මරියා ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 56ක් ලබා ඉතා අසීරු අවස්ථාවකට මුහුණ දී සිටි අතර අවසානයේ ඔවුන්ගේ මුල් ඉනිම ලකුණු 77කට සීමා කිරීමට හිරුෂ ජීවජිත් ඇතුළු පන්දු යවන්නන් සමත් විය. සාන්ත තෝමස් විද්‍යාලය සිය දෙවන ඉනිම අත්හිටුවන ලද්දේ ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කයක් සාන්ත මරියා විද්‍යාලයට ලබා දෙමිනි. නමුත් ඔවුන් සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 98ක් පමණි. පන්දු යැවීමේ දී තරගය පුරාවට කඩුලු 6ක් දවාලමින් දස්කම් දැක්විය.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 201 (63.1): හරිඳු ජයසේකර 62, නිපුන් රචිර 55*, මිහිසල් අමෝද 28, එච්. වයි. දියගම 3/66, ඩී. කේ. අබේවර්ධන 2/12, ඩබ්ලිව්. එස්. අයි. වීරසූරිය 2/48.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 77 (38.3): හිරුෂ ජීවජිත් 4/17, සචිර රශ්මික 2/08, රවිඳු රිද්මල් 2/32.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 95/2d (23): හරිඳු ජයසේකර 51*, මිහිසල් අමෝද 36, එස්. අයි. වීරසූරිය 2/30.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම – 98 (44.3): සචිර රශ්මික 4/24.

දාබරේගෙන් ඩී. එස්. ලකුණු පුවරුවට අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල්


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (04) ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා සිටියේ ය. අවසානයේ මේ තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් විය.

C කාණ්ඩයේ තරගයක් ලෙසින් ක්‍රියාත්මක වන මෙම තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ජනිශ්ක පෙරේරා ලකුණු 84ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නිශිත අබිලාශ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 47කි. පන්දු යැවීමේ දී ලහිරු විතාන ලකුණු 67කට කඩුලු 3ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 270 (95.3): ජනිශ්ක පෙරේරා 84, නිශිත අබිලාශ් 47, ටෂීක් පෙරේරා 34, සොනාල් ගමගේ 3/32, ලහිරු විතාන 3/73, විහඟ රුහුණගේ 2/46.

මහානාම විද්‍යාල පළමු ඉනිම –  283/7d (79.1): පවන් රත්නායක 116, සොනාල් ගමගේ 62, පවන්ත වීරසිංහ 49, විනුජ රණසිංහ 4/69

සාන්ත සෙබස්තියන් විද්‍යාල දෙවන ඉනිම – 44/1 (13):


කෝට්ටේ ජනාධිපති විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගය බුලත්සිංහල දී පැවැත්වුණු අතර ධර්මාශෝක විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමික රදෙමින් තරගය අද නිමා විය.

කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය ජනාධිපති විද්‍යාල පළමු ඉනිම ලකුණු 130කට සීමා කරමින් එයට පිළිතුරු ලෙස ලකුණු 185ක් ලබා ගත්තේ සේන කේසර ලබාගත් අර්ධ ශතකයත් සවියක් කරගෙනයි. දිනිත් නෙලුම්දෙණිය කඩුලු 4යි. ජානධිපත් විද්‍යාලය සිය දෙවන ඉනිමට ලකුණු 197ක් ලබාගෙන ඉනිම අත්හිටුවා ලකුණු 143ක ජයග්‍රාහී ඉලක්කයක් ධර්මාශෝක විද්‍යාලයට ලබා දුන් නමුත් එය හඹා යාමට පෙර දිනය නිමා විය.

ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 130 (39.2): ටශික නිර්මාල් 27, ලෝහාන් අරෝෂණ 6/36.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 185 (66): සේන දේසායි 67, දිනුක ඩිල්ශාන් 24, දිනිත් නෙලුම්දෙණිය 4/57.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම – 197/9d (33.5): සේන කේසර 63, ටශික නිර්මාල් 30, ලෝහාන් අරෝෂණ 3/33.

ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම – 9/0 (5):


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පිටියේ පැවති මේ තරගයේ අද දිනය නිමා වෙන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 152ක් ලබාගෙන සිටියේ සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම අභිබවා යමිනි.

