ෂේන් වොට්සන් බිග් බෑෂ් පිටියට සමුදෙයි

147

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වොට්සන් ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඒ ඔහු ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවය. ඒ අනුව ඔහු ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් පිටියටද සමුදෙනු ඇත.

වොට්සන්ගේ ගිනිකෙළිවලින් චෙන්නායි පළමු තැනට

IPL උණුසුම තවත් වැඩි කරමින් ෂේන් වොට්සන්ගේ සුපිරි ඉනිමේ සහයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කරමින්


2016 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් වොට්සන් සිව් වසරක කොන්ත්‍රාත්තුවක් සඳහා සිඩ්නි තන්ඩර් කණ්ඩායම හා එක්විය. මීට පෙර ඔහු සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට සහ බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට ක්‍රීඩාකර තිබිණි.

අවසන් තරගවාර තුනේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඔහු එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ 26.68ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමින්, ලකුණු 1014ක් රැස් කරමිනි. ඔහු 2018-19 තරග වාරයේ බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට එරෙහිව පන්දු 61කින් ශතකයක් වාර්තා කරන්නටද සමත් විය.

පසුගිය වසරේදී වොට්සන් සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟ පැවති සිය කොන්ත්‍රාත්තුව වසර දෙකක් සඳහා දිගු කළත් ඔහු තීරණය කර ඇත්තේ සිය පවුලට වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් බිග් බෑෂ් පිටියට සමු දීමටය.

“සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟින් සිටි සියලු දෙනාටම මං මගේ හද පතුලෙන්ම ස්තූතිවන්ත වෙනවා. සිඩ්නි තන්ඩර් ප්‍රේක්ෂකයින් නැති අඩුව මට ගොඩක් දැනේවි. සාර්ථක අසාර්ථක සෑම වෙලාවකම ඔවුන් අප එක්ක හිටියා” යැයි වොට්සන් පවසා සිටියේය.

“අවසාන වශයෙන් මගේ කණ්ඩායමේ සගයින්ට සුබ පතනවා. මං මේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරද්දී ඉතා හොඳ මිනිස්සු සමඟ ක්‍රීඩාකළා. මං හදවතින්ම හැමෝටම ඉදිරි තරගවාරය සාර්ථක වෙන්න කියලා සුභපතනවා” යැයි වොට්සන් වැඩිදුරටත් පැවසීය.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක කෙවින් රොබර්ට්ස් මහතා Cricinfo වෙබ් අඩවියට මෙසේ අදහස් දක්වා තිබුණි.

“ෂේන් වොට්සන් ක්‍රිකට් පිටියට දායාද වුණු හොඳම සීමිත ඕවර ක්‍රීඩකයෙක්. ඔහු ඉතා දක්ෂ සහ ඉතා ප්‍රවේගකාරී පිතිකරුවෙකු ද වුණා.”

“වසර විස්සකට ආසන්න ක්‍රිකට් දිවියක් හිමි වොට්සන් ඕස්ට්‍රේලියානු අන්තර්ජාතික ක්‍රිකට් පිටියට මෙන්ම දේශීය ක්‍රිකට් පිටියටත් ඉමහත් සේවයක් ඉටුකළා.”

ඇලෙක්ස් හේල්ස්ට ක්‍රිකට් තහනමක්

අන්තරායකර ඖෂධ භාවිතා කිරීමේ චෝදනාව හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙක්ස්


සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෂේන් බොන්ඩ් ද වොට්සන් ගේ නික්මයෑම පිළිබඳව අදහස් දක්වා තිබුණි.

“මං ඔහුට විරුද්ධවත් ටිකක් ක්‍රීඩා කරලා තියනවා. ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. මං ඉදිරියටත් ඔහුත් සමඟ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහුත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි.”

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ද ක්‍රීඩා කරන වොට්සන් පසුගිය සතියේ පැවති තරගයකදී ලකුණු 96ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්නට ද සමත් විය.


                              >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<