කාසියේ වාසිය සිය වාසිය හරවා ගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් කවීෂ විලෝචන නොදැවී ලකුණු 32*ක් ලබාගෙන සිය විද්‍යාල ලකුණු සටහන ලකුණු 114ක්  ගියේය. රුවින් සෙනෙවිරත්න කඩුලු 3යි. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටින සන්තුෂ් ගුණතිලක හා නායක රන්මිත් ජයසේන නොදැවී අර්ධ ශතක ලබාගන්නා ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 114 (42.4): කවීෂ විලෝචන 32*, රුවින් සෙනෙවිරත්න 3/24.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 152/2 (40): සන්තුෂ් ගුණතිලක 66*, රන්මිත් ජයසේන 54*.


කැලණිය ගුරුකුල විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ පළමු දිනය නිමා වෙද්දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 234ක් ලබාගෙන සිටියේ ගුරුකුල විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 157ක් පසුපසින් සිටිමිනි.

සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඇරයුමින් ලකුණු පුවරුවට ආරම්භය ලබාදුන් ගුරුකුල විද්‍යාලය සි අප්ලමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 180ක් ලබාගත්  අතර දකුණතින් පිතත් හසුරුවන නුවන් චානක 4 පහර 5ක් එල්ල කරමින් අගනා අර්ධ ශතකයක් ලබා ගත්තේය. ශානක ඉෂාර ලකුණු 46යි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන විහඟ රුවනාර එක් ලකුණකට කඩුලු 3ක්  දවා ගනිමින් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සහය විය.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 180 (66.4): නුවන් චානක 62, ශානක ඉෂාර 46, විහඟ රුවනාර 3/01, ඕනිල බිනූෂ 2/17.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 23/2 (8.1):


මරදාන සහිරා විද්‍යාලය  හා පානදුර රාජකීය විද්‍යාලය

මොහොමඩ්  රිෆාත්ගේ පිතිකරණයෙන් වර්ණවත් වූ මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක සහිරා විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 358ක් රැස්කර ගත්තේය. තරගයේ පළමු දිනය අවසන් වෙද්දී පානදුර රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 14ක් ලබාගෙන  සිටින ලදි.

කාසියේ වාසිය දිනා ගත් සහිරා විද්‍යාලය පළමුව ලකුණු රැස්කරද්දී මොහොමඩ් රිෆාත් එහි පෙරමුණ ගන්නා විට මොහොමඩ් ශමාස්  අවාසනාවන්ත ලෙස ලකුණු 98කට දැවී ගියේය. චතුර දිල්රුක්ෂණ ලකුණු 38යි.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 358/6d (62): මොහොමඩ් රිෆාත් 106*, මොහොමඩ් ශමාස් 98, චතුර දිල්රුක්ෂණ 38, ඉමිතියාස් සලසා 27*, අකිල සෙනේෂ් 2/69.

රාජකීය විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 14/4 (17):


පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

තවත් එක් සුහද තරගයක් වූ මෙය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිටියේ පැවැත්විය. කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දු යවා ධර්මපාල විද්‍යාල ඉනිම ලකුණු 103කට සීමා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් පළමු දිනය නිමාව කරා රැගෙන ගිය සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 201ක් ලබාගෙන ආරම්භක දිනය තුලම පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගත්තේය.

සාන්ත තෝමස් විද්‍යාලයේ  උමයංග සුවාරිස් මේ තරගයේ පළමු දිනය තුල කැපී පෙනුන ක්‍රීඩකයා වූයේ පන්දු යැවීමෙන් කඩුලු 3ක් හා පිතිකරණයෙන් නොදැවී ලකුණු 60*ක් ලබා ගනිමිනි . රවිඳු ද සිල්වා ලකුණු 40යි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 103 (46.4); අශේන් එගොඩගේ 29, උමයංග සුවාරිස් 3/21, රන්දිව් ගුණසේකර 2/12, තෙවින් ඊරියගම 2/14.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 201/5 (39): උමයංග සුවාරිස් 60*, රවිඳු ද සිල්වා 40, දිල්මිණ රත්නායක 29, ලක්ෂිත මුණසිංහ 3/74.

පළමු  දිනයට පැවති තරග හෙට (5) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මකයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<